10. සජ්ඣාය සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - යං සුදං නිපාත මාත්රයකි. සජ්ඣායබහුලො නිස්සරණ පර්යාප්ති වශයෙන් හැදෑරීමෙන් බොහෝ කාලයක් සජ්ඣායනය කරමින් (හදාරමින්); හේ ආචාර්යයන් වහන්සේගේ දිවාස්ථානය ඇමද ආචාර්යයන් වහන්සේ (එන දෙස) පරීක්ෂා කරමින් සිටී; ඉක්බිති ඔහු එනු දැකලා ම පෙර ගමන් කොට පා සිවුරු පිළිගෙන පනවන ලද අසුනෙහි සිාටි (උන්වහන්සේට) තල් පතින් පවන් සලා පැන් විමසා පා දොවා තෙල් ගල්වා වැඳ සිටියේ උදෙසීම් ගෙන සූර්යාස්තංගමය වන තෙක් (රෑ බෝ වන තෙක්) සජ්ඣායනය කරයි. හේ නාන කොටුවේ දිය උවටැන් කොට අඟුරු කබලේ ගිනි දල්වයි. ස්නානය කොට පැමිණි ආචාර්යයන් වහන්සේගේ පාවල දිය පිසදා පිට පිරිමැදීම් කර වැඳ උද්දේස ගෙන ප්රථම යාමයෙහි සජ්ඣායනය කොට මධ්යම යාමයෙහි සිරුර සතප්පා පශ්චිම යාමයෙහි උද්දේස ගෙන අරුණෝද්ගමනය දක්වා සජ්ඣායතනය කරයි. සජ්ඣායතනය කොට උදයව්යයය (ඇතිවීම් නැතිවීම්) වශයෙන් සම්මර්ශනය කරයි. එයින් ඉතිරි උපාදාය රූපය භූතරූපය නාම රූපය යි. පඤ්චස්කන්ධ පිළිබඳ ව විපස්සනාව වඩා අර්හත්වයට පත් විය. අප්පොස්සුක්කො උද්දේශ ගැනීමෙහිත් සජ්ඣායතනය කිරීමෙහිත් උත්සාහවත් නො වූයේ සඞ්කසායති දැන් යම් අර්ථයක් උදෙසා මම සජ්ඣායතනය කරම් ද මගේ ඒ අර්ථය මස්තක ප්රාප්ත විණි. දැන් මට සජ්ඣායනයෙන් (ඇති ඵලය) කිම? යි ඵලසමාපත්ති සුවයෙන් කාලය ගත කරයි. අජ්ඣභාසි කිම තෙරුනට අපහසුවක් හට ගැනිණි ද, නැතහොත් ඔහුගේ ආචාර්යයනට (අපහසුවක් වී ද), කුමන කරුණක් නිසා මධුර ස්වරයෙන් සජ්ඣායනය නො කරත් දැයි පැමිණ සමීපයේ සිට පැවසී ය.
ධම්මපදානි මෙහි සියලු ම බුද්ධ වචනය අදහස් කෙරේ. නාධීයසි සජ්ඣායනය නො කරහි, න ධීයසි යි ද පාඨයකි, ‘නො ගනිහි’ යනු අර්ථය යි. පසංසං ධර්මභාණක තෙමේ ප්රශංසාව ලබයි. ආභිධම්මිකා සූත්රාන්තිකය විනයධර යන අය ප්රශංසා කරනු ලැබුවෝ වෙත්. විරාගෙන ආර්ය මාර්ගයෙන්, අඤ්ඤාය දැන, නික්ඛෙපනං ඔහුගේ දිට්ඨ සුත ආදියෙහි දුර ලීම සන්තො පවසතියි දක්වයි. බුද්ධ වචනය නො විසඳවති යි සැම කල්හි ම සජ්ඣායනය කරමින් ම සිටිය යුතු නො වේ. සජ්ඣායනය කොට මෙපමණ අර්ථය හෝ ධර්මය හෝ දැරීමට මම සමත්මි යි දැන සසර දුක කෙළවර කිරීමට පිළිපැදිය යුතු ය.
