දසවත්ථුකථා
සත්තසතිකක්‍ඛන්‍ධකයෙහි - [missing trans]
[missing trans] “වඩ්ඪන්ති කටසිං” නැවත නැවත මළසිරුරුලන්නාහු බිම වඩත් මෙසේ වඩන්නාහුද ඝොරවූ පුනර්භවය ගණිත්.
“පාපකං නො ආවුසො කතං” ඇවැත්නි අප විසින් පවක් කරණ ලද්දේය යන අර්‍ත්‍ථයි.
“කතමෙන ත්‍වං භුම්මි විහාරෙන” යන මෙහි භුම්මි යන මෙය ප්‍රියවචනයෙකි. ප්‍රිය කථාවක් කරනු කැමැති වූ ආයුෂ්මත් සබ්බකාමී ස්ථවිර තෙමේ නවක හා භික්‍ෂූන්ට මෙසේ අමතයි. “කුල්ලකවිහාරෙන” උඩුකුරුව සයනය කරණ විහරණයෙන්
“සාවත්‍ථියා සුත්තවිභඞ්ගෙ” සූත්‍රවිභඞ්ගයෙහි මෙසේ ප්‍රතික්‍ෂෙප කරණලද්දේ වේද, යත්: එහි වනාහි අඟෙහි ලුණුලා පරිහරණය කිරීමෙහි සන්නිධිය නම්, ‘අද පිළිගන්නා ලද්ද අපරදිනයෙහි’යි කියා නැවැත දෙවන දිනයෙහි ප්‍රයොජන ගනු පිණිස තබන ලද්දෙහි සන්නිධි කිරීමක් නොවූයේය, යන සංඥා ඇතිව කෑ යුත්තක් හෝ බිදියයුත්තක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පාචිත්තියාපත්තිය වන්නීය’යි ඇවැත වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂෙප කරණලද්දේ වේ. එහිලා සමහර ආචාර්‍ය්‍යයෝ යම් මහණෙක් දෙවන දවස ප්‍රයොජන ගනු පිණිස තැබු කෑයුත්තක් හෝ බිදිය යුත්තක් හෝ වදාරණ ලදී. මේ ලුණු නම් යාවජීවික බැවින් සන්නිධිභාවයට නොපැමිණේ. ඔහු විසින් ලුණු නැතිනම් ආමිසයක් පෙර පිළිගත් ඒ ලුණු සමග වලඳානම්, එය එදවසම පිළිගන්නා ලද්දේමය. එහෙයින් “යාව කාලිකෙන භික්‍ඛවෙ යො යාවජීවිකං තදහු පටිග්ගහිතං කාලෙ කප්පති විකාලෙන කප්පති”යි වදාළ බැවින් මෙහි: දුක්කටය වියයුතුය’යි කියත්. ඔවුහු කියයුත්තාහ. ‘යුෂ්මතුන්ගේ මතියෙන් දුක්කටයද නොවිය යුතුය. මෙහි යාවජීවිකය එදවස පිළිගන්නා ලද්දේ නොවේ. යාවකාලිකයම එදවස පිළිගන්නා ලද්දේය. විකාලයෙහි පරිභොග නොකරණ ලද්දේය. ඉදින් විකාලයෙහිද එය කැප නොවේය යන වචනයෙන් යුෂ්මත්හු දුක්කටයයි හඟිවුද, යාවජීවිකයෙන් මිශ්‍රවූ යාවකාලිකය නොකල්හි වලදන මහණහුට විකාලභොජන පාචිත්තියද නොවන්නේය. එහෙයින් ව්‍යඤ්ජනය පමණක් නොගතයුතුය. අර්‍ත්‍ථය පරීක්‍ෂා කටයුතුය’යි.
