නප්පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකාදිකථා
“ලොමං පාතෙන්ති” හෙලු ලොම් ඇත්තාහු වෙත්. භික්ෂූන්ට අනුව පවතිත්ය යන අර්ත්ථයි. “නෙත්ථාරං වත්තන්ති” එතෙර වන්නවුන්ගේ මේ වතයි. නෙත්ථාර නම. යම්වතක් කරණකොට නිස්සාරණයෙන් එතෙර වන්නට හැක්කේද, ඒ අටළොස් වැදෑරුම් වූ මනාවතෙහි පවතිත්ය යන අර්ත්ථයි. මෙතෙක් කල් වත පිරියයුතුද, යත්:- දසදවසක් හෝ පස් දවසක්හෝය. මේ කර්මස්කන්ධකයෙහි මෙපමණකින් වත පුරණ ලද්දේම වේ.
නියස්සකම්මකථා
සෙය්යසක වස්තුවෙහි - “අපිස්සු භික්ඛු පකතත්තා” තවද භික්ෂූහු නිත්ය ව්යාවෘත වූවාහු වෙත්. සෙස්ස තර්ජනීය කර්මයෙහි කියන ලද්ද සමානම වේ.
පබ්බාජනීයකම්මකථා
“අස්සජි පුනබ්බසුක” වස්තුව සඞ්ඝාදිසෙස වර්ණනාවෙහි කියනලදී.
“කායිකෙන දවෙන” යනාදිතන්හි වනාහි මෙහි කායිකද්වය නම් කායක්රීඩාව කියනු ලැබේ. සෙසු දෙපදයෙහිද මේනයම වේ. “කායිකො අනාචාරො” කායික අනාචාර නම් කායද්වාරයෙහි පැණවූ ශික්ෂාපදයන්ගේ ව්යතික්රමය කියනු ලැබේ. සෙසු දෙපදයෙහි මේනයම වේ. “කායිකං උපඝාතිකං” කායික උපඝාතක නම් කායද්වාරයෙහි පැණවූ ශික්ෂාපදයන්හි නොහික්මෙන බැවින් පෙළීමයි කියනු ලැබේ. නැසීම වැනසීම යන අර්ත්ථයි. සෙසු දෙපදයෙහිද මේනයම වේ. “කායිකෙ මිච්ඡාජිවො” කායිකමිත්ථ්යාජීව නම් ප්රතික්ෂිප්ත වෛද්ය කර්මාදීන්ගේ වසයෙන් තෙල් පිසීම් අරිෂ්ට පිසීම් ආදියයි. “වාචසිකො මිච්ඡාජීවො” වාචසිකමිත්ථ්යාජීවනම් ගිහින්ගේ හසුන් පිළිගැණීම් සැලකිරීම් ආදියයි. “කායිකවාචසිකො” කායික වාචසික නම් එදෙකමය. සෙස්ස තර්ජනීයයෙහි කියූනය ඇත්තේමය.
පටිසාරණීයකම්මකථා
සුධම්ම වස්තුවෙහි - “අනපලොකෙත්වා” නොවිචාරා. “එතදවොච” ‘ගැහැවිය’ තාවිසින් කුමක් තෙරුන්ට පිළියෙල කරණලදදැ’යි සියල්ල වැස්ම හරවා දැක, මේ වචනය කීයේය. “එකාව ඛො ඉධ නත්ථි යදිදං තිලසඞ්ගුළිකා” මේ තලගුළි නමැයි යමක් කියනු ලැබේද ඒ තල ගුළි නැතැයි යන අර්ත්ථයි. ඒ ගැහැවිහුගේ වංශයෙහි ආදියෙහි එක් පූවෙළෙන්දෙක් වූයේය. ඒ කාරණයෙන් ස්ථවිරතෙමේ ඒ ගැහැවියාහට ජාතියෙන් ගරහනු කැමැත්තේ මෙසේ කීයේය. “යදෙව කිඤ්චි” මෙසේ බොහෝ බුදුවදන් නැමැති රුවන් හැරදමා යම්කිසි තිලසඞ්ගුළික වචනයක් කියන ලදද, කුක්කුටපොතක උදාහරණයෙන් මෙය දක්වාලන්නේය. යම්සේ ඒ කුකුළු පැටවා කවුඩු හඬක් නොමකෙළේය. කුකුළු හඬක් නොකෙළේය. එපරිද්දෙන් තා විසින්ද, මහණුන් විසින් කියයුතු වචනයක් නොකියන ලදය. ගිහියන් විසින් කියයුතු වචනයක් නොකියන ලදය.
අධම්මකම්මාදිද්වාදසකකථා
“අසම්මුඛා කතං” යනාදීවූ ත්රිකය කියූ ආකාර ඇත්තේමය.
