අඤ්ඤතිත්ථියපුබ්බවත්ථුකථා
අන්යතීර්ථක පූර්වවස්තුවෙහි - යම්මේ පසුර නම් පරිව්රාජකයෙක්වේද, හෙතෙමේ තීර්ථායතනයට ගිය බැවින් උපසපන් නොකටයුතුය. යම් අන්යයෙක් තෙමේද මේ සසුනෙහි පෙරපැවිදි නොවූයේ ඒද, ඔහු කෙරෙහි යමක් කටයුතුනම් එය දක්වන්නට “යො සො භික්ඛවෙ අඤ්ඤොපි” යනාදිය වදාළ සේක. එහි “තස්ස චත්තාරො මාසෙ පරිවාසො දාතබ්බො” මේ තීර්ථකපරිවාස නම. අපටිච්ඡන්නපරිවාසැයිද කියනු ලැබේ. මේ පරිවාසය වනාහි නග්න පරිව්රාජක වූම ආජීවකයකුහට හෝ අචෙලකයකු හට හෝ දියයුතුය. හෙතෙමේද, වස්ත්රයක් හෝ ව්යාල කම්බලාදීන්ගෙන් එක්තරා තීර්ථක ධ්වජයක් හෝ හැඳ ඒ නම් මොහුට පරිවාසය නොදිය යුතුය. අන්යවූද, තාපස පණ්ඩරඞ්ගාදියකුහට නොදිය යුත්තේමය.
“පඨමං කෙසමස්සුං” යනාදියෙන් මේ නග්නපරිව්රාජකයාගේ මුලපටන් හෙරණ පැවිද්ද දක්වයි. මෙසේ පැවිදි කරන්නවුන් විසින් ඔහු සඟමැද හුන් කල්හිම ‘ඔබ පැවිදිකරවු, ඔබ ඇදුරුවවු, ඔබ උපාද්ධ්යාය වවු’යි ස්ථවිර භික්ෂූන්ට නොකිය යුතුය. මෙසේ කියනලද ඒ ස්ථවිර භික්ෂූහු ඔහුගේ ආචාර්ය්ය-උපාද්ධ්යාය භාවයෙහි පිළිකුල් කරන්නාහු නොපිළිගනිත්. එකල්හි ‘මේ භික්ෂූහු මාගේ වචන නොඅදහත්යි කිපීද යන්නේය. එහෙයින් ඔහු එකත් පසකට පමුණුවා ආචාර්ය්ය-උපාද්ධ්යායයෝ සෙවිය යුත්තාහ.
“එවං ඛො භික්ඛවෙ අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති එවං අනුරාධකො” මේ මොහු පිළිබඳ පිරිවෙස්වත දක්වනු පිණිස මාතෘකාය. “කථං ච භික්ඛවෙ” යනාදිය එහිම විභඞ්ගය වේ. එහි “අතිකාලෙන ගාමං පවිසති” භික්ෂූන් වත් සපයන වේලාවෙහිම පෙර අන්තොටු වූ හෙතෙමේ ගමට පිඬු පිණිස පිවිසේද, “අතිදිවා පටික්කමති” කුලගෙවල ස්ත්රී පුරුෂ දාරකදාරිකාදීන් සමග ගෘහනිශ්රිතකථා කරමින් එහිම අනුභවකොට භික්ෂූන් පාසිවුරු තැත්පත් කොට උද්දෙසපරිපුච්ඡාදිය කරනකල්හි හෝ විවෙකයෙන් හුන්කල්හි හෝ ඒද, උපාද්ධ්යායවත් ආචාර්ය්යවත් නොකෙරේද, එකතින් වසන තැනට වැද නිදාද, “එවම්පි භික්ඛවෙ අඤ්ඤත්තියපුබ්බො අනාරාධකො හොති” මෙසේද කරනුයේ පිරිවෙස් වත සම්පාදනය කරන්නෙක් පුරන්නෙක් නොවේ.
“වෙසියගොචරො” යනාදිතන්හි කිසියම් මඳ ආමිසයක් සැපයීම් ආදියෙන් සුලභවූ මෙවුන්දම් සෙවීම් ඇති රූපය නිසා දිවියවන ස්ත්රීහුය. “විධවා” මළහිමියන් ඇත්තාවූ හෝ වෙන්ව වසන හිමියන් ඇත්තා වූ හෝ ස්ත්රීහුය. ඒ ස්ත්රීහු යම් කිසිවකු සමග මිත්රභාවය පතත්. “ථුල්ලකුමාරිකා” යොවුන්බවට පැමිණි ඉක්මුනු යොවුන්බව ඇත්තාවූ හෝ කුමාරිහුය. ඒ ස්ත්රීහු පුරුෂයන් ලබන අදහස් ඇතිව හැසිරෙත්. “පණ්ඩකා” උත්සන්න ක්ලෙශ ඇත්තාහු. නොසන්සිඳුනු පරිලාහය ඇත්තාහුය. නපුංසකයෝය. ඔවුහු පරිලාහ වේගයෙන් මඩනා ලද්දාහු, යම් කිසිවකු සමග මිත්රභාවය පතත්. [missing trans] යම් කිසිවකු සමග මිත්රභාවය පතත්. ඒ භික්ෂූන් සමග වහාම විශ්වාස වෙති. එයින් ශීලය බිඳේ.