මේ වනාහි මෙහි අර්‍ත්‍ථය වේ. යාවකාලිකය සමග යාවජීවිකය එදවස පිළිගන්නා ලද්දේ ඉදින් මිශ්‍රරස ඇත්තේවේද, යාවකාලික ගතිම වේ. එහෙයින් “යො පන භික්‍ඛු විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා” යන මේ ශික්‍ෂාපදයෙන් කාලයෙහි කැපවේ. විකාලයෙහි නොකැප වේ. මේ මිශ්‍රරසය කැප නොවේය යන වචනමාත්‍රයෙන් මෙහි දුක්කටය වේ. යම්සේ වනාහි යාවකාලිකය හා මිශ්‍රරස ඇති යාවජීවිකය එදවස පිළිගන්නා ලද්දේ විකාලයෙහි කැපනොවේද, විකාලභොජනය නිමිති පාචිත්තිය එළවන්නේ වේද, එසේ අද පිළිගන්නා ලද්දේ ද දෙවනදිනයෙහි යාවකාලිකය සමග මිශ්‍රරස ඇත්තේ කැපනොවේ. සන්නිධිභොජනය නිමිති පාචිත්තිය එළවන්නේ වේ. ඒ සන්නිධිකරණලද්ද වේයයි නොදන්නේද නොමිදේය’යි “සන්නිධිකාරකෙ අසන්නිධිකාරකසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජතිවා ආපත්ති පාචිත්තියස්ස” මෙසේ වදාරණ ලද්දේය. එහෙයින් “කත්‍ථ පටික්‍ඛිත්තං” කොතැනකදී ප්‍රතික්‍ෂෙප කරන ලද්දේ ද, යන මේ විචාරීම පිළිබඳ සැවැත්නුවර පදභාජනීයයෙහි රජගහනුවර උපෞෂථසංයුක්තයෙහි කළ මේ විවරණය ඉතා පිරිසිදුය.
රජගහනුවර උපෞෂථසංයුක්තයෙහි ‘න භික්‍ඛවෙ එකස්මිං ආවාසෙ ද්වෙ උපොසථාගාරානි සම්මන්නිතබ්බානි, යො සමන්නෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යන මෙය මේ සඳහා වදාරණ ලදී. “විනයාතිසාරෙ දුක්කටං” “න භික්‍ඛවෙ එකස්මිං ආවාසෙ ද්වෙ උපොසථාගාරානි සම්මන්නිතබ්බානි” යන මේ විනය පිළිබඳ ප්‍රඥප්තිය ඉක්මවීම නිමිති දුක්කටය වේ. “චම්පෙය්‍යකෙ විනයවත්‍ථුස්මිං” මේ විවරණය “අධම්මෙන චෙ භික්‍ඛවෙ වග්ගකම්මං අකම්මං න ච කරණීයං” යන මේ ආදියකොට චම්පෙය්‍යක්‍ඛන්‍ධකයෙහි ආ විනයවස්තුව සඳහා කියනලදී.
“එකච්චො කප්පති” යන මේ විවරණය ධාර්මිකවූ ආචිර්‍ණය සඳහා කියනලදී. “ඡෙදනකෙ පාචිත්තියං” යනු පදභාජනයෙහි ‘නිෂීදනය නම් දාවලු සහිත නිෂීදනයයි කියනු ලැබේනුයි ආයේද, එහෙයින් සුගත් වියත් දෙකකට වඩා දාවල්ලම වියතක් පමණම ලැබේ. දාවල්ල හැර එපමණ නිෂීදනය කරණ මහණහු පිළිබඳව මේ ආයේම වේ. ‘එපමණ ඉක්මවන මහණහුට සිඳ දෙසිය යුතු පාචිත්තිය වේ. එහෙයින් ‘කුමකට පැමිණේදැ’යි විචාරණලදුයේ “ඡෙදනකෙ පාචිත්තිය”යි වදාළ සේක. ඡෙදනක ශික්‍ෂාපදයෙහි කියනලද පාචිත්තියට පැමිණේය යන අර්‍ත්‍ථයි. සෙසු සියලු තන්හි ප්‍රකටමය.
සිංහලසමන්තපාසාදිකාවෙහි සත්තසතිකක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.
පඤ්චස්කන්‍ධය පිළිබඳ දුක් ප්‍රහානය කළ භාග්‍යවතුන් වහන්සේ විසින් සසුනෙහි මහාවර්‍ගයෙහි දසයෙක, චූලවර්‍ගයෙහි දොළොසෙකැයි මෙසේ දෙවිසි ප්‍රභෙද ඇති මහාවර්‍ග චූලවර්‍ග සඞ්ඛ්‍යාත වර්‍ග දෙකෙකින් සඞ්ග්‍රහ කරණලද යම් ඛන්‍ධක කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ඛන්‍ධකයන්ගේ වර්‍ණනාව අනතුරක් නැතිව යම්සේ සිදුවීද, එසේ ප්‍රාණීන්ගේ කල්‍යාණද්ධ්‍යාශයෝ සිද්ධ වෙත්වා.
චූලවර්‍ග වර්‍ණනාව නිමි.