පක්ඛිකභත්තාදිකථා
පක්‍ඛිකාදීන් අතුරෙහි යම් බතක් සලකුණු කළ චාතුද්දසී - පඤ්චදසී - අට්ඨමී යන මේ පක්‍ෂයන්හි කර්‍මාන්තයන්හි යුක්ත වූවන් විසින් පොහොය කරන්නට සිහිකරණ පිණිස දෙනුලැබේද, ඒ බත පක්‍ඛිය නම. එය සලාකභත්තගතිකම වේ. ගන්වා වැලදිය යුතුය. සලාකබතත් පැකිබතත් බොහෝසේ සියල්ලන් විනිවිදයේද, මේ බත්දෙක වෙන් වෙන්ව ගැන්විය යුතුය. ඉදින් භික්‍ෂු තෙමේ මහත්වේද, පැකිබත ගන්වා එබත පිළිබඳ ඨිතිකාවෙන් සලාකබත ගැන්විය යුතුය. සලාකබත හෝ ගන්වා ඒ පිළිබඳ ඨිතිකාවෙන් පැකිබත ගැන්විය යුතුය. යම් කෙනකුන්හට නොපැමිණේද, ඔවුහු පිඬුපිණිස හැසිරෙන්නාහුය. ඉදින් බත් දෙකම බොහෝ වේද, භික්‍ෂූහු මදවෙත්ද, සලාකබත නම් දවස්පතා ලැබේ. එහෙයින් ඒ සලාකබත හැර ‘ඇවැත්නි’ පැකිබත වලඳවු’යි පැකිබතම ගැන්විය යුතුය. පැකිබත ප්‍රණිත කොට දෙත්ද, වෙන්ව ඨිතිකාව කටයුතුය. ‘හෙට පක්‍ෂය, අද පැකිබත නොගැන්විය යුතුය. ඉදින් දායකයෝ ‘හෙට අපගේ ගෙයි සලාකබත වන්නේය, අදම පැකිබත උදෙසවු’යි කියත්නම් එසේ වටියි.
“උපොසථිකං” උපොසථිකබතනම් අඩමසක් පාසා උපොසථ දිනයෙහි උපොසථාඞ්ගයන් සමාදන්ව යමක් තෙමේ වලඳාද, ඒ වැලඳූ දෙයම දෙනු ලැබේ. “පාටිපදිකං” පාටිපදිකබත නම් උපොසථ දිනයෙහි සැදැහවත් තුනුරුවන්හි පහවූ බොහෝදෙන භික්‍ෂූන්ට සත්කාර කරන්නාහ. පෑළවිය දිනයෙහි භික්‍ෂූහු වෙහෙසෙත්. පෑළවිය දිනයෙහි දෙනලද දෙය දුර්භික්‍ෂ කාලයෙහි දෙන දානයක් සමානවූයේ මහත්ඵලවේ. පොහොය කිරීමෙන් හෝ පිරිසිදු වූ සිල් ඇතියවුන්ට දෙවන දිනයෙහි දෙනලද දානය මහත්ඵලවේය’යි සලකා පෑළවිය දිනයෙහි දෙනු ලබන දානයයි. ඒ උපොසථික පාටිපදික බත් දෙකම සලාකභත්තගතිකම වේ. මෙසේ මේ සත්බතම පිණ්ඩපාතිකයන්ට නොවටියි. ධුතාඞ්ගභෙදය කෙරේමය.
චීවරක්‍ඛන්‍ධකයෙහි විසාඛාවන් විසින් වර ඉල්ලා දෙනලද අන්‍යවූද ආගන්තුකභත්ත - ගමියභත්ත - ගිලානභත්ත - ගිලානුපට්ඨාකභත්ත යන බත් සතර පෙළෙහි ආවාහුමය. එහි ආගන්තුකාදීන්ට දියයුතුබත ආගන්තුකභත්ත නම. සෙස්සෙහිදු මේනයය. ඉදින් මෙහි ආගන්තුකබත්ද ආගන්තුකයෝද බොහෝවෙත් නම් සියල්ලන්ට එක එක ගැන්විය යුතුය. බත් නොපොහොනා කල්හි ඨිතිකාවෙන් ගැන්විය යුතුය. එක් ආගන්තුකයෙක් පළමුකොටම අවුත් සියලු ආගන්තුකබත් තමන්ට ගන්වා හිදීනම් සියල්ල ඔහුටම වේ. පසුව ආ ආගන්තුකයන් විසින් පළමු ආ ඔහු විසින් දුන්බත් වැලඳිය යුතුය. ඔහු විසින්ද එකක් තමාට ගන්වා සෙසු බත් දිය යුතුය.
යම් ආගන්තුකයෙක් පළමුකොට අවුත් තමහට නොගන්වා මුවෙන් නොබැණ හිඳීද, මෙතෙමේ උදාර වේ. පසුව පැමිණියවුන් සමග පිළිවෙළින් ගතයුතුය. නිතර ආගන්තුකයෝ එත්නම් ආ දිනයෙහිම වැලදිය යුතුය. අතරින් අතර එත්නම් දෙතුන් දවසක් වැලඳිය යුතුය. මහාපච්චරියෙහි සත්දිනක් වැලඳිය හැකියයි කියනලදී.
ආවාසිකයෙක් තෙමේ කිසිතැනක ගොස් ආයේද ඔහු විසින්ද ආගන්තුකබත වැලදිය යුතුය. ඒ ආගන්තුකබත විහාරයෙහි නියම කරණලද්දේ හෝ වේද, විහාරයෙහි ගැන්විය යුතුය. විහාරය දුර පිහිටියේය’යි අසුන්හලෙහි නියමකරණ ලද්දේ අසුන්හලෙහි ගැන්විය යුතුය. ඉදින් දායකයෝ ආගන්තුකයන් නැති කල්හි ආවාසිකයෝද වලඳත්වා’යි කියත්නම් වටියි. නොකියූ කල්හි නොවටියි.
ගමියබතෙහිද කථාමාර්‍ගය මේම වේ. මේවනාහි වෙනස්ය. ආගන්තුක තෙමේ ආගන්තුකබතම ලබයි. ගමිකතෙමේ ආගන්තුක බත හා ගමිකබතද ලබයි. ආවාසික තෙමේද යනු කැමැත්තේවේනම් ගමිකවේ. ගමිකබතද ලබන්නේය. ආගන්තුක බත යම්සේ වේනම් එසේ මේබතද දෙතුන් දවසක් හෝ සත්දවසක් හෝ නොලබන්නේය. යන්නෙමි’යි අනුභව කරණලද්දේ එදවස කිසි කරුණක් නිසා නොගියේද දෙවනදිනයෙහිද වැලඳිය හැකිය. උත්සාහවත් බැවින් යන්නෙමියි වලඳන ලද්දහුට සොරු හෝ මග අවුරත්ද ජලය හෝ වේද මෙඝයෙක් හෝ වසීද ජනසමූහතෙමේ හෝ නොයේද උත්සාහසහිත වූවහු විසින් වැලඳිය යුතුය. මේ උවදුරු බලන්නහු විසින් දෙතුන් දිනක් වැලදීම වටීයයි මහාපච්චරියෙහි කියනලදී. ‘යන්නෙමි, යන්නෙමි’යි ලෙශයක් නගා වලඳන්නට නොලබයි.