දස වැනි සූත්රය යි.
11. අයොනිසො සූත්ර වර්ණනාව
එකොළොස් වැන්නේ - අකුසලෙ විතක්කෙ කාමවිතර්ක ආදි මහා විතර්ක තුන, අයොනිසොමනසිකාරා උපාය මනසිකාරය රහිත ව (අනුවණින්), සො ඒ ඔබ, අයොනිසො පටිනිස්සජ්ජ මෙසේ අනුපාය මනසිකාරය බැහැර කරව, සත්ථාරං මේ ගාථාවෙන් පාසාදික කමටහන කියයි. පීතිසුඛමසංසයං ඒකාන්තයෙන් ම බලවත් ප්රීතියක් ද සුඛයක් ද ලබන්නෙහි ය.
එකොළොස් වැනි සූත්රය යි.
12. මජ්ඣන්තික සූත්ර වර්ණනාව
දොළොස් වැන්නේ - යමක් කිව යුතු ද එය දේවතා සංයුත්තයෙහි නන්දන වර්ගයෙහි කියන ලද්දේ ම ය.
දොළොස් වැනි සූත්රය යි.
13. පාකතින්ද්රිය සූත්ර වර්ණනාව
දහතුන් වැන්නේ - දේවපුත්ත සංයුත්තයෙහි ජන්තු දේවපුත්ත සූත්රයෙහි විස්තර කරන ලද්දේ ම ය.
දස තුන් වැනි සූත්රය යි.
14. පදුමපුප්ඵ සූත්ර වර්ණනාව
දාහතර වැන්නේ - අජ්ඣභාසි ඒ භික්ෂුව පියුම් දණ්ඩ ගෙන පියුම සුවඳ බලනු දැක ම, මේ භික්ෂුව බුදුන් සමීපයෙහි කමටහන් ගෙන ශ්රමණ ධර්මය කරනු පිණිස අරණට පිවිසියේ ගන්ධාරම්මණය මෙනෙහි කරයි. හේ අද ආඝ්රාණය කළේ ය. (ඉම්බේ ය), හෙටත් ඊළඟ දවසෙත් (අනිද්දාත්) ඉඹින්නේ ය. මෙසේ ඔහුගේ ඒ ගන්ධතණ්හාව වඩා මෙලෝ පරලෝ වැඩ නසා ගන්නේ ය; මා දැක දැකත් නො නැසේවා, ඔහුට දොස් පවරන්නෙමි යි සමීපයට පැමිණ පැවසී ය.
එකංගමෙතං ථෙය්යානං සොරකම් කළ යුතු රූපාරම්මණාදි කොට්ඨාශ පහෙන් මෙය එක් අංගයකි, එක් කොටසකි යන අර්ථ යි; න හරාමි ගෙන නො යාමි. ආරා දුර, (නෙළුම්) දඬු ගෙන නවා ඈත සිටි ඉඹින්නෙමි යි කියයි. වණ්ණෙන කරුණකින් (හේතුවකින්):
ය්වායං ‘යො අයං,’ ඒ දේවතාවා සමග කථා කරමින් සිටියදී ම එක් තවුසෙක් බැස නෙළුම් අල හෑරීම ආදිය කිරීමට පටන් ගත්තේ ය. ඔහු අරභයා (මෙසේ) කී ය. ආකිණ්ණකම්මන්තො මෙසේ අපවිත්ර වැඩ ඇත්තේ; අක්ඛීණකම්මන්තො යනු ද පාඨයකි. කර්කශ කටයුතු ඇත්තේ යනු අර්ථ යි. න වුච්චති “සුවඳ හොරා” හෝ ‘මල් හොරා’ යි කුමක් නිසා නො කියා ද?