රාජභටවත්ථුකථා
රාජභටවස්තුවෙහි - “පච්චන්තං උච්චිනථ” ප්රත්යන්තය වඩවු. සොරුන් පලවාහැර සොරබියෙන් නැගීගිය ගමෙහි වාසය කරවා, ආරක්ෂාවදී ගොවිකම් ආදිය පවත්වාලවු’යි කියන ලද්දේ වේ. රජතෙමේ වනාහි සොතාපන්න බැවින් ‘සොරුන් නසවු, වනසවු’යි නොඅණවයි. “උපජ්ඣායස්ස දෙව සීසං ඡෙත්තබ්බං” යනාදි සියල්ල ‘පැවිද්දෙහි උපාද්ධ්‍යායතෙමේ ශ්‍රේෂ්ඨය, අනතුරුව ආචාර්‍ය්‍යතෙමේ ශ්‍රේෂ්ඨය, ඉන් ගණය ශ්‍රේෂ්ඨය’යි සිතා මෙය අධිකරණ විනිශ්චයෙහි ආයේය’යි කීහ. “න භික්ඛවෙ රාජභටො පබ්බාජෙතබ්බො” මෙහි අමාත්‍යයෙක් හෝ වේවා, මහාමාත්‍යයෙක් හෝ සේවකයෙක් හෝ කිසිතනතුරකට පැමිණියෙක් හෝ නොපැමිණියෙක් හෝ වේවා, යම්කිසි රජුගේ බත්වැටුපෙන් රැකෙන්නෙක්වේද, ඒ සියලු දෙන රාජභටැයි ගිණීමට යන්නේය. හෙතෙමේ පැවිදි නොකටයුතුය. ඔහුගේ පුත්රභාතෘවූ යම් කෙනෙක් රජුගෙන් බත්වැටුප් නොගනිත්ද, ඔවුන් පැවිදිකිරීම වටියි. යමෙක් වනාහි රජුගෙන් ලැබූ නිබද්ධභොගයක් හෝ මාස අවුරුදු වැටුපක් හෝ රජුටම පාවාදේද, පුත්‍ර භාතෘන්ට හෝ එතැන පාවාදී ‘මම දැන් දෙවයන්වහන්සේගේ භටයෙක් නොවෙමි’යි රජු විචාරාද, යමකු විසින් කර්මයක් කිරීමෙන් යම් වැටුපක් ගන්නා ලදද, ඒ කර්මය කරන ලද්දේවේද, යමෙක් හෝ ‘පැවිදිවවු’යි රජු විසින් අනුදන්නා ලද්දේ ද, ඔහුද පැවිදි කිරීම වටියි.
චොරවත්ථුකථා
චෞර වස්තූන්හි - “මනුස්සා පස්සිත්වා” යම්කෙනකුන් විසින් ගිහිකල්හි පෙරදක්නා ලද්දේම ‘මේ හෙතෙමේ’යි අන්හු අතින් අසත්ද, ඔවුන් දැක “උබ්බිජ්ජන්තිපි -පෙ- ද්වාරම්පි ථකෙන්ති” යම්කෙනෙක් නොදනිත්ද, ඔවුන්ගේ ගෙවල භික්ෂාව ලබයි. “නභික්ඛවෙ” භාග්‍යවතුන් වහන්සේ තුමු ධර්මස්වාමීහු වෙති. එහෙයින් මතුවෙහි නොකරනු පිණිස භික්ෂුන්ට ශික්ෂාපද පනවනසේක් මෙසේ වදාළ සේක. එහි ධ්වජයක් බැඳමෙන් හැසිරේනුයි ධජබන්ධ නම්. මූලදේවාදීන් මෙන් ලොකයෙහි ප්රකටැයි කියන ලද්දේ වේ. එහෙයින් යමෙක් ගම්නැසීමක් හෝ මංපැහැරීමක් හෝ නුවර හන්දිසිඳීම් ආදි කර්මයක් හෝ කරමින් හැසිරේද, ‘අසුවල් තෙමේ මේ මේ කර්ම කෙරේය’යි ප්‍රසිද්ධවේද, හෙතෙමේ පැවිදි නොකටයුතුය. යම් රාජපුත්රයෙක් තෙමේ රාජ්‍යය පතමින් ගම්නැසීම් ආදිය කෙරේද, හෙතෙමේ පැවිදි කටයුතුය. රජහුවනාහි ඔහු පැවිදිවූ කල්හි සතුටුවෙත්. සතුටු නොවෙත්නම් පැවිදි නොකටයුතුය. පෙර මහජනයා මැද ප්‍රකටවූ සොරෙක් පසුව සොරකම් හැරදමා පන්සිල් සමාදන්වේද, මනුෂ්‍යයෝ ඔහු ගැන මෙසේ දනිත්ද පැවිදි කටයුතුය. යම් කෙනෙක් අඹලබුආදිය සොරකම් කරන්නාහු හෝ ගෘහසන්ධිසිඳීම් ආදියකරන සොරහුම හෝ නොදක්නා ලබන්නාහු සොරකම් කරත්ද පසුද, ‘මොහු විසින් නම් මෙය කරන ලදැ’යි නොපෙණෙත්ද ඔවුන්ට පැවිදි කිරීම වටියි.
