12. මජ්ඣන්තික සූත්ර වර්ණනාව
දොළොස් වැන්නේ - යමක් කිව යුතු ද එය දේවතා සංයුත්තයෙහි නන්දන වර්ගයෙහි කියන ලද්දේ ම ය.
දොළොස් වැනි සූත්රය යි.
13. පාකතින්ද්රිය සූත්ර වර්ණනාව
දහතුන් වැන්නේ - දේවපුත්ත සංයුත්තයෙහි ජන්තු දේවපුත්ත සූත්රයෙහි විස්තර කරන ලද්දේ ම ය.
දස තුන් වැනි සූත්රය යි.
14. පදුමපුප්ඵ සූත්ර වර්ණනාව
දාහතර වැන්නේ - අජ්ඣභාසි ඒ භික්ෂුව පියුම් දණ්ඩ ගෙන පියුම සුවඳ බලනු දැක ම, මේ භික්ෂුව බුදුන් සමීපයෙහි කමටහන් ගෙන ශ්රමණ ධර්මය කරනු පිණිස අරණට පිවිසියේ ගන්ධාරම්මණය මෙනෙහි කරයි. හේ අද ආඝ්රාණය කළේ ය. (ඉම්බේ ය), හෙටත් ඊළඟ දවසෙත් (අනිද්දාත්) ඉඹින්නේ ය. මෙසේ ඔහුගේ ඒ ගන්ධතණ්හාව වඩා මෙලෝ පරලෝ වැඩ නසා ගන්නේ ය; මා දැක දැකත් නො නැසේවා, ඔහුට දොස් පවරන්නෙමි යි සමීපයට පැමිණ පැවසී ය.
එකංගමෙතං ථෙය්යානං සොරකම් කළ යුතු රූපාරම්මණාදි කොට්ඨාශ පහෙන් මෙය එක් අංගයකි, එක් කොටසකි යන අර්ථ යි; න හරාමි ගෙන නො යාමි. ආරා දුර, (නෙළුම්) දඬු ගෙන නවා ඈත සිටි ඉඹින්නෙමි යි කියයි. වණ්ණෙන කරුණකින් (හේතුවකින්):
ය්වායං ‘යො අයං,’ ඒ දේවතාවා සමග කථා කරමින් සිටියදී ම එක් තවුසෙක් බැස නෙළුම් අල හෑරීම ආදිය කිරීමට පටන් ගත්තේ ය. ඔහු අරභයා (මෙසේ) කී ය. ආකිණ්ණකම්මන්තො මෙසේ අපවිත්ර වැඩ ඇත්තේ; අක්ඛීණකම්මන්තො යනු ද පාඨයකි. කර්කශ කටයුතු ඇත්තේ යනු අර්ථ යි. න වුච්චති “සුවඳ හොරා” හෝ ‘මල් හොරා’ යි කුමක් නිසා නො කියා ද?
ආකිණ්ණලුද්දො බොහෝ පව් ඇත්තේ - දරුණු පව් ඇත්තේ යි කුමක් නිසා නො කියයි ද? ධාතිචෙලං ව මක්ඛිතො යම් සේ කිරි මවගේ කිළිටි හැඳිවත මළ මුත්ර - පස් - දූවිලි - මැටි ආදියෙන් තැවරී තිබේ ද එසේ රාගද්වේෂ ආදියෙන් තැවරුනේ අරහාමි වත්තවෙ ‘අරහාමි වත්තුං’ කීමට සුදුසු වෙමි. දේවතාවාගේ චෝදනාව බුදුන්ගේ අනුශාසනාවක් හා සමාන ය. එය ලාමක, පහත් නැඹුරු වීම් ඇති, මිථ්යා ප්රතිපන්න පුද්ගලයෝ නො ලබත්, එහෙයින් මෙසේ කී ය.
