පඤ්චසතිකක්‍ඛන්‍ධ වර්‍ණනාව
ඛුද්දානුඛුද්දකසික්ඛාපදකථා
පඤ්චසතිකක්‍ඛන්‍ධකයෙහි - “චත්තාරී පාරාජිකානි ඨපෙත්‍වා අවසෙසානි ඛුද්දානුඛුද්දකානි” මේ ආදි එක් ශික්‍ෂාපදයකුදු නොහැර සියලු ශික්‍ෂාපදයන්ගේ සඞ්ග්‍රහ කටයුතුබව දැක්වීම පිණිස පරියායෙන් වදාරණ ලදී. “ඉදං වො සමණානං” මෙය ශ්‍රමණයන්ට වොකාරය පදපූරණ මාත්‍රයෙහිය.
“ඉදම්පි තෙ ආවුසො ආනන්‍ද දුක්කටං” ‘තා විසින් මේ කරණලද්ද නොමනාය’යි හුදෙක් ගරහන්නා වූ තෙරුන් විසින් කියනලදී. ඇවැත සඳහා නොකියනලදී. ඒ තෙරහු ආපත්ති අනාපත්ති නොම නොදනිත්. “සඞ්ඝො අපඤ්ඤත්තං න පඤ්ඤාපෙති, පඤ්ඤත්තං න සමුච්ඡන්‍දති”යි මේ කරුණ ද දැන්ම අස්වනලදී. “දෙසෙහි තං ආවුසො දුක්කටං” යන මෙද, “ආම භන්තෙ, දුට්ඨූමයා තං කතන්ති එවං ජානාහි තං”යි මෙසේ ඒ දුක්කටය පිළිදනුව’යිද යනු සඳහා කියනලදී. ආපත්තිදෙසනාව සඳහා නොකියන ලදී. ස්ථවිර තෙමේ වනාහි යම් හෙයකින් නොසිහියෙන් ක්‍ෂුදානුක්‍ෂුද්‍ර ආපත්තීන් කිමැයි නොවිචාළේය. අනාදරයෙන් නොවේ. එහෙයින් එහි නොමනාව කළබවක්ද නොසලකමින් “නාහං තං දුක්කටං පස්සාමි”යි කියා තෙරුන් කෙරෙහි ගෞරව දක්වමින් “අපි ච ආයස්මන්තානං සද්ධාය දෙසෙමි තං දුක්කටං”යි කීයේය. යම්සේ ඔබවහන්සේලා කියවුද, එසේ පිළිදනිමි. කියනලද්දේ වේ. සෙසු සිවුතන්හිද මෙමනය වේ. මෙහි සෙසු යමක් කියයුතු වන්නේද, එය නිදාන වර්‍ණනාවෙහිම කියන ලද්දේය.
පඤ්චසතිකක්‍ඛන්‍ධ වර්‍ණනා තොමෝ නිමියාය.
සත්තසතිකක්‍ඛන්‍ධක වර්‍ණනාව
දසවත්ථුකථා
සත්තසතිකක්‍ඛන්‍ධකයෙහි - [missing trans]
[missing trans] “වඩ්ඪන්ති කටසිං” නැවත නැවත මළසිරුරුලන්නාහු බිම වඩත් මෙසේ වඩන්නාහුද ඝොරවූ පුනර්භවය ගණිත්.
“පාපකං නො ආවුසො කතං” ඇවැත්නි අප විසින් පවක් කරණ ලද්දේය යන අර්‍ත්‍ථයි.
