1. විවෙක සූත්‍ර වර්ණනාව
වන සංයුත්තයේ පළමු වැන්නේ - කොසලෙසු විහරති බුදුන් සමීපයෙහි කමටහන් ගෙන ඒ ජනපදයෙහි භික්ෂාව සුලබ බැවින් එහි ගොස් වාසය කරයි. සංවෙජෙතුකාමා විවේකය පිළිපැද්දවීමට කැමැත්තාහු; විවෙකකාමො විවේක තුන ප්‍රාර්ථනා කරන්නේ, නිච්ඡරති බහිද්ධා බාහිර වූ විවිධ අරමුණුවල හැසිරෙයි. ජනො ජනස්මිං ජනයා වන ඔබ අනෙක් ජනයා කෙරෙහි ඡන්දරාගය හික්මවන පජහාසි දුරු කරව භවාසි වනු; සතං තං සාදයාමසෙ ඔබ සිහියෙන් යුතු පණ්ඩිතයෙකැයි අපි දු පිළිගනිමු. නැතහොත් සත්පුරුෂයන්ගේ ඒ ධර්මය අපි අදහමු යන අර්ථ යි. පාතාලරජො ප්‍රතිෂ්ඨාවක් (පිහිටක්) නො මැති වීම් අර්ථයෙන් පාතාලසංඛ්යාත වූ කෙළෙස් දූවිලි; මා තං කාමරජො මේ කාම රාග දූවිලි ඔබ පහතට නො ගෙන යාවා, අපායෙහි නො වැටේවා යනු අර්ථ යි. පංසුකුණ්ඩිතො පස් තැවරුණු, විධුනං ‘විධුනන්තො’ (පියාපත්) සළමින්; සිතං රජං සිරුරේ ලැගුණු දූවිලි, සංවෙගමාපාදි දේවතාවා ද මා මෙසේ අස්වති යි විවේකයට පැමිණියේ; උත්තම වීර්යය ගෙන පරම විවේක වූ මාර්ගයට ම පිළිපන්නේ හෝ.
පළමු වැනි සූත්‍රය යි.
2. උපට්ඨාන සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - සුපති මේ ක්ෂීණාශ්රව කෙනෙකි. උන්වහන්සේ ඈත භික්ෂාචාර ගමට ගොස් ආපසු පැමිණියාහු පන්සලෙහි පාත්‍ර සිවුරු තැන්පත් කර තබා නුදුරු ව ඇති ස්වාභාවික පොකුණට බැස අත් පා ධෝවනය කොට දහවල් සිටින ස්ථානය අතු ගා එහි මිටි ඇඳක් පනවා නින්දට නො වැටී ම වැතිර සිටියේ ය. ක්ෂීණාශ්රවයනට වුව ද ශාරීරික වෙහෙස ඇත්තේ ම ය, එය පහ කරනු වස්, ඒ අරභයා ‘සුපති’ (නිදයි) යි කියන ලදි. අජ්ඣභාසි මේ භික්ෂුව බුදුන් සමීපයෙහි කමටහන් ගෙන දහවල් කල නිදයි; දහවල් නිදීම යන මෙය වර්ධනය වූයේ මෙලෝ පරලෝ දියුණුව නසතියි සිතමින් ඔහුට චෝදනා කරමි යි සිතා පැවසී ය.