සුචිගවෙසිනො පිරිසිදු ශීලසමාධි ඥාන සොයන්නහුට අබ්භාමත්තං ව වළාපටලයක් පමණක් මෙන්, ජානාසි මෙය පවිත්රය යි දනිති. වජ්ජාසි ‘වදෙය්යාසි’ කියන්නෙහි. නෙව තං උපජීවාමි (තොප නිසා ජීවත් නො වෙමි) දේවතාවා (මෙසේ) සිතී ය. මේ භික්ෂුව “මට හිතකාමී වූ දේවතාවෙක් ඇත. ඔහු මට චෝදනා කරයි. සිහි කරවයි. ප්රමාදයෙහි ද යෙදෙන්නේ ය. ඔහුගේ වචනය නො පිළිගන්නෙමි” යි එහෙයින් මෙසේ කී ය. ත්වමෙව ‘ත්වං යෙව’ ඔබ ම; ජානෙය්ය ‘ජානෙය්යාසි’ දන්නෙහි ය. යෙන යම් කර්මයකින් සුගතියට යයි ද ඒ කර්මය ඔබ ම දන්නෙහි ය.
දාහතර වැනි සූත්රය යි.
මෙසේ වන සංයුත්ත වර්ණනාව නිමියේ ය.
10. යක්ඛ සංයුත්තය
1. ඉන්දක වර්ගය
1. ඉන්දක සූත්ර වර්ණනාව
යක්ඛසංයුත්තයෙහි පළමු වැන්නේ ඉන්දකස්ස ඉන්ද්රකූට වැසි යකුගේ; යක්ෂයා නිසා කූටයෙනුත් කූටය නිසා යක්ෂයාගෙනුත් නම ලැබිණි. න ජීවන්ති වදන්ති ඉදින් බුදුවරු රූපය ජීවය යි නො කියත් ද, ඉදින් රූපය සත්ත්වයෙකි, පුද්ගලයෙකි යි මෙසේ නො කියති යනු අර්ථ යි. කථනන්වයං ‘කථං නු අයං’ කෙසේ නම් මෙතෙමේ; කුතස්ස අට්ඨි යකපිණ්ඩමෙති මේ සත්ත්වයාගේ ඇට හා අක්මා පිඬ කොහෙන් එයි ද? මෙහි ද ‘අට්ඨි’ (ඇට) ගැනීමෙන් ඇට තුන් සියය ද ‘යක පිණ්ඩ’ (අක්මා පිඬ) ගැනීමෙන් මාංශ පේශී නව සියය ද ගන්නා ලදි. ඉදින් රූපය ජීවය නො වේ නම් ඔහුගේ මේ ඇටත් මේ මාංශ පේශීත් කොහෙන් එත්දැයි ප්රශ්න කරයි. කථනන්වයං මජ්ජති ගබ්භරස්මිං කුමන කරුණකින් මේ සත්ත්වයා මව් කුසෙහි සැදෙයි ද, ලැගෙයි ද, සිටියි ද යනු යි. මේ යක්ෂයා පුද්ගලවාදියෙකි. සත්ත්වයා එක පැහැර මව්කුස තුළ බිහි වෙති යි ගෙන ගැබෙහි නිදන සත්ත්වයාගේ මව මත්ස්යමාංශ කයි. සියල්ල ම එක රැයක වාසයෙන් පැස (දිරවා) පෙන (දිය බුබුලක්) මෙන් වියැකී යයි. ඉදින් රූපය සත්ත්වයා නො වන්නේ නම් මෙසේ වැනසී යයි” යන ලබ්ධියෙන් මෙසේ කී ය. එවිට භාග්යවතුන් වහන්සේ ඔහුට “එක පැහැර ම මව්කුසෙහි නො උපදී. අනුපිළිවෙලින් වැඩෙයි” යි දක්වන සේක් පඨමං කලලං හොති ආදිය පැවසූ සේක. එහි පඨමං පළමු ප්රතිසන්ධි විඤ්ඤාණය සමග තිස්ස හෝ ඵුස්ස යි නමක් නැත. ඉක්බිති තුන් පුළුන් රොදකින් තැනූ නූලක වන් තෙල් බිඳුවක් පමණ වූ කලලං හොති (කලලයක් වෙයි), ඒ අරභයා කියන ලදි: