2. දේවදත්ත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - අචිරපක්කන්තෙ සංඝයා භේද කොට නොබෝ කලකින් ම වේළුවනයෙන් ගයා ශීර්ෂයට ගිය කල්හි අස්සතරිං ගද්‍රභයාට දාව වෙළඹ කුස උපන්.
දෙවැනි සූත්‍රය යි.
3. අන්ධකවින්ද සූත්‍ර වර්ණනාව
තුන් වැන්නේ - අන්ධකවින්දනං එනම් වූ ගම, උපසඞ්කමි බුදුන් වහන්සේ දැනුත් වීර්යය කරති, දැහැන්හි යෙදෙති. යමි, උන්වහන්සේ සමීපයේ සිට ශාසනයට ගැලපෙන විරිය සතිපට්ඨානයෙන් යුතු ගාථාවක් පවසන්නෙමි යි ළඟට පැමිණියේ ය.
පන්තානි මිනිසුන් පසු කර, මිනිසුන්ගේ ගැවසීමක් නැති ව පිහිටි සංයොජනවිප්පමොක්ඛො ඒ සේනාසන සේවනය කරමින් සිවුරු ආදිය පිණිස නො හැසිරිය යුතු ය, ඉක්බිති දස සංයෝජනවලින් මිදීම පිණිස හැසිරෙන්නේ ය. සඞ්ඝෙ වසෙ ඒ සේනාසනවල රතියක් නො ලබන්නේ උපස්ථායකයින්ගේ සිත් රකිනු වස් ගොනාගේ පිටේ දූවිලි මෙන් උඩ පනිමින් අරණ්‍යයෙහි නො හැසිර සංඝයා මැද වසන්නේ ය. රක්ඛිතත්තො සතීමා එහි ද වසමින් එළ දෙනුනට පීඩා කරන ගොනෙකු මෙන් සබ්‍රහ්මචාරි වූයේ පසාරු කරගෙන නො යමින් (පීඩා නො කරමින්) නො ගැටෙමින් ආරක්ෂා කරන ලද සිත් ඇත්තේ සතිපට්ඨාන පරායන ව වසන්නේ ය.
දැන් සංඝයා වහන්සේ අතර වසන භික්ෂුවගේ භික්ෂාචාර ව්‍රතය පවසන සේක් කුලාකුලං ආදිය පැවසූහ. එහි පිණ්ඩිකායාචරන්තො පිඬු පිණිස හැසිරෙන්නේ සෙවෙථ පන්තානි සෙනාසනානි සංඝයා මැදට වැද, ජීවත්වන්නේ වුව ද (තමා) වගකිව යුතු පිරිවෙන්හි තල් පොල් ආදිය සිටවා උපස්ථායක ආදීන් සමග ඇලීගැලී නො වසන්නේ ය. සිතේ සතුටු බව ඇති කොට සිත සනස්වා සතුටු කොට යලි වන සෙනසුනෙහි වසන්නේ ය. ආරණ්‍යයෙහි අගය ම කියයි. භයා සසර බියෙන් අභයෙ නිවනේ විමුත්තො මැනවින් මිදුනෙක් වී වසන්නේ ය.
යත්ථ භෙරවා යම් තැනක බිය ජනක සවිඥානක සිංහ ව්යාඝ්ර ආදී වූ ද රාත්‍රියෙහි අවිඥානක කණු, වැල් ආදි වූ ද බොහෝ දේ ඇත. සිරිංසපා සර්ප ආදීහු තත්ථ භික්ඛු එබඳු තැන භික්ෂුවක් සිටිනුයේ, මෙයින් මෙය දක්වයි: භාග්‍යවතුන් වහන්ස, යම් සේ ඔබ වහන්සේ දැන් එහි ඇති ගොර බිරම් අරමුණු ද සර්පයින් ද විදුලිය පැතිරීම (කෙටීම) ආදිය ද සිතට නො ගෙන සිටින සේක් ද එසේ ම භික්ෂූහු (ද) දැහැන්ගත ව සිටිති.
