6. පමාද සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - පච්චෙකං ද්වාරං බාහං එක් එක් කෙනෙක් එක් එක් දොර පියනක් ඇසුරු කොට දොරටු පාලයන් මෙන් සිටියහ. ඉද්ධො ධ්‍යාන සුඛයෙන් සමෘද්ධිමත් වූයේ ඵිතො අභිඥාපුෂ්පයෙන් මැනවින් පිපුනේ අනධිවාසෙන්තො නො ඉවසමින්, එතදවොච නිර්මාණය කරන ලද (මවන ලද) ඒ බ්‍රහ්මයන් මැද සිටිමින් පස්සසි මෙ ආදි වචන පැවසී ය.
තයො සුපණ්ණා යන ගාථාවේ පඤ්චසතා රූප රූප වශයෙන් හෝ පන්ති (පේළි) වහයෙන් සියක් පා ඇත්තවුන් යෙදිය යුතු ය. රූප වශයෙන් තයො සුපණ්ණා ගුරුළු රූප තුන් සියයකි. චතුරො ච හංසා හංස රූප හාර සියයක්, ව්‍යග්ඝිනියා පඤ්චසතා ව්‍යාඝ්‍රයන් හා සමාන ඇතැම් මෘගයෝ ‘ව්‍යග්ඝනියා’ නමි. ඒ ‘ව්‍යග්ඝිනියා’ රූප පන්සියයක් පන්ති වශයෙන් තයො සුපණ්ණා ගුරුළු පන්ති තුන්සියයක්, චතුරො ච හංසා හංස පන්ති හාර සියයක් ව්‍යග්ඝිනියා පඤ්චසතා ව්‍යග්ඝිනියා පන්ති පන්සියයක් ඣායිනො ධ්‍යාන වඩන මගේ විමානයෙහි මේ විභූතිය ද දක්වයි. ඔහාසයං ආලෝක කරමින් උත්තරස්සං දිසායං ඒ කනක විමානය (රන් විමන) ඒ මහා බ්‍රහ්මයන් සිටි තැන සිට උතුරු දිසාවෙහි වේ. එහෙයින් මෙසේ කී ය. එහි අදහස මෙය යි. මෙ බඳු රන් විමනක වසන මම අන් කවරකුගේ උපස්ථානයට යන්නෙම් ද? රූපෙ රණං දිස්වා රූපයෙහි ජාති ජරා භංග සංඛ්‍යාත වූ දෝෂය දැක සදාපවෙධිතං ශීත ආදියෙන් නිතර වේවලන චලනය වන - ගැටෙන රූපය දැක තස්මා න රූපෙ රමති සුමෙධො යම් සෙයකින් රූපයෙහි දෝෂය දකියි ද සෑම දා සෙළවෙන (කම්පිත වන) රූපය දකී ද එහෙයින් ‘සුමෙධො’ සුන්දර වූ ප්‍රඥාවක් ඇති ඒ බුදුන් වහන්සේ රූපයෙහි නො ඇළෙති.
සය වැනි සූත්‍රය යි.
7. කොකාලික සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - අප්පමෙය්‍යං පමිණන්තො අප්‍රමෙය්‍ය වූ (මිණිය නො හැකි) ක්‍ෂීණාශ්‍රව පුද්ගලයා; මෙපමණ සිල් ය මෙපමණ සමාධි ය, මෙපමණ ප්‍රඥාව යි මෙසේ ප්‍රමාණ කරමින්, කොධ විද්වා විකප්පයෙ කො (කවර) ඉධ (මෙහි) විද්ධා (නුවණැත්තෙක්) ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් කල්පනා කරයි ද? ක්‍ෂීණාහ්‍රවයෙක් ම ක්‍ෂීණාශ්‍රවයෙකු ප්‍රමාණ කරමින් කල්පනා කරයි යනු හඟවයි. නිවුතං තං මඤ්ඤෙ යම් පෘථග්ජනයෙක් ඔහු මැණීමට පටන් ගනී ද ඔහු ‘නිවුතං’ (අවකුජ්ජපඤ්ඤ) පහතට හැර වූ බුද්ධිය ඇති කෙනෙකු යි හඟිමි.