එහි වෙසඟනන්ගේ කුලයන්හි කුලුපගව පිණ්ඩපාත චර්ය්යාදියෙන් හෝ දක්වා උපන් ස්නෙහ සන්ථවය ඇති සිතින් යුක්තව නිති දැකීම්-බිණීම්-කැමති බැවින් ඈලා වෙතට එළඹෙනුයේ වෙසියගොවරැ’යි කියනු ලැබේ. හෙතෙමේ නොබෝකලකින්ම අසුවල් වෙසිය සමග ගියේයයි කියයුතුබවට පැමිණේ. සියලු තන්හි මේනයය. වෙසඟනෝ ලහබත් ආදිය දෙත්නම් භික්ෂූන් සමග ගොස් සමගම අනුභවකොට හෝ ගෙන හෝ ඊම වටියි. ගිලන් මෙහෙණන්ට අවවාද කරන්නට හෝ දහම් දෙසන්නට හෝ උද්දෙසපරිපුච්ඡාදිය හෝ දෙන්නට යන්නවුන් විසින් භික්ෂූන් සමග යෑම සුදුසුවේ. යමෙක් වනාහි එසේ නොගොස් මිත්රසන්ථව වශයෙන් යේද, මෙතෙමේ සතුටු කරන්නෙක් නොවේ.
“උච්චාවචානි කිං කරණීයානි” මහත්වූ කුඩාවූ කර්මාන්තයෝය. එහි ගෙඩිය ගසා සමග්ර සඞ්ඝයා විසින් රැස්ව කටයුතුවූ සෑ මහාප්රාසාද පිළිසකර කිරීම් ආදීවූ කර්මාන්තයෝ මහත් කර්මාන්ත නම්වෙත්. සිවුරු සේදීම් රඳන් ගැන්වීම් ආදීවූ ඛන්ධකයට ඇතුළත් වූ කෘත්යද, ගිහිහල්වත් ආදීවූ ආභිසමාචාරික කෘත්යද කුඩා කර්මාන්ත නම. ඒ කර්මාන්තයන්හි “න දක්ඛො හොති” එ කර්මාන්තයන්හි දක්ෂයෙක් හික්මුනෙක් නොවේද, “න අනලසො” උත්ථාන වීර්ය්යයෙන් යුක්ත වූයේ නොවේද, භික්ෂු සඞ්ඝයා පිළිබඳ කර්මාන්ත ඇතැයි අසා කල්ඇතිවම බත්කිසකොට කාමරය තුළට වැද කැමති පමණ නිදා සවස නික්මේද, “තත්රෑපායාය” ඒ කර්මාන්තයන්හි උපාය වූ “විමංසාය” සුදුසු තැන උපන් නුවණින්. මේ මෙසේ කටයුතුය, ‘මේ මෙසේ නොකටයුතුය’යි එකෙණෙහිම උපන් නුවණින් යුක්ත නොවේද, “න අලංකාතුං න අලං සංවිධාතු” සියතිනුදු කරන්නට සමර්ත්ථ නොවේද, ‘ස්වාමීනි’ ගනු මැනව, ගනුව ලදරුව, ගනුව හෙරණ, තෙපි හෝ නොකරවුද, අපි හෝ නො කරන්නෙමු නම් දැන් කවරෙක් නම් කරන්නේදැ’යි මෙසේ උත්සාහය උපදවා විධාන කරන්නටද, ඔවුනොවුන් ලවා කරවන්නටද සමර්ත්ථ නොවේද, භික්ෂූන් විසින්, කර්මාන්ත කරන්නෙමු’යි කියූ කල්හි කිසි රෝගයක් දක්වාද, භික්ෂූන් කර්මාන්ත කරන කල්හි සමීපයෙහි නොහැසිරේද, හිස පමණක්ම දක්වාද, මෙතෙමේද සතුටු කරන්නෙක් නොවේ.
“න තිබ්බච්ඡන්දො හොති” දැඩි කැමැත්ත ඇත්තේ නොවේද, “උද්දෙසෙ” පෙළපුහුණු කිරීමෙහි. “පරිපුච්ඡාය” අරුත් ඇසීමෙහි. “අධිසීලෙ” ප්රාතිමොක්ෂශීලයෙහි. “අධිචිත්තෙ” ලෞකික සමාභාවනාවෙහි, “අධිපඤ්ඤාය” ලොකොත්තර මාර්ග භාවනාවෙහි,