[missing trans] “අභයූවරා” මෙහි බියෙන් වැළකෙත්නුයි භයූවර නම. මොවුහු වනාහි ලැබූ අභය ඇති බැවින් ‘න භයූවරා’යි අභයූවර නම් වෙති. මෙහි පකාරයට වකාරය කරණ ලදැයි දතයුතුය. “න භික්ඛවෙ කාරභෙදකො” සිරගෙය කාරයි කියනු ලැබේ. මෙහි අන්දුබන්ධනයක් හෝ වේවා, සඞ්ඛලික බන්ධනයක් හෝ වේවා, රජ්ජුබන්ධනයක් හෝ වේවා, ගාමබන්ධනයක් හෝ වේවා, නිගමබන්ධනයක් හෝ වේවා, නගරබන්ධනයක් හෝ වේවා, පුරිසගුත්තියක් හෝ වේවා, ජනපදබන්ධනයක් හෝ වේවා දීපබන්ධනයක් හෝ වේවා, යමෙක් මේ බන්ධනයන් අතුරෙහි යම්කිසි බන්ධනයක් බිඳ හෝ සඞ්ඛලික බන්ධනය සිඳ හෝ රජ්ජුබන්ධනය මුදා හෝ ග්රාමබන්ධනාදීන්ගේ දොරකොටු ආදිය හැර හෝ දක්නාකල්හි හෝ නොදක්නාකල්හි හෝ පලායේද, හෙතෙමේ කාරභෙදකයි ගිණීමටයේ. එහෙයින් මෙබඳු කාරභෙදක සොරෙක් දීපබන්ධනය බිඳ දීපාන්තරයට ගියේද පැවිදි නොකටයුතුය. යම් සොරොක් වනාහි හුදෙක් අත්කම් නොකරනුයේ මෙසේ නොපලායනුයේ නොකරන්නේය’යි හෝ රාජයුක්තාදීන් විසින් බඳින ලද්දේ, හෙතෙමේ සිරගෙය බිඳ පලාගියේද පැවිදි කටයුතුය. යමෙක් වනාහි ගම් නියම්ගම් පටුන ආදිය රජහට දිය යුතු අය උපදවා දෙනු පිණිස ගෙන එය නොසපයන්නේ හිරගෙට ඇතුල්කරණ ලද්දේවේද, හෙතෙමේ පලාගොස් ආයේ පැවිදි නොකටයුතුය. යමෙක් වනාහි ගොවිකම් ආදියෙන් ධනය සපයා ජීවත්වනුයේ ‘මොහු විසින් ධනය සපයන ලදැ’යි කේලාම් කියා කිසිවකු විසින් බඳවන ලද්දේවේද, ඔහු එහිදීම පැවිදි කිරීම නොසුදුසුය. පැනගියහු ගියතැනදීම පැවිදි කිරීම වරදනොවේ.