2. රුපියපාති සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ අර්ථ ඉතා ප්‍රකටය.
දෙවැනි සූත්‍රයයි.
16. 2. 3-10.
තෙවැනි සූත්‍රයේ සිට “සුවණ්ණ නික්ඛස්ස” යනු එක්තරා රනින් නිමකරන ලද කාසි වර්ගයකි. “සිංගී නික්ඛස්ස” යනු සිඟුරන් කාසියකි. “පඨවියා” යනු සක්වල ඇතුලත වූ මහපොළවේය. “ආමිසකිඤ්චික්ඛහෙතු” යනු කිසියම් ආහාරයක් හේතුකරගෙනය. යටත් පිරිසෙන් කුඩු සහල් මිටක් හෝ හේතුවෙන්. “ජීවිතහෙතු” යනු කැලයේ දී සොරු විසින් අල්ලාගෙන දිවි තොර කරන කල්හිය. ඒ හේතුවෙන්වත් “ජනපද කල්‍යාණියා” යනු ජනපදයේ උතුම් ස්ත්‍රියයි.
දෙවැනි වර්ගය නිමියේය.
3. මාතු වර්ගය
1. මාතුගාම සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්ගයේ පළමු සූත්‍රය - “නතස්ස භික්ඛවෙ මාතුගාමො” යනු එහි රහසිගත වූ, හුදකලාව හුන් තැනැත්තාටය. යමකුගේ සිත ලාභසත්කාර, කීර්ති ප්‍රශංසාදියෙහි නියැලීමෙන් විනාශවීමට යන්නේ ද එවැනි වූ බරපතල විනාශයක්, ස්ත්‍රියක් ඔහුගේ සිත ගැනීමෙන්, එම ධර්මයෙහි යෙදීමෙන් සිදු නොකරයි.
පළමු සූත්‍රය යි.
2. ජනපද කල්‍යාණී සූත්‍ර වර්ණනාව
දෙවැනි සූත්‍රයේ අර්ථ ඉතා ප්‍රකටය.
දෙවැනි සූත්‍රයයි.
3. එකපුත්ත සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයේ - “සද්ධා” යනු සෝතාපන්න වූ. ඉතිරි පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය.
තෙවැනි සූත්‍රය යි.
4-6. එකධීතු ආදි සූත්‍ර වර්ණනා
සතරවන, පස්වන හා සයවන සූත්‍රවල ද අර්ථ එසේම ඉතා ප්‍රකටය.
7. තතිය සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ - “සමුදයං” යනාදියේ පූර්ව කර්මයත් සමගම, සිටුපුතෙක් බඳු ආත්මභාවයේ කීර්ති ප්‍රශංසා, සුන්දරත්වය, යහපත් කථික හැකියාව, ස්ථිර ගුණ පැතිරවීම්, පිරිවර සම්පත් මේ ආදී ලාභ සත්කාරයගේ හටගැනීමයි. සමුදය ප්‍රත්‍ය වශයෙන් නොදනිති. නිරෝධය ද ප්‍රතිපදාව ද නිරෝධ සත්‍යය හා මාර්ග සත්‍යය ලෙසම දතයුතුයි.
සත්වන සූත්‍රය යි.
8. ඡවි සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ - යම්හෙයකින් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා නිසා නරකාදියෙහි උපදින්නෝ මුලුමහත් අත්බවම නසාගනිති. මෙලොවදීද මරණයට හෝ මරණ සමාන දුකට පත්වෙති. එනිසා “ජීවිතං ඡින්‍දති” යනාදිය කියන ලදී.
අටවන සූත්‍රයයි.
9. වාලරජ්ජු සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ “වාළ රජ්ජුයා” යනු නූල් ආදියෙන් කරන ලද රැහැන මෘදු හෝ සියුම් වේ. දළ අස්කෙඳි රැහැන කර්කෂ වේ. පරුෂය. එනිසා මෙම නූලම ගන්නා ලදී.
නවවන සූත්‍රය යි.
10. ඛිණාසව භික්ඛු සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - “දිට්ඨධමම සුඛ විහාරා” යනු ඵලසමවත් සුවයෙන් වසන යනුයි. “තෙසාහමස්ස” යනු “තෙසං අහං අස්ස” යනුයි.
රහතන් වහන්සේ වනාහී ප්‍රත්‍ය ලබනුයේ, පිනින් යුක්ත වූයේ වෙයි. කැඳබත් කැවිලි ආදිය රැගෙන පැමිණි පුද්ගලයන්ට පුණ්‍යානුමෝදනා කරන සේක. ධර්මදේශනා කරමින් ප්‍රශ්න විසඳන සේක. ඵල සමවතට නොඑළඹ සිටීමට ඉඩකඩ නොදෙයි. එම කරුණ සඳහා මෙය කියන ලදී.
දසවන සූත්‍රයයි.
තෙවැනි වර්ගය නිමියේය.
4. සඞ්ඝභේද වර්ගය
1. සඞ්ඝභේද සූත්‍ර වර්ණනාව
සතරවන වර්ගයේ පළමු සූත්‍රයෙහි අර්ථ ඉතා ප්‍රකටය.
පළමු සූත්‍රයයි.
2-4. කුසලමූලසමුච්ඡෙද ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි සූත්‍රයේ සිට “කුසලමූලං” යනු අලෝභය ආදී ත්‍රිවිධ වූ කුසල මූලයන් ය. “සුක්කො ධම්මො” යනු එහි පර්යාය දේශනාවකි. සමාන වදනකි. මෙහි සංක්‍ෂිප්ත අර්ථය මෙසේය. යම් කුශල මූල නම් වූ නිවැරදි ධර්මයක් විනාශ නොකළාහු නම් දේවදත්ත දෙව්ලොව හෝ උපදින්නේය. මගඵලයක් හෝ ලබා ගන්නේය. ඔහු මේ සෑම දෙයක් ම විනාශ කර දමා - සෑම අතින්ම විනාශයට පත්විය. නැසීමට පැමිණියේය.
5. අත්තවධ සූත්‍ර වර්ණනාව
[missing trans]
[missing]
6. පඤ්චරථසත සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ “භත්තාභිහාරො” යනු ඉදිරියට ගෙන යායුතු බතයි. එහි ප්‍රමාණය දැක්වීමට “පඤ්ච ථාලිපාකසතානි”යි කියන ලදී. එහි එක් බත් සැලියක පුරුෂයන් දසදෙනෙකුට ප්‍රමාණවත් බත් ඇත. “නාසාය පිත්තං භින්‍දෙය්‍යුං” යනු වලස් පිත හෝ මත්ස්‍ය පිත ඔහුගේ නාසා පුටයෙහි දමන්නේය යනුයි.
සයවන සූත්‍රයයි.
7-13. මාතු ආදි සූත්‍ර වර්ණනා
සත්වන සූත්‍රයේ - “මාතූපි හෙතූ” යනු “ඉදින් බොරු කියන්නෙහි නම් නුඹගේ මව අත්හරිමු. නොකියන්නෙහි නම් අත් නොහරිමු”යි මෙසේ සොරු විසින් කැළයේ දී ප්‍රශ්න කරන ලදුව, ඒ සොරු අතට පත් මෑණියන් හේතුවෙන්ද “දැන දැන බොරුකීම නොකරන්නේය” යන අර්ථයි. සෙසු සූත්‍රයන්හිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.