2. සුඛ සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - අදුක්ඛමසුඛං සහ = දුකක් නොවන්නා වූ ද, සැපයක් නොවන්නාවූ ද, එහෙත් සුව දුක් සමග ජීවත්වන්නා වූ, අජ්ඣත්තඤ්ච බහිද්ධාච = තමාගේ ද, අන්යයන්ගේද, මොඝධම්මං = විනාශ වී යන ස්වභාවය පලොකිනං = වැනසෙන, බිඳෙන ස්වභාවය. ඵුස්ස ඵුස්සවයං ඵුස්සං = නුවණින් විමසා බලා (නුවණින් ම) ස්පර්ශ කරන්නේ. එවං තත්ථවිරජ්ජති = මෙසේ එම වේදනාවන්හි නො ඇලෙයි මේ සූත්රයෙහි ද විමසා බැලීම් ක්රියාවලියෙහි දී සිදු වන වින්දනය කියන ලදී. ගාථාවන්හිදී ඤාණ ස්පර්ශය (හෙවත් නුවණින් මෙනෙහි කිරීම) කියන ලදී.
3. පහාන සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි - අච්ඡෙච්ඡි තණ්හං - සියලුම තෘෂ්ණාව බිඳ සමුච්ඡේදනය කරන ලදී. වාවත්තයි සඤ්ඤොජනං = දස වැදෑරුම් වූ සංයෝජනයන් පෙරලා දැමීය. මුල් සිඳ දැමීය. සම්මා = හේතුවෙන්, කාරණයෙන් මානාභි සමය = අර්හත් මාර්ගය වනාහී මානයේ පිහිටි බව අවබෝධ වීමෙන් ද, මානය ප්රහාණය වන බව අවබෝධ වීමෙන් ද (මානයෙහි පවතින) කෘත්යයන් වශයෙන් මානය දකියි. මෙය මෙහි දර්ශන අවබෝධයයි. එමගින් දකිනු ලබන ඒ මානය ඒකෙණෙහි ම ප්රහීන වෙයි. දෘෂ්ටිය නමැති විෂ විසින් දෂ්ට කරනු ලබන සත්ත්වයන්ගේ ජීවිත (සුව කරගන්නාක්) මෙන් මෙම මානයේ ප්රහාණය අවබෝධ වෙයි.
අන්තමකාසි දුක්ඛස්ස = මෙසේ අර්හත් මාර්ගය විසින් මානය දකිනු ලැබූ බැවින් ද, ප්රහීන කළ බැවින් ද යම් බඳු වූ මේ කය හා ඇති බැඳීමේ අන්තය දිරීමක් වෙයි ද හරිතවර්ණ වීමක් හෝ වෙයි ද, මෙසේ කියන ලද අන්තිම සීමා කෙළවර ද යන මෙය මහණෙනි, ජීවිතයන්හි එක් අන්තයක් වේ. මෙසේ කියන ලද ලාමක වූ අන්තය වන තමාගේ ශරීරය එක් අන්තයක් වේ. මෙසේ කියන ලද කොටසේ අන්තය ද මෙම අන්තයම වේ. දුකෙහි සියලුම හේතූන් නැති වීමය යන මෙය කී කල්හි ගැනෙන කෝණ අන්තය ද යනුවෙන් අන්ත සතරක් වේ. ඒ සියල්ලට ම සංසාර දුඃඛයාගේ කෝණ සතරක් බව කියා නිම කළහ. පරිච්ඡේදය අවසන් කළහ. අවසාන වශයෙන් ශරිරය ද දුකක් ඇති කළේයයි කියන ලද්දේ වෙයි.
සම්පජඤ්ඤං න රිඤ්චති, සිහියෙන් යුත්බව අත් නොහරියි. සඞ්ඛං නුපෙති = රාගයෙන් යුක්ත වූවෙක්ය, දුෂ්ටයෙක්ය, මුළාවූවෙක්ය, යනුවෙන් ව්යවහාරයට නො පැමිණේ. මහ රහත් නමක් ම වෙයි. මේ සූත්රයෙහිදී අරමුණු වන රාගාදී අභ්යන්තර කෙනෙක් ගැන කියන ලදී.
4. පාතාල සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි - පාතාලො = වැටුණ තැනැත්තහුට සුදුසු අවසානයක් යම් තැනෙක නැත්තේ ද එතැන පාතාලය පිහිටයි. අසන්තං අසංවිජ්ජමානං = තමාම දඩුවම් විඳ ගැනීම (හෙවත් මානත්) නොදැනීම නිසා හට නොගත් බැවින්. එවං වාචං භාසති = මහා සමුද්රයෙහි ගැඹුරු ආවාටයක් ඇතැයි යන මෙබඳු කියමනක් වේ. බළවාමුඛය (වඩබාමුඛය) නම් එයයි. මහා සමුද්රයෙහි ජලය වේගයෙන් ගලා ගොස් සක්වළ පව්වෙහි හෝ මහ මෙරෙහි හෝ ගැටී යොදුන් එකක් දෙකක් හෝ දහයක ප්රමාණයක් හෝ උඩට ගොස් නැවත මහ සමුදුරෙහි පතිත වෙයි. එය වැටුණ තැන අපායට යන ප්රපාතය වෙයි. එයට ලොව වළවා මුඛය (වඩවාමුඛය) යයි කියනු ලැබේ. ඒ පිළිබඳව මෙසේ කියයි.