ආතුරස්ස ජරා ආතුර, රෝග ආතුර, කිලෙස ආතුර යි ආතුර තුනකි. ඒවායින් කිලේසාතුර අරභයා මෙය කී ය. සල්ලවිද්ධස්ස විෂ සහිත ආයුධ උලකින් මෙන් අවිද්‍යා විෂ තැවරුණු තෘෂ්ණා උලෙන් හදවතට විදිනු ලැබූවහුගේ, රුප්පතො ගැටෙන,
දැන් ඔහුට කාමයන්හි ආදීනව පවසන්නී අනිච්ච ආදිය කීවා ය. එහි අසිතං තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු කිරීමක් නො වුණු; කස්මා පබ්බජිතං තපෙ දහවල් නිදීම ඒ ආකාර ක්ෂීණාශ්රවයා නො තවයි ද? කුමක් හෙයින් එබඳු තැනැත්තෙකු තවන්නේ දැයි කියයි. මේ වචන තෙරුන්ගේ හෝ (වේ). එහෙයින් මෙහි අර්ථය මේ ය: බන්ධෙසු මුත්තං අසිතං මා වැනි ක්ෂීණාශ්රව පැවිද්දකු දහවල් නිදාගැනීම කුමක් නිසා තවන්නේ ද? සෙසු ගාථාවල ද මේ න්‍යාය ම ය. දේවතාවියගේ වචන පාර්ශ්වයෙහි දී “මේ ආකාර ක්ෂීණාශ්රව පැවිද්දකු දහවල් නිදාගැනීම නො තවයි. කුමක් නිසා නො තවන්නේ ද? තවන්නේ ම ය යන අරුත යි. තෙරුන් වහන්සේගේ වචන පැත්තෙහි “මේ ආකාර-මා බඳු-ක්ෂීණාශ්රව පැවිද්දකු දහවල් නිදා ගැනීම කුමක් නිසා තවයි ද? නො තවයි ම ය’ යන අරුත යි. මේ එහි අප්‍රකට පදවල වර්ණනා ය. විනයා විනයෙන්, සමතික්කමා සංසාර වට්ටයට මුල වූ අවිද්‍යාව ඉක්මවීමෙන්, තඤ්ඤාණං ඒ සත්‍ය සතර පිළිබඳ ඥානය, පරමවොදානං පරම පවිත්‍ර, පබ්බජිතං ඒ ආකාර ඥානයෙන් යුත් පැවිද්ද, විජ්ජාය සිවු වැනි මාර්ග විද්‍යාවෙන් ආරද්ධවිරියං දැඩි ව ගන්නා ලද වීර්යය, පරිපූර්ණ වීර්ය ය.
දෙ වැනි සූත්‍රය යි.
3. කස්සපගොත්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නේ - චෙතං එක් මුව වැද්දෙකු, ඔවදති ඒ මුව වැද්දා උදයෙන් ම අනුභව කොට මුවන් මරන්නෙමි යි වනයට පිවිසියේ එක් රතුවන් මුවෙකු දැක සැතකින් ඔහු මරන්නෙමි යි ලුහු බඳිමින් මුල් සූත්‍රයේ කියන ලද පරිදි ම දිවා විහාරයට හිඳ ගත් තෙරුනට නො දුරින් යයි. ඉක්බිති තෙරණුවෝ ඔහුට “උපාසකය, පාණාතිපාතය නම් වූ මෙය අපායගාමී වුවකි. අල්පායුෂ්ක වන්නකි. වෙනත් ගොවිතැන් වෙළඳාම් ආදි වැඩකින් දරුපවුල පෝෂණය කිරීමට හැක්කේ ය. මේ ආකාරයේ කර්කශ ක්‍රියාවක් නො කරන්න’ යි පැවසූහ. ඔහු ද මහා පංශුකූලික තෙරුන් වහන්සේ පවසති යි ගෞරවයෙන් අසන්නට පටන් ගත්තේ ය. ඉක්බිති ඔහුට ඇසීමේ ආශාව උපදවන්නෙමි යි තෙරණුවෝ පයේ මාපට ඇඟිල්ල දැල්වූහ. හේ ඇස්වලින් බලයි. කන්වලින් අස යි. (එහෙත්) ඔහුගේ සිත, අසුවල් තැනට මුවා ගියා වන්නට ඇත, අසුවල් තැනට බහින්නට ඇති, එතැනට ගොස් ඔහු මරා කැමති තාක් මස් කා සෙස්ස කදකින් ගෙන ගොස් පුතුන් සතුටු කරවන්නෙමි’යි මෙසේ මුවා පස්සෙහි ම ලුහු බඳියි. මෙසේ විසුරුණු සිත් ඇතියහුට දහම් දෙසන තෙරුන් අරභයා ‘ඔවදති’ (අවවාද කරයි) යි කියන ලදි. අජ්ඣභාසි මේ තෙරහු නැති ලීයක් සහින්නාක් මෙන් ද, නැති කෙතක සීසාන්නාක් මෙන් ද තමාගේත් මොහුගේත් ක්‍රියාව විනාශ කරති යි ඔහුට දොස් පවරන්නෙමැයි පැවසී ය.