උපසම්පාදෙතබ්බපඤ්චකකථා
දැන් පෙර “අනුජානාමි භික්‍ඛවෙ ව්‍යත්තෙන භික්‍ඛුණා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා උපසම්පාදෙතුං නිස්සයං දාතුං”යි සැකෙවින් උපාද්ධ්‍යායාචාර්‍ය්‍යන්ගේ යම් ලක්‍ෂණයක් වදාරණ ලද්දේද, ඒ ලක්‍ෂණය විස්තර වශයෙන් දක්වන්නට, “පඤ්චහි භික්‍ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන” යනාදිය වදාළ සේක. එහි “පඤ්චහි අඞ්ගෙහි” අගුණ කරුණු පසකින් හෙතෙමේ ශීලස්කන්‍ධාදියෙන් යුක්ත නොවූ බැවින්ම අගුණවූ අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ. “න උපසම්පාදෙතබ්බං” උපාධ්‍යායව උපසම්පදා නොකටයුතුය. “න නිස්සයො දාතබ්බො” ආචාර්‍ය්‍යව නිස නොදිය යුතුය. මෙහිද, “න අසෙඛෙන සීලක්‍ඛන්‍ධෙන” යනුද, “අත්තනා න අසෙඛෙන” යනුද, “අස්සද්ධො” යනුද මේ ආදි ත්‍රිවිධ පංචකයන්හි අයුක්ත වශයෙන් ප්‍රතික්‍ෂෙපය කරණ ලද්දේය. ආපත්ති අඞ්ග වසයෙන් නොවේ. යමෙක් තෙමේ වනාහි අශෛක්‍ෂ ශීලස්කන්‍ධාදියෙන් යුක්ත නොවූයේ අන්හුද එහි සමාදන් කරවන්නට නොහැකි වනුයේ අශ්‍රද්ධාදිදොෂයෙන්ද යුක්ත වූවෙක්ව පිරිස් පරිහරණය කෙරේද, ඔහුගේ පිරිස ශීලාදියෙන් පිරිහේමය. නොවැඩේ. එහෙයින් ඔහු විසින් උපසම්පදා නොකටයුතුය යනාදි තන්හි අයුක්ත වශයෙන් කියනලදී. ආපත්ති අඞ්ග වසයෙන් නොවේ. ක්‍ෂීණාශ්‍රවයාහටම උපාද්ධ්‍යාය - ආචාර්‍ය්‍යභාවය භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅනුදන්නා ලද්දේය. ඉදින් ඒ ක්‍ෂීණාශ්‍රවයාහටම අනුදන්නා ලද්දේ වන්නේ නම් “සචෙ උපජ්ඣායස්ස අනභිරති උප්පන්නා හොති” යනාදිය නොවදාරණ සේක. යම්හෙයකින් ක්‍ෂීණාශ්‍රවයාගේ පිරිස ශීලාදියෙන් නොපිරිහේද, එහෙයින් “පඤ්චහි භික්‍ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්‍ඛුනා උපසම්පාදෙතබ්බං” යනාදිය වදාරණ ලදී.
“අධිසීලෙ සීලවිපන්නො” යනාදි තන්හි පාරාජිකයට හෝ සඞ්ඝාදිසෙසයට හෝ පැමිණියේ, අධිසීලයෙහි සීලවිපන්න නම්වේ. අන්‍යවූ පඤ්චාපත්තිස්කන්‍ධයන්ට පැමිණියේ, අද්ධ්‍යාචාරයෙහි ආචාරවිපන්න නම්වේ. සම්‍යක්දෘෂ්ටිය හැර ශාස්වත - උච්ඡෙද සඞ්ඛ්‍යාත අන්තග්‍රාහිකදෘෂ්ටියෙන් යුක්ත වූයේ, අතිදෘෂ්ටියෙහි දෘෂ්ටිවිපන්න නම් වේ. පිරිස් පරිහරණය කරන්නහුට යම් පමණ ශ්‍රැතයෙක් කැමතිවිය යුතුද, ඒ ශ්‍රැතයෙන් තොර බැවින් අප්පස්සුත නම. ඔහු විසින් ආපත්ති ආදි යමක් දතයුතුද, ඒ ආපත්ති ආදිය නොදන්නා බැවින් දුප්පඤ්ඤ නම්වේ. මේ පඤ්චකයෙහි “අධිසීලෙ සීලවිපන්නො, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො, අතිදිට්ඨියා දිට්ඨිවිපන්තො” යන පුරිමවූ ත්‍රිපදයෝ අයුක්ත වශයෙන්ම වදාරණ ලද්දාහුය. “අප්පස්සුතො, දුප්පඤ්ඤො” යන පශ්චිමවූ ද්විපදයෝ ආපත්ති අඞ්ග වසයෙන් වදාරණ ලද්දාහුය.