අඞ්ගසමන්නාගමය පෙර තර්ජනීයාදි කර්මයන්ට කියනලද කරුණු හා අසමාන වේ. එහි යම්සේ ලාභ නොලබත්ද, එසේ උත්සාහ කරණුයේ පරාක්රම කරණුයේ අලාභය පිණිස උත්සාහය කෙරේනම. අනර්ත්ථාදීන් කෙරෙහිද මේ නයවේ. එහි “අනත්ථො” වැඩ නැසීමය. “අවාසො” එතැන්හි නොවිසීමය. “ගිහීනං බුද්ධස්ස අවණ්ණං.” ගිහියන්ගේ සමීපයෙහි බුදුරජුන්ගේ නුගුණ කියාද, “ධම්මිකං පටිස්සවං න සච්චාපෙති” යම්සේ සත්යය ඇත්තේවේද, මෙසේ නොකෙරේද, වස්සාවාසය පිළිගෙණ නොයේද, අන්ය වූ හෝ මෙබන්දක් නොකෙරේද, “පංචන්නං භික්ඛවෙ” යනාදිය එක් අඞ්ගයක් කරණකොට ගෙණද, කර්මයට සුදුසු බව දක්වනු පිණිස වදාරණ ලදී. මෙහි සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය. තර්ජනීයකර්මයෙහිද කියූනය ඇත්තේමය.
ආපත්තියා අදස්සනෙ උක්ඛෙපනීයකම්මකථා
ඡන්න වස්තුවෙහි - “ආවාසපරම්පරඤ්ච භික්ඛවෙ සංසථ” සියලු ආවාසයන්හි සැලකරවු.
“භණ්ඩනකරකො” යනාදිතන්හි ඩබරකිරීම් ආදිය නිසා පැමිණි ඇවත නගා ඇවැත නොදැක්මෙහිම කර්ම කටයුතුය. ත්රිකය කියූ ආකාර ඇත්තේමය.
මෙහි මනාව පැවැත්මෙහි තෙසාළිසක් වත්වේ. එහි “න අනුද්ධංසෙතබ්බො” චෝදනා නොකටයුතුය. “න භිඣු භික්ඛූහි” අන් මහණෙක් තෙමේ අන් මහණුන් හා නොබිදිය යුතුය. “ න ගිහීධජො” සුදුවත්ද නොසිඳූ දාවලු ඇති මල්දාවලු ඇති වත් නොදැරිය යුතුය. “න ආසදෙතබ්බො” නොගැටිය යුතුය. “අන්තො වා බහි වා” විහාරය තුළ හෝ පිටත හෝ න තිත්ථියාදිපදත්රය ප්රකටමය. සෙසු සියල්ල පරිවාසිකක්ඛන්ධකයෙහි වර්ණනා කරන්නෙමු. සෙස්ස තර්ජනීය කර්මයෙහි කියූනය ඇත්තේමය. ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්ෂෙපණීය කර්මය මේ ප්රතිසාරාණීය කර්මය සමානම වේ.
අරිෂ්ට වස්තුව ඛුද්දක වර්ණනාවෙහි කියනලදී. “භණ්ඩනකාරකො” යනාදිතන්හි යම් දෘෂ්ටියක් නිසා ඩබරකිරීම් ආදිය කෙරේද, ඒ දෘෂ්ටිය නොහැරීමෙහිම උත්ක්ෂෙපණීය කර්මය කටයුතුය. සෙස්ස තර්ජනීය කර්මයෙහි කියූනය ඇත්තේමය. මනාව පැවැත්මෙහිද මෙහි තෙසාළිසක්ම වත්වේ.
කම්මක්ඛන්ධක වර්ණනාව නිමි.
පාරිවාසිකක්ඛන්ධක වර්ණනාව
පාරිවාසිකවත්තකථා
පරිවාසිකක්ඛන්ධකයෙහි - “පාරිවාසිකා” පිරිවෙස් වසන්නෝය. එහි අපටිච්ඡන්නපරිවාස - පටිච්ඡන්න පරිවාස - සුද්ධන්තපරිවාස - සමොධානපරිවාසයි පරිවාසය සිවුවැදෑරුම් වේ. ඔවුන් අතුරෙහි, ‘මහණෙනි’ අන්යවූද පෙර අන්යතීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි පැවිද්ද කැමැතිවේද, උපසම්පදාව කැමැතිවේද, ඔහුට සිවුමසෙක් විසීමෙහි පරිවාසය දියයුතුය’යි මෙසේ මහාක්ඛන්ධකයෙහි කියූ තීර්ථකපරිවාසය තෙමේ අපටිච්ඡන්නපරිවාස නම්වේ. එහි යමක් කියයුතුද, එය කියන ලද්දේමය. මේ පරිවාසය මෙහි අදහස් නොකරණ ලද්දේය. සෙසු පරිවාසයෝ තිදෙන යමකු විසින් සඞ්ඝාදිසෙසාපත්තිතොමෝ පැමිණෙන ලද්දීවේද, වසන ලද්දීවේද, ඔහුට දියයුතුය. ඒ පරිවාසයන්හි යමක් කියයුතුද, ඒ කියයුත්ත සමුච්චයක්ඛන්ධකයෙහි කියන්නෙමු. මේ පරිවාසයෝ මෙහි අදහස් කරණ ලදහ. එහෙයින් මේ පිරිවෙස් අතුරෙහි යම්කිසි පිරිවෙසක් ගෙණ වසන්නාහු පාරිවාසිකයෝයි දතයුත්තාහ.