යම් හෙයකින් වනාහී එහි මසුන්, කැසුබුවන් හා අසුරයන් යන ආදීන්හට වාසය කළ හැක්කේයයි ද, එහි සුවසේ විසිය හැකැයි ද යමකු, කියත් නම් එසේ කීමට හේතුවක් නැත, එහි සත්යයක් විද්යමාන නො වේ, ඒවා වචන පමණක් ම වේ. යම් හෙයකින් වනාහී සියලු පෘථග්ජනයෝ ශාරීරික දුඃඛවේදනාවෙහි පිහිටීමට නො හැකි වෙත් ද, එහෙයින් වැටීමට සුදුසුය යන අර්ථයෙන් මෙයම පාතාලය යැයි දක්වමින් සාරීරිකානං ඛො එතං භික්ඛවෙ යන ආදිය කීහ.
පාතලෙන පච්චුට්ඨාසී = පාතාලයෙහි පිහිටියේය. ගාධං = පිහිට කන්දති = එක දිගට නොපවත්නා විලාප නඟන්නේ යන අරුතින් “කන්දති” යි යෙදේ. දුබ්බලො = දුබල නුවණ අප්පථාමක = ඥාන ශක්තියේ අල්ප භාවය නිසා අල්ප වූ බලයක් ඇති තැනැත්තා ය. මේ සූත්රයෙහි ආර්ය ශ්රාවක වූ සෝවාන් තැනැත්තා දක්වා ඇත. සෝවාන් වූ තැනැත්තා වනාහී මෙහි බලවත් වීර්ය ඇතිව විදර්ශනා වඩන්නේ තියුණු නුවණ ඇත්තේ උපන් වේදනාවට අනුකූල නොවී පැවතීමට සමත්වූයේ යෝගාවචරයකු ලෙස සුදුසු වෙයි.
5. දට්ඨබ්බ සූත්ර වර්ණනාව
පස් වැන්නෙහි - දුක්ඛතො දට්ඨබ්බා = වෙනසට භාජනය වීම් වශයෙන්, දුක් වශයෙන් දැක්විය යුතුය. සල්ලතො = දුක්වනාහී විනිවිද යන්නේය යන අර්ථයෙන් “සල්ලා” (හෙවත් උල්) යනුවෙන් දැක්විය යුතුය. අනිච්චතො = දුකක් නොවී, සැපයක් නො වී, පැවැත්වීමක් නැති ආකාරයෙන් අනිත්ය වශයෙන් දැක්විය යුතුය. අද්දා = දුටුවේය සන්තං = ශාන්ත වූ ස්වභාවය.
6. සල්ල සූත්ර වර්ණනාව
සයවැන්නෙහි - තත්ර = ඒ ජන කොටස් දෙක අතර අනුවෙධං විජ්ඣෙය්යුං = එම තුවාල මුඛයේ ම අඟලක් අතරෙහි හෝ දෙ අඟලක් අතරෙහි හෝ ප්රමාණයේ ආසන්න ප්රදේශයක පැතුරුණු වේදනාවයි. මෙසේ සිදු වූ තැනැත්තාට වනාහී පැතුරුණු වේදනාව පළමු වේදනාවට වඩා බලවත් වෙයි. අක්ඛාය වෙදනාය නිස්සරණං = සමාධි හා මඟපල ද දුක්වේදනාවලින් නිදහස ලබා ගැනීම කැයි හෙතෙම නො දකියි. කම් සුවය ලැබීමම නිදහස ලබා ගැනීමකැයි දකියි. තාසං වෙදනානං = එම සුව දුක් වේදනාවන්ගේ සඤ්ඤුත්තො නං වෙදයති - කෙලෙස් හා එකට එක් වූයේම ඒ වින්දනය විඳ ගනියි. කෙලෙස්වලින් වෙන් වූයේ (නම් වින්දනය) නො ලබයි. සඤ්ඤුත්තො දුක්ඛස්මා = (දුක්ඛස්මා යන්න) කරණ විභක්ති අර්ථයෙහි අවධි විභක්ති රූපයයි. දුක හා එක්ව යෙදුණේය. යන අර්ථයයි. සඞ්ඛාත ධම්මස්ස = දන්නා ධර්මයේ තුලනය කර බැලූ ධර්මයේ. බහුස්සුතස්ස = පර්යාප්තිය (හෙවත් ධර්මය) පිළිබඳ අවබෝධය ලැබූ තැනැත්තහුගේ සම්මා පජානාති භවස්ස පාරගු භවයෙන් එතෙර වූ නිවනට පැමිණි තැනැත්තේ එය ම නිවනයයි මනාව දැන ගනියි. මේ සූත්රයෙහි වූ කලී කෙලෙස් අරමුණු පිළිබඳව ද, ආර්ය ශ්රාවකයන් අතරෙහි ක්ෂිණාශ්රවයන් වහන්සේ පිළිබඳව ද කියන ලදී. මෙහි අනාගාමී තත්ත්වය නො පවතීයයි කියත්.
7. ගෙලඤ්ඤ සූත්ර වර්ණනාව