“කතමෙන ත්‍වං භුම්මි විහාරෙන” යන මෙහි භුම්මි යන මෙය ප්‍රියවචනයෙකි. ප්‍රිය කථාවක් කරනු කැමැති වූ ආයුෂ්මත් සබ්බකාමී ස්ථවිර තෙමේ නවක හා භික්‍ෂූන්ට මෙසේ අමතයි. “කුල්ලකවිහාරෙන” උඩුකුරුව සයනය කරණ විහරණයෙන්
“සාවත්‍ථියා සුත්තවිභඞ්ගෙ” සූත්‍රවිභඞ්ගයෙහි මෙසේ ප්‍රතික්‍ෂෙප කරණලද්දේ වේද, යත්: එහි වනාහි අඟෙහි ලුණුලා පරිහරණය කිරීමෙහි සන්නිධිය නම්, ‘අද පිළිගන්නා ලද්ද අපරදිනයෙහි’යි කියා නැවැත දෙවන දිනයෙහි ප්‍රයොජන ගනු පිණිස තබන ලද්දෙහි සන්නිධි කිරීමක් නොවූයේය, යන සංඥා ඇතිව කෑ යුත්තක් හෝ බිදියයුත්තක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පාචිත්තියාපත්තිය වන්නීය’යි ඇවැත වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂෙප කරණලද්දේ වේ. එහිලා සමහර ආචාර්‍ය්‍යයෝ යම් මහණෙක් දෙවන දවස ප්‍රයොජන ගනු පිණිස තැබු කෑයුත්තක් හෝ බිදිය යුත්තක් හෝ වදාරණ ලදී. මේ ලුණු නම් යාවජීවික බැවින් සන්නිධිභාවයට නොපැමිණේ. ඔහු විසින් ලුණු නැතිනම් ආමිසයක් පෙර පිළිගත් ඒ ලුණු සමග වලඳානම්, එය එදවසම පිළිගන්නා ලද්දේමය. එහෙයින් “යාව කාලිකෙන භික්‍ඛවෙ යො යාවජීවිකං තදහු පටිග්ගහිතං කාලෙ කප්පති විකාලෙන කප්පති”යි වදාළ බැවින් මෙහි: දුක්කටය වියයුතුය’යි කියත්. ඔවුහු කියයුත්තාහ. ‘යුෂ්මතුන්ගේ මතියෙන් දුක්කටයද නොවිය යුතුය. මෙහි යාවජීවිකය එදවස පිළිගන්නා ලද්දේ නොවේ. යාවකාලිකයම එදවස පිළිගන්නා ලද්දේය. විකාලයෙහි පරිභොග නොකරණ ලද්දේය. ඉදින් විකාලයෙහිද එය කැප නොවේය යන වචනයෙන් යුෂ්මත්හු දුක්කටයයි හඟිවුද, යාවජීවිකයෙන් මිශ්‍රවූ යාවකාලිකය නොකල්හි වලදන මහණහුට විකාලභොජන පාචිත්තියද නොවන්නේය. එහෙයින් ව්‍යඤ්ජනය පමණක් නොගතයුතුය. අර්‍ත්‍ථය පරීක්‍ෂා කටයුතුය’යි.
මේ වනාහි මෙහි අර්‍ත්‍ථය වේ. යාවකාලිකය සමග යාවජීවිකය එදවස පිළිගන්නා ලද්දේ ඉදින් මිශ්‍රරස ඇත්තේවේද, යාවකාලික ගතිම වේ. එහෙයින් “යො පන භික්‍ඛු විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා” යන මේ ශික්‍ෂාපදයෙන් කාලයෙහි කැපවේ. විකාලයෙහි නොකැප වේ. මේ මිශ්‍රරසය කැප නොවේය යන වචනමාත්‍රයෙන් මෙහි දුක්කටය වේ. යම්සේ වනාහි යාවකාලිකය හා මිශ්‍රරස ඇති යාවජීවිකය එදවස පිළිගන්නා ලද්දේ විකාලයෙහි කැපනොවේද, විකාලභොජනය නිමිති පාචිත්තිය එළවන්නේ වේද, එසේ අද පිළිගන්නා ලද්දේ ද දෙවනදිනයෙහි යාවකාලිකය සමග මිශ්‍රරස ඇත්තේ කැපනොවේ. සන්නිධිභොජනය නිමිති පාචිත්තිය එළවන්නේ වේ. ඒ සන්නිධිකරණලද්ද වේයයි නොදන්නේද නොමිදේය’යි “සන්නිධිකාරකෙ අසන්නිධිකාරකසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජතිවා ආපත්ති පාචිත්තියස්ස” මෙසේ වදාරණ ලද්දේය. එහෙයින් “කත්‍ථ පටික්‍ඛිත්තං” කොතැනකදී ප්‍රතික්‍ෂෙප කරන ලද්දේ ද, යන මේ විචාරීම පිළිබඳ සැවැත්නුවර පදභාජනීයයෙහි රජගහනුවර උපෞෂථසංයුක්තයෙහි කළ මේ විවරණය ඉතා පිරිසිදුය.