10. වජිරා සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - නයිධසත්තුපලබ්භති යනු මේ ශුද්ධ සංස්කාර ලොව තුළ පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් නම් නො ලැබේ. ඛන්‍ධෙසු සන්තෙසු ස්කන්ධ පහ ඒ ඒ ආකාරයට ව්‍යවස්ථාපිත ලෙස විද්‍යාමාන වූ කල්හි. සම්මුති සත්ත්වයා යන හැඳින්වීම් මාත්‍රය ම වේ. දුක්‍ඛං පඤ්චස්කන්ධය දුකය. නාඤ්ඤත්‍ර දුක්‍ඛා දුක හැර අනිකක් නො හට ගන්නේ ම ය. නිරුද්ධ නො වන්නේ ය.
දස වැනි සූත්‍රය යි.
මෙසේ භික්ෂුණී සංයුක්ත වර්ණනාව නිමියේ ය.
6. බ්‍රහ්ම සංයුත්තය
1. කෝකාලික වර්ගය
1. ආයාචන සූත්‍ර වර්ණනාව
බ්‍රහ්මසංයුත්තයෙහි පළමු වැන්නෙහි - පරිවිතක්කො උදපාදී සියලු බුදුන් වහන්සේලාට ආචිණ්ණ සමාචිණ්ණ වූ (පුහුණු කල නිතර මනා ලෙස පුහුණු කළ) සිතෙහි වූ මේ සිතිවිල්ල පහළවිය. කෙදිනක පහළ වී ද යත්: බුදු බවට පත් ව අට වැනි සතියෙහි රාජායතන මුලෙහි දෙවියන්ගේ රජු වූ ශක්‍රයා විසින් ගෙනෙන ලද දැහැටි ඔසු අරළු ද විකා මුව දොවා ලෝකපාලකයන් සිවු දෙනා විසින් ගෙනෙන ලද අගනා සෙල්මුවා පාත්‍රයෙහි තපස්සු භල්ලිකයන්ගේ පිණ්ඩපාතය වළඳා, යළිත් ආපසු පැමිණ අජපාල නිග්‍රෝධයෙහි සිටි මොහොතේ ය.
අධිගතො අවබෝධ කරන ලද ධම්මො චතුරාර්ය සත්‍ය ධර්මය ගම්භීරො නො ගැඹුර ප්‍රතික්ෂේප කරන වචනයකි මෙය. දුද්දසො ගැඹුරු බව නිසා ම දැකීමට අපහසු, දුරනුබොධො දුකෙන් (අමාරුවෙන්) අවබෝධ කළ යුතු, පහසුවෙන් අවබෝධ කර ගැනීමට නො හැක්කේ සන්තො නිවුණු පණීතො ප්‍රණීත වූ මේ දෙක ම ලෝකෝත්තර බැව් අරභයා කියන ලදි. අතක්කාවචරො තර්කයෙන් විමසිය යුතු, (නිගමනයට) බැසිය යුතු නො වේ. ඥානයෙන් ම විමසිය යුත්තේ වේ. නිපුණා දක්ෂ පණ්ඩිතවෙදනීයා සම්මා පටිපදාවට පිළිපන් පණ්ඩිතයන් විසින් දත යුතු, ආලයරාමා සත්ත්වයෝ පඤ්චකාම ගුණවල ඇලෙති. එහෙයින් ඔවුහු ‘ආලයා’ යි කියත්. එකසිය අටක් වූ තෘෂ්ණා හැසිරීම්හි හෝ ඇළෙන; එහෙයින් ද ‘ආලයා’ යි කියත්. ඒ ආලයන් මගින් විනෝද වෙති යි ආලයරාමා; ආලයන්හි අනුරාග වූයේ ආලයරතා; ආලයන්හි පිනවන ලදැයි ආලයසම්මුදිතා. යම් සේ මැනවින් සකස් කළ මල් පලවලින් බරවුණු රුක් (ආදියෙන් යුතු) උයනකට පිවිස රජතුමා ඒ සම්පතින් විනෝද වෙයි ද, පිනවීමට පත් ව ආමෝදිත ප්‍රමෝදිත බවට පත් වූයේ වෙයි ද උකටලී නො වී සවස් වී පවා නික්මීමට නො කැමති වෙයි ද, එසේ ම මේ කාමාලය තණ්හාලය සමගින් සත්ත්වයා විනෝද වෙත්. සංසාර වෘත්තයෙහි පිනවූවෝ උකටලී නො වූවෝ ම වසත් ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ආලය දෙයාකාරයකට උයන් බිමක් ලෙස දක්වන්නාහු ‘ආලයරාමා’ යි වදාළ සේක.
