පණාමනාඛමනාකථා
“අන්තෙවාසිකා ආචරියෙසු න සම්මාවත්තන්ති” යන මෙහි වනාහි පෙර න සම්මා වත්තනාය යාව චීවරරජනං, තාව වත්තෙ අකයිරමානෙ උපජ්ඣායස්ස පරිහානි හොති කස්මා, තං අකරොන්තස්ස නිස්සයමුත්තකස්සාපි අමුත්තකස්සාපි ආපත්තියෙවාති ච, එකච්චස්ස පත්තදානතො පට්ඨාය අමුත්තනිස්සයස්සෙව ආපත්තී ච, යම් ලක්‍ෂණයක් කියන ලද්දේ ද එම ලක්‍ෂණයෙන් නිශ්‍රයාන්තෙවාසිකයාහට ඇවැත් නොදතයුතුය. නිශ්‍රයාන්තෙවාසිකයා යම්තාක් ආචාර්‍ය්‍යයා ආශ්‍රයකොට වෙසේද ඒතාක්කල් සියලු ආචාර්‍ය්‍යවත් කටයුතුය. ප්‍රව්‍රජ්‍යා උපසම්පදා ධර්‍මාන්තෙවාසිකයන් විසිනුදු, නිශ්‍රයමුක්තකයන් විසිනුදු මුල පටන් යම්තාක් සිවුරු රඳන් ගැන්වීම වේද, ඒතාක් කල්වත් කටයුතුය. නොවිචාරා පාත්‍රදීම් ආදියෙහි වනාහි මේ තිදෙනාහට ඇවැත් නොවේ. මේ තිදෙනා අතුරෙහිද ප්‍රව්‍රජ්‍යාන්තෙවාසික තෙමේද උපසම්පදාන්තෙවාසික තෙමේද, දිවිකෙළවර දක්වා ආචාර්‍ය්‍යයාහට භාරය. නිශ්‍රයාන්තෙවාසික තෙමේද, ධර්‍මාන්තෙවාසික තෙමේද යම්තාක් කල් සමීපයෙහි වෙසෙත්ද, ඒතාක්කල් භාරය. එබැවින් ආචාර්‍ය්‍යයා විසින්ද ඔවුන් කෙරෙහි මනාව පැවැතිය යුතුය. ආචාර්‍ය්‍ය අන්තෙවාසිකයන් අතුරෙහි යමෙක් යමෙක් නොමනාව පවතීද ඒ ඒ මහණහුට ඇවැත් වේ.
නිස්සයපටිප්පස්සද්ධිකථා
උපාද්ධ්‍යායයා කෙරෙන් නිස සංසිඳීම් අතුරෙහි “උපජ්ඣායො පක්කන්තො වා” යනාදි තන්හි මේ මතු කියනු ලබන්නේ විනිශ්චයයි. “පක්කන්තො” ඒ ආවාසයෙන් වෙන්ව වසනු කැමති උපාද්ධ්‍යායතෙමේ බැහැර ගියේද, දික්ගියේවේද, මෙසේ ගිය කල්හිද ඒ වෙහෙරෙහි නිස දෙන්නෙක් ඇත්තේද, යමක්හුගේ සමීපයෙහි අන් කලෙක්හිද පෙර කිස ගන්නා ලද්දේ හෝ වේද, යමෙක් තෙමේ එකසම්භොගපරිභොගය ඇත්තේ හෝ වේද, ඔහුගේ සමීපයෙහි නිස ගතයුතුය. එක් දවසකුදු ආපත්තිපරිහාරය නැත්තේය. එක් දවසකුදු නිස නොගෙන වසන්නට යුතුනොවේ යනු භාවයි. ඉදින් එකසම්භොගයට සුදුසු ලජ්ජීවූ එබන්දෙක් නැත්තේද, අන්‍යවූ ලජ්ජිපෙසල භික්‍ෂු නමක් ඇත්තේ නම් ඔහුගේ ලජ්ජීපෙසලභාවය දන්නහු විසින් එදවසම නිස යැදිය යුතුය. ඉදින් නිස දේනම් මේ මෙසේ මැනවි. එකල්හි වනාහි ‘තොපගේ උපාද්ධ්‍යායතෙමේ වහා එන්නේදැ’යි විචාරාද, උපාද්ධ්‍යායයා විසින් එසේ කියන ලද්දේනම් ‘එසේය ස්වාමීනි’යි කියයුතුය. ඉදින් එසේ වීනම් උපාද්ධ්‍යායයාගේ ඊම බලවු’යි කියා නම් නිස නොගෙණ විසීම වටියි. එකල්හි මේ තෙරහුගේ පෙසලභාවය ප්‍රකෘතියෙන් නොදනීද, සතර පස් දවසක් ඒ මහණහුගේ භික්‍ෂුසභාගතාව බලා අවකාශ කරවා නිස ගතයුතුය.
