රාධබ්රාහ්මණවත්ථුකථා
රාධබ්‍රාහ්මණ වස්තුවෙහි - ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් බාරාණසියෙහිදී අනුදන්නාලද ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව දන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඒ ලඝුවූ උපසම්පදාව ප්‍රතික්‍ෂෙපකොට ඤත්තිචතුත්‍ථ කර්‍මයෙන් ගරුකොට උපසම්පදාව අනුදැනීම කැමැතිවූ සේක. එකල්හි ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන ‘ස්වාමීනි’ මම කෙසේ ඒ බමුණු පැවිදි කරම්ද, උපසපන් කරම්දැ’යි විචාළේය. බුදුරජුන්ගේ පිරිස්හු අදහස් දැනීමෙහි දක්‍ෂවෙත්. ඒ ශාරීපුත්‍ර ස්ථවිරතෙමේද, බුදුපිරිසෙහි අග්‍රවේ.
“ව්‍යත්තෙන භික්‍ඛුනා පටිබලෙන” මෙහි ව්‍යක්ත නම් යමක්හට සාර්‍ත්‍ථකථාවිනයපිටකය වාචොද්ගතව පවත්නේද, එතරම් නැතිකල්හි යමක්හට යටත්පිරිසෙයින් මේ ඤත්තිචතුත්‍ථ කම්මවාචාමාත්‍රයද මොනවට උගන්නා ලද්දක්වේද, වාචොද්ගතව පවත්නේද, මෙතෙමේද මේ අර්‍ත්‍ථයෙහි ව්‍යක්ත තෙමේය. යමෙක් තෙමේ වනාහි කාශශ්වාසශ්ලෙෂ්මාදියෙන් හෝ ගිලන්බැවින් හෝ ඔෂ්ටදන්ත ජීව්හාදීන්ගේ අසම්පත්තියෙන් හෝ පර්‍ය්‍යාප්තියෙහි නොකළපුරුදු ඇති බැවින් හෝ පරිමණ්ඩල වූ පදබ්‍යඤ්ජනයෙන් කර්‍මවාක්‍යය අස්වන්නට නොහැක්කේද, ව්‍යඤ්ජනයක් හෝ පදයක් හෝ පිරිහෙළාද, අන් අයුරකින් කියයුත්ත අන් අයුරකින් කියාද, මෙතෙමේ ප්‍රතිබල නොවේ. එයට විපරිත වූයේ මේ අර්‍ත්‍ථයෙහි ප්‍රතිබලැයි දතයුතුය. “සඞ්ඝො ඤාපෙතබ්බො” සඞ්ඝතෙමේ දැන්විය යුත්තේය. එයින් මතු සඞ්ඝතෙමේ යමක් නිසා දැන්විය යුත්තේද එය දක්වනු පිණිස “සුණාතු මේ භන්තෙ” යනාදිය වදාළ සේක.
“උපසම්පන්නසමනන්තරා” උපසපනෙක්ව අනතුරුව. “අනාචාරං ආචරති” ශික්‍ෂාපද ව්‍යතික්‍රමය කෙරෙයි. “උල්ලුම්පතු මං” මා උදුරාවා, අකුශලයෙන් නැගිටුවා කුශලයෙහි පිහිටුවාවා, සාමණේරභාවයෙන් හෝ උදුරා භික්‍ෂුභාවයෙහි පිහිටුවාවා. “අනුකම්පං උපාදාය” කරුණාව නිසා ‘මා කෙරෙහි අනුකම්පා කොට යන අර්‍ත්‍ථයි.
“අට්ඨිතා හොති” නිති පැවැතුම් ඇත්තීය. “චත්තාරො නිස්සයෙ” සිවුපසය. යම්හෙයකින් සිවුපසය නිසා ආත්මභාවය පවත්නේද එහෙයින් ඒ සිවුපසය නිස්සයි කියනු ලැබේ.
ආචරියවත්තකථා
[missing trans] “අඤ්ඤෙහි ඔවදියො අනුසාසියො” අන්හු විසින් අවවාද කටයුත්තෙහිද, අනුශාසනා කටයුත්තේහිද වේ. “බාහුල්ලාය ආවත්තො යදිදං ගණබන්‍ධිකං” පිරිස් බැඳගැනීම මේ බහුලභාවයට ඇත්තේනුයි. ගණබන්‍ධික බාහුල්ල නම. යම් මේ පිරිස් බැඳගැනීම නම්වූ බහුලභාවයක් වේද, තෝ ඒ පිණිස ඉතා වහා පැමිණියෙහියයි වදාරණ ලදී.
“අව්‍යත්තා” ප්‍රඥාව්‍යක්තභාවයෙන් විරහිතයෝය. “අඤ්ඤෙතරොපි අඤ්ඤතිත්‍ථියපුබ්බො” පසුරතෙමේ, පරිව්‍රාජකයෙකි. ඒ අන්‍යතීර්ථක පසුර පරිව්‍රාජක තෙමේ ධර්‍මය සොරකම් කරන්නෙමි’යි උදායි තෙරහු වෙත පැවිදිව ඒ තෙරහු විසින් මෙසේ හැඳිය යුතුය යනාදි වශයෙන් කරුණු සහිතව කියනු ලබන්නේ ඒ උපාධ්‍යයයාහට වාදරොපණය කෙළේය. “අනුජානාමි භික්‍ඛවෙ ව්‍යත්තෙන භික්‍ඛුනා” යනාදිතන්හි ව්‍යක්තතෙමේ භික්‍ඛුනොවාදක වර්‍ණනාවෙහි කියූ ලක්‍ෂණ ඇත්තේමය. දසවස් ඇත්තාවූ හෝ අසිරිත් දසවස් ඇත්තාවූ හෝ යමෙක් තෙමේ අතැවැසියාහට හෝ සද්ධිවිහාරිකයාහට හෝ ගිලනක්හට හෝ උපස්ථානාදිය කරන්නට හැක්කේද, මෙතෙමේ මෙහි ප්‍රතිබල ඇතැයි අදහස් කරණ ලද්දේය.