සත් වැනි සූත්‍රය යි.
8. කතමොරකතිස්ස සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - අකිස්සවං යනු ‘කිස්සවා’ ප්‍රඥාව යි කියනු ලැබේ. ‘ප්‍රඥාව නැත්තේ’ යන අරුත යි.
අට වැනි සූත්‍රය යි.
9. තුදුබ්‍රහ්ම සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - ආබාධිකො “සංසපමත්තීහි පිළකාහි” ‘අබ ඇට පමණ ගඩුවලින්’ (බිබිළිවලින්) ආදී ක්‍රමයට මී ළඟ සූත්‍රයෙහි එන ආබාධයෙන් රෝගාතුර වූයේ. බාළ්හගිලානො දැඩි ලෙස ගිලන් වූයේ, තුදු කෝකාලිකගේ උපාධ්‍යාය තුදු තෙරුන් වහන්සේ අනාගාමි ඵලයට පත් ව බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ ය. හේ බූමාටු දේවතාවන් ආදීන් කොට, කෝකාලික විසින් අග්‍රශ්‍රාවකයන් හට හි අන්තිම වස්තුවෙන් (පාරාජිකාපත්තියෙන්) දොස් පැවරීමෙන් නුසුදුසු දෙයක් කරන ලදැයි පිළිවෙලින් බ්‍රහ්ම ලෝකය දක්වා පැතුරුණු කෝකාලිකගේ පාප කර්මය අසා, නිවටයා මා බලා සිටියදී ම නො නැසේවා, තෙරුන් කෙරෙහි පැහැදීම් වස් ඔහුට අවවාද කරන්නෙමි යි පැමිණ ඔහු ඉදිරියේ සිටියේ ය. ඒ අරභයා ‘තුදු පච්චෙක බ්‍රහ්මා’ යි කියන ලදි. පෙසලො ප්‍රියශීලී, කොසි ත්‍වං ආවුසො වැතිර සිටිමින් ම කබර ඇස් දල්වා මෙසේ කී ය. පස්ස යාචඤ්ච තෙ බලව, ඔබ විසින් යම් පමණ අපරද්ධං (අපරාධයක් කරන ලද ද) තමාගේ නළලෙහි මහා ගඩුව නො දකිමින් අබ ඇට පමණ වූ ගඩු හේතුවෙන් මට දොස් පැවරිය යුතු ය යි සිතහි දැයි කී ය.
ඉක්බිති සාවද්‍ය දෘෂ්ටියට පිළිපන් මේ නිවටයා විෂ ගිල්ලකු මෙන් කිසිවකුගේ වචන නො කරන්නේය යි දැන පුරිසස්ස හි යනාදිය කී ය.
එහි කුඨාරි කෙටේරිය බඳු පරුෂ වචන; ඡින්‍දති කුශල මූල සංඛ්‍යාත මුල් ම සිඳින්නේ ය. නින්‍දියං නින්දා කටයුතු දුශ්ශීල පුද්ගලයා, පසංසති උත්තමාර්ථයෙහි සම්භාවනා කොට (ගරු කොට) ක්‍ෂීණාශ්‍රව යි කියයි.
තං වා නින්‍දති යො පසංසියො යම් ක්‍ෂීණාශ්‍රවයෙක් ප්‍රශංසා කටයුත්තේ ද උන්වහන්සේට පාරාජිකාපත්තියෙන් චෝදනා කරමින් මොහු දුශ්ශීලයෙකි යි කියයි ද, විචිනාති මුඛෙන සො කලිං හේ ඒ අපරාධය මුවෙන් රැස් කරයි නමි. කලිනා තෙන ඒ අපරාධයෙන්, සුඛං න වින්‍දති නින්දා කළ යුත්තහුට ප්‍රශංසා කිරීමෙනුත් ප්‍රශංසා කළයුත්තහුට නින්දා කිරීමෙනුත් විපාකය සමාන ම ය.