ආචරියවත්තකථා
[missing trans] “අඤ්ඤෙහි ඔවදියො අනුසාසියො” අන්හු විසින් අවවාද කටයුත්තෙහිද, අනුශාසනා කටයුත්තේහිද වේ. “බාහුල්ලාය ආවත්තො යදිදං ගණබන්‍ධිකං” පිරිස් බැඳගැනීම මේ බහුලභාවයට ඇත්තේනුයි. ගණබන්‍ධික බාහුල්ල නම. යම් මේ පිරිස් බැඳගැනීම නම්වූ බහුලභාවයක් වේද, තෝ ඒ පිණිස ඉතා වහා පැමිණියෙහියයි වදාරණ ලදී.
“අව්‍යත්තා” ප්‍රඥාව්‍යක්තභාවයෙන් විරහිතයෝය. “අඤ්ඤෙතරොපි අඤ්ඤතිත්‍ථියපුබ්බො” පසුරතෙමේ, පරිව්‍රාජකයෙකි. ඒ අන්‍යතීර්ථක පසුර පරිව්‍රාජක තෙමේ ධර්‍මය සොරකම් කරන්නෙමි’යි උදායි තෙරහු වෙත පැවිදිව ඒ තෙරහු විසින් මෙසේ හැඳිය යුතුය යනාදි වශයෙන් කරුණු සහිතව කියනු ලබන්නේ ඒ උපාධ්‍යයයාහට වාදරොපණය කෙළේය. “අනුජානාමි භික්‍ඛවෙ ව්‍යත්තෙන භික්‍ඛුනා” යනාදිතන්හි ව්‍යක්තතෙමේ භික්‍ඛුනොවාදක වර්‍ණනාවෙහි කියූ ලක්‍ෂණ ඇත්තේමය. දසවස් ඇත්තාවූ හෝ අසිරිත් දසවස් ඇත්තාවූ හෝ යමෙක් තෙමේ අතැවැසියාහට හෝ සද්ධිවිහාරිකයාහට හෝ ගිලනක්හට හෝ උපස්ථානාදිය කරන්නට හැක්කේද, මෙතෙමේ මෙහි ප්‍රතිබල ඇතැයි අදහස් කරණ ලද්දේය.
“පඤ්චහි උපාලි අඞ්ගහි සමන්නාගතෙන භික්‍ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි? පටිබලො හොති අන්තෙවාසිං වා, සද්ධිවිහාරිං වා, ගිලානං උපට්ඨාතුං වා, උපට්ඨා පෙතුං වා, අනභිරතං වූපකාසෙතුං වා, වූපකාසෙපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා, විනොදාපෙතුං වා, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං’යි මෙය වදාරණ ලදී.
“පක්‍ඛසඞ්කන්තෙසු” තිර්ථක පක්‍ෂයට ගිය කල්හි. “අනුජානාමි භික්‍ඛවෙ ආචරියං” ආචාර සමාචාරයෙහි හික්මවන ආචාර්‍ය්‍යයා අනුදනිමි. “ආචරියො භික්‍ඛවෙ අන්තෙවාසිකම්හි” යනාදි සියල්ල “උපඣායො භික්‍ඛවෙ සද්ධිවිහාරිකම්හි” යනාදිනයින් වදාළ වසයෙන්ම දතයුත්තේය. නාමමාත්‍රයම මෙහි වෙනස් වේ.