ජාතු මෙ දිට්ඨං ඒකාන්ත වශයෙන් මා විසින් දකින ලදි. නයිදං ඉතිහීතිහං මෙය මෙසේ ය, මෙසේ ය යි තර්ක හේතු නිසා හෝ න්‍යාය හේතු නිසා හෝ පිටක සම්ප්රදානයෙන් හෝ මම නො කියමි. එකස්මිං බ්‍රහ්මචරියස්මිං එකම ධර්ම දේශනායක, ධර්ම දේශනාව මෙහි ‘බ්‍රහ්ම චර්ය’ යන්නෙන් අදහස් කරන ලදි. මච්චුහායිනං මරණය අත හරින ක්ෂීණාශ්රවයන්ගේ,
දසච දසධා දසා මෙහි දසා යනු දහය ම ය. දසධාදසා සිය ය. වෙනත් දශ ගුණයෙන් වැඩි රහතුන් සියයක් (රහතුන් දහසක්) දකිමි යි කියයි. සොතසමාපන්නා මාර්ගශ්රෝතසයට පැමිණි. අතිරච්ඡානගාමිනො මෙය දේශනාමාත්රයකි. අපාගත නො වන ස්වභාව ඇත්තාහු යන අරුත යි. සංඛාතුං නාපි සක්කොමි මුසාවාද බයෙන් පුණ්‍යභාගී මිනිසුන් මෙ පමණකැයි ගණනය කිරීමට නො හැක්කෙමි. ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාව අරභයා මෙසේ කී ය.
තුන් වැනි සූත්‍රය යි.
4. අරුණවතී සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - අභිභුසම්භවං අභිභු හා සම්භව, මෙයින් ‘අභිභු’ තෙරහු සැරියුත් තෙරණුවන් මෙන් ප්‍රඥාවෙන් අග්‍රය හ. සම්භව තෙරණුවෝ මහමුගලන් තෙරණුවන් මෙන් සමාධියෙන් අග්‍රයහ, උජ්ඣායන්ති අවමන් කරත්, ළාමක හැටියට හෝ සිතත්. ‘ඛීයන්ති’ යනු ‘මේ කුමක් ද?’ ‘මේ කුමක් ද?’ යි උනුනුන්ට පවසත්. විපාචෙන්ති විස්තර කරමින් යළි යළිත් කථා කරති. හෙට්ඨිමෙන උපඩ්ඪකායෙන නැබ සිට පහළට ඇති කයින්; පාළියෙහි මෙපමණක් ම එයි. තෙරුන් වහන්සේ ප්‍රකෘති ස්වභාවය හැර දමා නාග වෙසක් ගෙන දක්වති යි ගුරුළු වෙසක් හෝ ගෙන දක්වති යි ආදි ක්‍රමයෙන් පැමිණි අනේක ප්‍රකාර සෘද්ධිවිකුර්වණය (සෘද්ධිබල පෑම) දැක්වූහ. ඉමා ගාථායො අභාසි තෙරණුවෝ (මෙසේ) සිතූහ. “කවර ආකාරයකින් දෙසන ලද ධර්මයක් සියල්ලන්ට ප්‍රිය වන්නේ ද මනාප වන්නේ ද?” ඒ ගැන සිතන්නාහු, “සියලු ම පාසණ්ඩයෝ ද (මිථ්‍යා දෘෂ්ටිකයෝ ද) සියලු දෙව් මිනිස්සු ද තම තමන්ගේ ආගමේ වීර්යය වර්ණනා කරති. වීර්යය වර්ණනා නො කරන්නෙක් නම් නැත්තේ ය. වීර්යය අන්තර්ගත කොට දෙසන්නෙමි යි මෙසේ මේ ධර්ම දේශනාව සැමට ප්‍රිය වන්නේ ය, මනාප වන්නේ ය යි දැන තුන් පිටකයෙහි පරීක්ෂා කොට මේ ගාථා පැවසූහ.