ඉදින් වෙහෙරෙහි නිස දෙන්නෙක් නැත්තේද, උපාද්ධ්‍යායතෙමේද ‘මම කිහිප දවසකින් එන්නෙමි, කළනොකිරෙවු’යි කියා ගියේද, ඊම දක්වා ආපත්ති පරිහාරය ලැබේ. නැවතද ඒ උපාද්ධ්‍යායයා, ඒ ගියතන්හි මනුෂ්‍යයෝ පිරිසිඳි කලින් මත්තෙහිද පස් දවසක් හෝ දසදවසක් හෝ වස්වාගණිත්මද, ඒ උපාද්ධ්‍යායයා විසින් ‘දහරභික්‍ෂූහු කළනොකිරෙත්වා මම අසුවල් දවසෙහි එන්නෙමි’යි විහාර ප්‍රවෘත්තිය දන්වා යැවිය යුත්තීය. මෙසේද පරිහාරය ලැබේ. නැවත එන්නහුම අතරමග ගඟ පිරීමෙන් හෝ සොරු ආදීන්ගෙන් හෝ උපද්‍රවයක්වේද, ස්ථවිරතෙමේ වතුර බැසයෑම හෝ බලාපොරොත්තුවේද, යහලුවන් හෝ සොයාද, එපුවත දහර භික්‍ෂූහු අසත්නම් තෙරුන්ගේ ඊම දක්වා පරිහාරය ලැබේ. ඉදින් ඒ උපාද්ධ්‍යායතෙමේ ‘මම මෙහිම වසන්නෙමි’යි දන්වා එවාද, දවසකුදු පරිහාරයෙක් නැත්තේය. යමකුගෙන් යම්තැනකදී නිසලැබේද, එහි යායුතුය.
උපාද්ධ්‍යායයා සිවුරු හැර ගිය කල්හි හෝ කලුරිය කළකල්හි හෝ තීර්ථායතනයකට ගිය කල්හි හෝ එක් දවසකුදු පරිහාරයෙක් නැත්තේය. යම් තැනකදී නිස ලැබේද, එහි යායුතුය. ආණත්තිය වනාහි නිස්සය පනාමනායි කියනු ලැබේ. එහෙයින් “පනාමෙමිතං”යි හෝ “මා ඉධ පටික්කමි”යි හෝ “නීහරෙ තෙ පත්තචීවරං”යි හෝ “නාහං තයා උපට්ඨාතබ්බො”යි හෝ යන මේ පාළියෙන් හෝ “මා මං ගාමප්පවෙසනං පුච්ඡි” යනාදි පාළමුත්තකනයින් හෝ යමෙක් තෙමේ නිස්සය පනාමනාවෙන් පහකරණ ලද්දේවේද, ඔහු විසින් උපාද්ධ්‍යායතෙමේ කමා කරවිය යුත්තේය.
ඉදින් පළමුකොටම කමානොකෙරේද, තමා විසින්ම දඬුවමක් ගෙන තුන්යලක් කමාකර වියයුත්තේය. උපාද්ධ්‍යායතෙමේ තමා නොකෙරේනම් ඒ විහාරයෙහි මහතෙරුන් ගෙන කමා කරවිය යුත්තේය. කමානොකෙරේම් තමන්ට සමීප විහාරයෙහි භික්‍ෂූන් ගෙන කමාකරවිය යුත්තේය. මෙසේත් කමා නොකෙරේනම් අන්තැනක ගොස් උපාද්ධ්‍යායයාගේ සභාග භික්‍ෂූන්ගේ සමීපයෙහි විසිය යුතුය. ‘මාගේ සභාග භික්‍ෂූන්ගේ සමීපයෙහි වෙසේයයි දැනද කමන්නේ නම් මැනවි. මෙසේත් කතා නොකෙරේනම් එහිම විසිය යුතුය. එහි දුර්භික්‍ෂාදි දෝෂයෙන් වසන්නට නොහැකිවේද, උපාද්ධ්‍යායයා වසන එම විහාරයට අවුත් අන් මහණක්හු වෙත නිස ගෙන විසීම වටියි. ඇණවීමෙහි මේ විනිශ්චයයි.
ආචාර්‍ය්‍යයා කෙරෙන් නිස සංසිඳීම් අතුරෙහි - “ආචරියො පක්කන්තො වා හොති” මෙහි කිසි ආචාර්‍ය්‍යයෙක් විචාරා යන්නේය. කිසි ආචාර්‍ය්‍යයෙක් නොවිචාරා යන්නේය. අතවැසි තෙමේද එසේය. මෙහි ආචාර්‍ය්‍යතෙමේ, ප්‍රව්‍රජ්‍යාචාර්‍ය්‍ය - උපසම්පදාචාර්‍ය්‍යය-ධර්‍මාචාර්‍ය්‍යය - නිශ්‍රයාචාර්‍ය්‍යයි සිවුවැදෑරුම් වේ. යමක්හු විසින් ශික්‍ෂාපද දෙන ලද්දේද, ඒ ප්‍රව්‍රජ්‍යාචාර්‍ය්‍ය නම. යමක්හු විසින් උපසම්පදා කර්‍මවාක්‍යය කියන ලද්දේද, ඒ උපසම්පදාචාර්‍ය්‍ය නම. යමෙක් උද්දෙසය හෝ පරිපුච්ඡාව දේද, ඒ ධර්‍මාචාර්‍ය්‍ය නම. යමෙක් නිසදේද, ඒ නිශ්‍රයාචාර්‍ය්‍ය නම. අතවැසිද ප්‍රව්‍රජ්‍යාන්තෙවාසිකය - උපසම්පදාන්තෙවාසිකය - ධර්‍මාන්තෙවාසිකය නිශ්‍රයාන්තෙවාසිකයයි සිවුවැදෑරුම් වේ. එහි නිශ්‍රයාන්තෙවාසිකතෙමේ ‘ස්වාමීනි’ කිසි කටයුත්තක් නිසා අසුවල් නම් තැනට යන්නට කැමැත්තෙමි’යි ආචාර්‍ය්‍යයා විචාරාද, ආචාය්‍යයා විසින්ද, කවර කලක යන්නෙහිදැ’යි විචාරණ ලදුයේ ‘සවස් වේලෙහි හෝ රාත්‍රියෙහි හෝ නැගිට යන්නෙමි’යි කියාද, ආචාර්‍ය්‍ය තෙමේද ‘මැනැවැ’යි පිළිගණීද, එකෙණෙහිම නිස සංසිඳෙන්නේය.