උපජ්ඣායවත්තකථා
“අනුපජ්ඣායකා” කුදු මහත්වරද විමසන දකින ගුරුවරයාගෙන් තොර වූ. “අනාකප්පසම්පන්න” ආකල්පයෙන් යුක්ත නොවූ. ශ්රමණ සාරුප්යචාරයෙන් තොරවූ යන අර්ත්ථයි. “උපරිභොජනෙ” භොජනයාගේ මතුවෙහි. “උත්තිට්ඨපත්තං” පිඬු පිණිස ගෙණ යන පාත්රය. ඒ පාත්රයෙහි මනුෂ්යයෝ ඉඳුල්සන් ඇත්තාහුය. එහෙයින් උත්තිට්ඨපත්තයි කියනලදී. නොහොත් නැගිට පාත්රය එළවන්නාහයි මෙසේද අර්ත්ථ දතයුතුය. “අනුජානාමි භික්ඛවෙ උපජ්ඣායං” උපාද්ධ්යාය ග්රහණය කරන්නට අනුදනිමි, යන අර්ත්ථයි. “පුත්තචිත්තං උපට්ඨපෙස්සති” තෙමේ මාගේ පුත්රයා’යි ගෘහනිශ්රිත ප්රෙම වශයෙන් සිත එළවන්නේය. දෙවන පදයෙහිද මේ නයවේ. “සභාගවුත්තිනො” සමානජීවිකා ඇති. “කායෙන විඤ්ඤාපෙති” මෙසේ සද්ධිවිහාරිකයා විසින් “උපජ්ඣායො මෙ භන්තෙ හොහි’යි තෙවරක් කියූකල්හි ඉදින් උපාද්ධ්යාය තෙමේ “සාහු” යනාදි පදපස අතුරෙහි යම්කිසි පදයක්හුගේ වසයෙන් කයින් හෝ වචනයෙන් හෝ කය වචනයෙන් හෝ තාවිසින් උපාද්ධ්යාය තෙමේ ගන්නා ලද්දේයයි උපාද්ධ්යායග්රහණය හඟවාද, උපාද්ධ්යාය තෙමේ ගන්නාලද්දේ වේ. මෙම මෙහි උපාද්ධ්යායග්රහණයයි. යම් මේ උපාද්ධ්යායයා පිළිබඳ සාහ-ලහු-ඔපායිකං-පතිරූපං-පාසාදිකෙන සම්පදෙති, යන මේ පද පස අතුරෙහි යම්කිසි පදයක්හුගේ වචනයෙන් හෝ ඇස්වීම කයින් හෝ අර්ත්ථය හැඟවීමයයි දන්නේය. ඇතැම් ඇදුරෝ වනාහි උපාද්ධ්යායයා විසින් ‘සාහු’යි කියූ කල්හි සද්ධිවිහාරිකයාගේ පිළිගන්නා වචනය සඳහායි කියත්. එය ප්රමාණනොවේ. සද්ධිවිහාරිකයාගේ “උපාද්ධ්යාය තෙමේ ගන්නා ලද්දේ වේ. මෙහි උපාධ්යායග්රහණයෙහි සද්ධිවිහාරිකයාගේ පිළිගැනීම අඞ්ගයක් නොවේ. සද්ධිවිහාරිකයාගේ “උපජ්ඣායො මෙ භන්තෙ හොහි” යන ආයාචනදානමාත්රයෙන්ම උපාද්ධ්යාය තෙමේ ගන්නා ලද්දේ වේ. මෙහි උපාද්ධ්යායග්රහණයෙහි සද්ධිවිහාරිකයාගේ පිළිගැණීම අඞ්ගයෙක් නොවේ. සද්ධිවිහාරිකයා විසිනුදු කෙවලව මාවිසින් මේ පදයෙන් උපාද්ධ්යායතෙමේ ගන්නා ලද්දේයයි දැනගැණීම වටියි. ‘අද පටන් දැන් ස්ථවිරතෙමේ මට භාරය, මමද තෙරුන්ට භාරය’යි මෙයද දැනගතයුතුය.
“තත්රායං සම්මාවත්තනා” මැනවින් පැවැතිය යුතුය’යි යමක් වදාරණ ලද්දේද, එහි මේ කියන්නේ මතු පැවැත්මය: “කාලස්සෙව උට්ඨාය උපාහනා ඔමුඤ්චිත්වා” උදෑසන කාලයෙහි සක්මන් කිරීම පිණිස හෝ සේදූ පාදයන් පරිහරණය පිණිස හෝ ලනලද උපාහනයෝ ඉදින් යම් සද්ධිවිහාරිකයකුගේ පාදයන්හි වෙත්නම්, ඒ උපාහන උදෑසනින් නැගිට පහකොට “දන්තකට්ඨං දාතබ්බං” මහත්-මද්ධ්යම-ඛුද්දක යන දැහැටි තුනක් එළවා තබා, එයින් යම් දැහැටි දියයුතුයයි. නියම නොකොට යම් ඒ දැහැටියක් ගණීද, එසේ ඇති කල්හි යම්බඳුවූවක් ලබාද, එබන්ද දියයුතුය.