“ආපත්තිං න ජානාති” මා විසින් මෙනම් ක්‍රියාවක් කරණ ලදැ’යි කියූ කල්හි ‘මෙතෙමේ මෙනම් ඇවතට පැමිණියේය’යි නොදනීද “වුට්ඨානං න ජානාති” වුට්ඨානගාමිනී ඇවැතින් හෝ දෙසනාගාමිනී ඇවැතින් හෝ මෙසේ නම් නැගීසිටීම වේයයි නොදනීද, මේ පඤ්චකයෙහි ‘න පටිබලො හොති අන්තෙවාසි තං වා සද්ධිවිහාරිකං වා ගිලානං උපට්ඨතුං වා උපට්ඨාපෙතුං වා, අනභිරතිං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා” යන මේ පළමු දෙපදයෝ අයුක්ත වශයෙන් වදාරණ ලද්දාහුය. “උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා විනොදාපෙතං වා, ආපත්තිං නජානාති ආපත්තියා වුට්ඨානං නජානාති” යන මේ පසු තෙපදයෝ ආපත්ති අඞ්ග වසයෙන් වදාරණ ලද්දාහුය.
“ආභිසමාචාරිකාය සික්‍ඛාය” යනු ඛන්‍ධකවතෙහි හික්මවන්නට ප්‍රතිබල නොවේය’යි අර්‍ත්‍ථයි. “ආදිබ්‍රහ්මචරියකාය’ ශෛක්‍ෂ ප්‍රඥප්තියෙහි හික්මවන්නට ප්‍රතිබල නොවේය’යි අර්‍ත්‍ථයි. “අභිධම්මෙ” නාමරූපපරිච්ඡෙදයෙහි හික්මවන්නට ප්‍රතිබල නොවේයයි අර්‍ත්‍ථයි. “අභිවිනයෙ” සියලු විනය පිටකයෙහි හික්මවන්නට ප්‍රතිබල නොවේයයි අර්‍ත්‍ථයි. “විනෙතුං න පටිබලො” හැම තැන්හි හික්මවන්නට නොහැක්කේය යන අර්‍ත්‍ථයි. “ධම්මතො විවෙචෙතුං” ධර්‍මයෙන්, කාරණයෙන් දෘෂ්ටිය පහකරවන්ට. මේ පඤ්චකයෙහි සියලු පදයන්හි ඇවැත් වේ. “ආපත්තිං න ජානාති” යනාදි පඤ්චකයෙහිද සියලු පදයන්හි ඇවැත් වේ. උනුදසවස් කෙළවරකොට ඇති පඤ්චකයෙහිද මේනයම වේ. මෙසේ ආදියෙහි පඤ්චක තුනද, චතුර්‍ත්‍ථපඤ්චකයෙහි ප්‍රථම ත්‍රිපදයද, පඤ්චම පඤ්චකතුනද, චතුර්‍ත්‍ථ පඤ්චකයෙහි ප්‍රථම ත්‍රිපදයද, පඤ්චම පඤ්චකයෙහි ප්‍රථම දෙපදයද යන සියලුම සිවුවැදෑරුම් වූ පඤ්චකද අයුක්ත වශයෙන් වදාරණ ලද්දාහුය. චතුර්‍ත්‍ථ පඤ්චකයෙහි දෙපදයෙක, පඤ්චම පඤ්චකයෙහි තෙපදයෙක, ෂෂ්ඨ-සප්තම, අෂ්ටම යන ත්‍රිපඤ්චකයද යන සියලුම චතුපඤ්චකයෝ ආපත්ති අඞ්ග වසයෙන් වදාරණ ලද්දාහුය. ශුක්ල පක්‍ෂයෙහි අටතන්හි අනාපත්තිමය.
සොළසපඤ්චක විනිශ්චය නිමි.
උපසම්පාදෙතබ්බඡක්කකථා
ෂට්කයන්හි - “ඌනදසවස්ස” පදය විශෙෂ වේ. ඒ ඌනදශවර්‍ෂපදය හැමතන්හි ඇවැත් කරන්නේය. සෙස්ස කියූ නයින්ම දතයුතුය. එහි “උභයානි ඛො පනස්ස පාතිමොක්‍ඛානි විත්‍ථාරෙන න සමාගතානි හොන්ති” උභතො විභඞ්ග වසයෙන් මනාසේ අවබෝධ නොවූවාහුවෙත්ද, “න සුවිභත්තානි” මාතිකාවිභඞ්ග වසයෙන් මනාසේ බෙදුනාහු නොවෙත්ද, “න සුප්පවත්තිනි” වාචොද්ගත කිරීම් වසයෙන් මනාසේ නොපවත්නාහු වෙත්ද, “න සුවිනිච්ඡිතානි සුත්තසො අනුව්‍යඤ්ජනසො” මාතිකාවසයෙන් හා විභඞ්ගවසයෙන් මනාකොට විනිශ්චය නොකරණලද්දාහු වෙත්ද.