පණාමනාඛමනාකථා
“අන්තෙවාසිකා ආචරියෙසු න සම්මාවත්තන්ති” යන මෙහි වනාහි පෙර න සම්මා වත්තනාය යාව චීවරරජනං, තාව වත්තෙ අකයිරමානෙ උපජ්ඣායස්ස පරිහානි හොති කස්මා, තං අකරොන්තස්ස නිස්සයමුත්තකස්සාපි අමුත්තකස්සාපි ආපත්තියෙවාති ච, එකච්චස්ස පත්තදානතො පට්ඨාය අමුත්තනිස්සයස්සෙව ආපත්තී ච, යම් ලක්‍ෂණයක් කියන ලද්දේ ද එම ලක්‍ෂණයෙන් නිශ්‍රයාන්තෙවාසිකයාහට ඇවැත් නොදතයුතුය. නිශ්‍රයාන්තෙවාසිකයා යම්තාක් ආචාර්‍ය්‍යයා ආශ්‍රයකොට වෙසේද ඒතාක්කල් සියලු ආචාර්‍ය්‍යවත් කටයුතුය. ප්‍රව්‍රජ්‍යා උපසම්පදා ධර්‍මාන්තෙවාසිකයන් විසිනුදු, නිශ්‍රයමුක්තකයන් විසිනුදු මුල පටන් යම්තාක් සිවුරු රඳන් ගැන්වීම වේද, ඒතාක් කල්වත් කටයුතුය. නොවිචාරා පාත්‍රදීම් ආදියෙහි වනාහි මේ තිදෙනාහට ඇවැත් නොවේ. මේ තිදෙනා අතුරෙහිද ප්‍රව්‍රජ්‍යාන්තෙවාසික තෙමේද උපසම්පදාන්තෙවාසික තෙමේද, දිවිකෙළවර දක්වා ආචාර්‍ය්‍යයාහට භාරය. නිශ්‍රයාන්තෙවාසික තෙමේද, ධර්‍මාන්තෙවාසික තෙමේද යම්තාක් කල් සමීපයෙහි වෙසෙත්ද, ඒතාක්කල් භාරය. එබැවින් ආචාර්‍ය්‍යයා විසින්ද ඔවුන් කෙරෙහි මනාව පැවැතිය යුතුය. ආචාර්‍ය්‍ය අන්තෙවාසිකයන් අතුරෙහි යමෙක් යමෙක් නොමනාව පවතීද ඒ ඒ මහණහුට ඇවැත් වේ.
නිස්සයපටිප්පස්සද්ධිකථා
උපාද්ධ්‍යායයා කෙරෙන් නිස සංසිඳීම් අතුරෙහි “උපජ්ඣායො පක්කන්තො වා” යනාදි තන්හි මේ මතු කියනු ලබන්නේ විනිශ්චයයි. “පක්කන්තො” ඒ ආවාසයෙන් වෙන්ව වසනු කැමති උපාද්ධ්‍යායතෙමේ බැහැර ගියේද, දික්ගියේවේද, මෙසේ ගිය කල්හිද ඒ වෙහෙරෙහි නිස දෙන්නෙක් ඇත්තේද, යමක්හුගේ සමීපයෙහි අන් කලෙක්හිද පෙර කිස ගන්නා ලද්දේ හෝ වේද, යමෙක් තෙමේ එකසම්භොගපරිභොගය ඇත්තේ හෝ වේද, ඔහුගේ සමීපයෙහි නිස ගතයුතුය. එක් දවසකුදු ආපත්තිපරිහාරය නැත්තේය. එක් දවසකුදු නිස නොගෙන වසන්නට යුතුනොවේ යනු භාවයි. ඉදින් එකසම්භොගයට සුදුසු ලජ්ජීවූ එබන්දෙක් නැත්තේද, අන්‍යවූ ලජ්ජිපෙසල භික්‍ෂු නමක් ඇත්තේ නම් ඔහුගේ ලජ්ජීපෙසලභාවය දන්නහු විසින් එදවසම නිස යැදිය යුතුය. ඉදින් නිස දේනම් මේ මෙසේ මැනවි. එකල්හි වනාහි ‘තොපගේ උපාද්ධ්‍යායතෙමේ වහා එන්නේදැ’යි විචාරාද, උපාද්ධ්‍යායයා විසින් එසේ කියන ලද්දේනම් ‘එසේය ස්වාමීනි’යි කියයුතුය. ඉදින් එසේ වීනම් උපාද්ධ්‍යායයාගේ ඊම බලවු’යි කියා නම් නිස නොගෙණ විසීම වටියි. එකල්හි මේ තෙරහුගේ පෙසලභාවය ප්‍රකෘතියෙන් නොදනීද, සතර පස් දවසක් ඒ මහණහුගේ භික්‍ෂුසභාගතාව බලා අවකාශ කරවා නිස ගතයුතුය.