“මුඛොදකං දාතබ්බං” සිහිල් දියද උණුදියද එළවාතබා, එයින් යම්දියක් තෙදිනක් පරිභොග කෙරේද, සිවුවන දින පටන් එබඳුවූම මුව දෝනා දිය දිය යුතුය. ඉදින් නියම නොකොට යම් ඒ දියක් ගනීද, එකල්හි යම්බඳු දිය ලබාද, එබඳු දිය දියයුතුය. ඉදින් දෙවැදෑරුම් නියම පරිභොග කෙරේනම් දෙවැදෑරුම් දියම එළවිය යුතුය. දිය, මුවදෝනා තැන තබා වැසිකිළිය පටන් හැමන්ද යුතුය. තෙරුන් වැසිකිළියට ගිය කල්හි වැසිකිළියෙහි පටන් හැමන්ද යුතුය. මෙසේ ඇති කල්හි පිරිවෙණ අශුන්ය වේ. තෙරුන් වැසිකිළියෙන් නොනික්මුනු කල්හිම අසුන පැණවිය යුතුය. සිරුරුකිසකොට අවුත් එහි හුන්නහුට “සචෙ යාගු හොති” යනාදිනයින් කියූවක් කටයුතුය. “උකලාපො” උපාද්ධ්යායයා හුන් තැන කිසියම් කසළකින් ගැවසී ගත්තේවේද, අන් කසළක් නැත්තේනම් දිය බින්දූහුම වෙත්නම් අතින්ද, පිරිමැදිය යුතුය.
“සගුණං කත්වා” සිවුරු දෙකක් එක්කොට, ඒ එක්කළ සඞ්ඝාටි දෙකම දියයුතුය. සියලු සිවුරුම එක්කොට සංඝටිත බැවින් සඞ්ඝාටියි කියනු ලැබේ. “සඞ්ඝාටියො දාතබ්බා”යි එහෙයින් වදාරණලදී. “නාතිදූරෙ ගන්තබ්බං නාච්චාසන්නෙ” යන මෙහි ගමට වදින කල්හි නැවතී බලන උපාද්ධ්යායයා වෙතට එකකින් හෝ පියවර දෙකකින් හෝ පැමිණේ නම්, මෙපමණකින් ඉතා නොදුරෙහි ඉතා නොලඟ ගියේවේය’යි දතයුතුය. “පත්තපරියාපන්නං පටිග්ගහෙතබ්බං” උපාද්ධ්යයයා විසින් පිඬුපිණිස හැසිරීමෙහිදී කැඳ හෝ බත් හෝ ලද කල්හි පාත්රය රත්වූයේ හෝ වේද, බර ඇත්තේ හෝ වේද, තමන්ගේ පාත්රය ඒ උපාද්ධ්යායයාහටදී උපාද්ධ්යායයාගේ ඒ පාත්රය ගතයුතුය යන අර්ත්ථයි. “න උපජ්ඣායස්ස හණමානස්ස අන්තරන්තරා කථා ඔපානෙතබ්බා” ගමතුළ හෝ අන්තැනකදී හෝ කථාකරණ ඒ උපාද්ධ්යායයාගේ වචනය නොනිමි කල්හි අන් කථාවක් තොමෝ නොඉපදවිය යුතුය. “න උපජ්ඣායස්ස හණමානස්ස” යන මෙහි එන නකාරය පටන් යම් යම් තැනක නකාරයෙන් වැළක්ම කෙරේද, සියලු තන්හි දුක්කටාපත්තිය දතයුතුය. මේ වනාහි ඛන්ධක ස්වභාවයයි. “සබ්බත්ථ දුක්කටාපත්ති වෙදිතබ්බා” යනු මෙබඳු තන්හි ගිලන්තෙමේද ඇවැතින් නොමිදේයයි දක්වනු පිණිස කියනලදී. අන්යවූද උපාද්ධ්යායවත් ආදරයෙන් නොකරණ නොගිලන්හට හැමතන්හි දුක්කටයම වේ. එහෙයින්ම “අගිලානෙන සද්ධිවිහාරිකෙන සට්ඨි වස්සෙනාතිපි සබ්බං උපජ්ඣායවත්තං කාතබ්බං අනාදරෙන අකරොන්තස්ස වත්තභෙදෙ දුක්කටං” යනු කීයේය. “ආපත්ති සාමන්තා භණමානො” පදසොධම්ම දුට්ඨුල්ලාදීන්ගේ වසයෙන් ඇවැතට ලංවූ වචනයම කියන්නේය. “නිවාරෙතබ්බො” කිම, ස්වාමීනි මෙබන්දක් කීම වටීද, ඇවැත් නොවේදැ’යි මෙසේ විචාරන්නහු විසින් මෙන් වැළක්විය යුතුය. ‘වළක්වන්නෙමි’යි ‘මහල්ල’ මෙසේ නොකියව’යි නොකිය යුතුය.