2. දෙවනි වර්ගය
1. ගුථකූප සූත්‍ර වර්ණනාව
පාරදාරික වස්තුවෙහි - ඒ පුද්ගලයා අනිකකු විසින් රක්නා ලද, ආරක්ෂා කළ සැමියා සහිත අඹුවන්ගේ පහස ලබමින් අසුචි සැපයෙහි, කාම සැපයෙහි සිත් අලවා විසූ කර්මයට සුදුසු පරිදිම අසුචිවල ස්පර්ශය ලබමින් දුක් අනුභව කිරීමට එහි පහළ විය.
2. ගූථඛාදි සූත්‍ර වර්ණනාව
දුට්ඨ බ්‍රාහ්මණ වස්තුව - මෙහි අර්ථ ප්රකටය. (දුෂ්ට බමුණු කථාව)
3. නිච්ඡවිත්ථි සූත්‍ර වර්ණනාව
‘නිච්ඡවිත්ථි (සම නැති ස්ත්‍රියගේ) වස්තුවෙහි - යම් හෙයකින් ස්ත්‍රිය නම් තමාගේ ස්පර්ශයෙහි අස්වාමිකව, ස්වාමියාට අයත් ස්පර්ශය සොරකම් කර, වෙනත් අයෙකුට කැමැත්ත ඉපිදවූවාය. ඒ කර්මයට සුදුසු පරිදි සැප ස්පර්ශයෙන් මිදී දුක්ඛිත ස්පර්ශයක් විඳීමට සමක් නැති ස්ත්‍රියක්ව උපන්නීය.
4. මඞ්ගුලිත්ථි සූත්‍ර වර්ණනාව
මංකුළිත්ථි (පිළිකුල් ස්ත්‍රියගේ) වස්තුවෙහි - “මංකුලිං” (මංගුලි) යනු විරූපී වූ, දැකීම අපහසු වූ, බියජනක වූ. ඇය පෙර යක්ෂ-දේව දාසියක්ව මේ මේ අයුරින් මෙසේ බලිකර්ම කලවිට, නුඹලාගේ මෙනම් දෙය වැඩෙන්නේ යැයි මහජනයාගේ ගඳමල් ආදී පුදපූජා ගනිමින් - ඔවුන් රවටා, මහජනයාට නපුරු දෘෂ්ටියක්, මිථ්‍යා දෘෂ්ටියක් ඇතිකරවූවාය. එනිසා ඇයට ඒ කර්මයට සමාන වූ ලෙස, ගඳමල් වංචාවෙන් ගත් බැවින් අතිශය දුර්ගන්ධයක්ද නපුරු පිළිගැනීම් ඇතිකරවූ නිසා බැලීමට අපහසු, විරූපී, පිළිකුල් සහගත රුවක් ඇතිව ඉපදුනාය.
5. ඔකලිනී සූත්‍ර වර්ණනාව
ඔකිලිනි වස්තුවෙහි “උපක්කං ඔකිලිනිං ඔකිරිණි”. ඇය අඟුරු චිතකයෙහි හොත්තී දඟලන්නී-පෙරලෙන්නී පැසුනීය. එනිසා ඉදිමී ගිය එමෙන්ම උණු ගින්නෙක පැසුණු ශරීර ඇත්තේ, ඩැහැගෙන වැටෙන ගිනිඅඟුරු ඇති සිරුරින් දහඩිය බිඳු වැගිරෙන ගිනියම් වූ සිරුරක් ඇති. ඇගේ පාවලින්ද දෙපැත්තෙන් මුදුනින්ද ඇවිලුණු කිහිරිමල් පාට ඇති ගිනිජාලා මගින් අඟුරු සැම අතටම විසිකරයි. එනිසා “උපක්කං ඔකිලිනං ඔකිරී” යනු රජුගේ එක් නාටක ස්ත්‍රියකි. අඟුරු කටාරමක් ළඟින් තබාගෙන ඇඟ ජලයෙන් පිසදමයි. අතින්ද දහඩිය වගුරුවයි. මෙසේ රජුට උවටැන් කරන ඇය සමග රජු කථා කළේය. ඇගෙන් සතුටුවූ බවද දැක්වීය. අගමෙහෙසිය මෙය නො ඉවසන්නී, රජු ගිය නොබෝ වේලාවකින් නාටක ස්ත්‍රිය වෙත පැමිණ ඒ අඟුරු කටාරම ගෙන ඇගේ හිස මත හැලුවාය. ඇය මේ පාපකර්මය කරගෙන එහි විපාක විඳීමට මෙසේ ප්‍රේත ලෝකයේ උපන්නීය.
6. අසීසක සූත්‍ර වර්ණනාව
චොරඝාත වස්තුවෙහි - ඔහු රජුගේ ආඥාවෙන් බොහෝ කලක් සොරුන්ගේ හිස්සිඳ ප්‍රේතලෝකයේ ඉපදුනේ හිස නැති-කවන්ධ රූපයක් ලෙස පහළ විය.
7. භික්ඛු සූත්‍ර වර්ණනාව
භික්ඛු වස්තුවෙහි - “පාපභික්ඛූ” පවිටු-ළාමක භික්ෂුවක්. ඔහු ජනයා විසින් ශ්‍රද්ධාවෙන් දුන් සිවුපසය අනුභව කර, කාය-වාග් ද්වාරයන්ගේ. සංවරයක් නොමැතිව බිඳුණු ආජීවයක් ඇතිව - සිතින් ක්‍රීඩා කරමින් හැසිරුණේය. ඉන්පසු එක් බුද්ධාන්තරයක් නිරයේ පැසී, ප්‍රේත ලොවෙහි ඉපදෙන විට භික්ෂුවකට සමාන අත්බවක් ලැබ ඉපදුනේය.
8-11. භික්ඛුණී ආදි සූත්‍ර වර්ණනා
භික්ෂූණී, සික්ඛමානා, සාමණේර, සාමණේරී යන වස්තූන්හි ද මෙම විනිශ්චයම දතයුතුයි.
ලක්ඛණ සංයුත්තය නිමියේය.