එහි යදිදං යනු නිපාතයකි. එහි තැන අරභයා ‘යං ඉදං’ යි ද, පටිච්චසමුප්පාදය අරභයා ‘සො අයං’ යි ද මෙසේ අර්ථ දත යුත්තේ ය. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො ‘ඉමෙසං පච්චයා’ (මේවා හේතුවෙන්) = ‘ඉදප්පච්චයා’, ‘ඉදප්පච්චයා’ ම ‘ඉදප්පච්චයතා’, ඒ ‘ඉදප්පච්චයතා’ හා ‘පටිච්චසමුප්පාදො’ = ‘ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො’, සංස්කාරාදී ප්‍රත්‍යයන්ට මෙය සමාන වචනයකි. සබ්බසංඛාරසමථො ආදී සියල්ල නිවන ය. යම් සේ එහි පැමිණ සියලු සංස්කාරයන්ගේ ගැස්ම (ඇඹරීම්) සමනය වෙත් ද, වූපසමනය වෙත් ද, එහෙයින් සියලු සංස්කාරයන්ගේ සමථය යි කියනු ලැබේ. යම් හෙයකින් ඊට පැමිණි සියලු උපධීහු හැර දැමුවෝ වෙත් ද, සියලු තණ්හා ක්ෂය වේ ද, සියලු කෙළෙස් කහට පහ ව යයි ද, සියලු දුක් නිරුද්ධ වෙයි ද එහෙයින් සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්‍ඛයො විරාගො නිරොධො යි කියනු ලැබේ. යම් ඒ තණ්හාවක් භවයෙන් භවය හෝ ඵලයෙන් ඵලය සමග කර්මයට නැවෙයි (කර්මය) වැළඳ ගනියි (වෙළෙයි) යනුවෙන් “වාණ” යි කියනු ලැබේ. ඒ වාණයෙන් බැහැරවී ය (වෙන් වූයේ ය) යි නිබ්බාණ නමි. සො මමස්ස කිලමථො නො දන්නවුන්ට (කරන) යම් දේශනාවක් වේ ද, එය මගේ ක්ලමථය (තෙහෙට්ටුව) (පිණිස) වන්නේ ය; එය මාගේ වෙහෙස (පිණිස) වන්නේ ය යන අරුත යි. ‘කායක්ලමථය’ (කායික තෙහෙට්ටුව) කාය වෙහෙස ද වන්නේ යයි කියන ලද්දේ වෙයි. බුදුන් වහන්සේලාගේ සිතෙහි මේ දෙක ම නැත. අපිස්සු අනුග්‍රහ කිරීම් අර්ථයේ නිපාතයකි. මේ පරිවිතර්කය උපන්නා පමණක් නොව, මේ ගාථා ප්‍රකාශ කළහ යි ද දක්වා ලයි. අනච්ඡරියා = ‘අනු අච්ඡරියා’ යළි යළිත් ආශ්චර්යවත් වන, පටිභංසු ප්‍රතිභාන (අවබෝධ) සංඛයාත ඥානයට ගෝචර විය. පරිවිතර්ක කළ යුතු (සිතිය යුතු) බවට පත් විය.
කිච්ඡෙන දුෂ්කර ප්‍රතිපදාවෙන් බුදුවරුන්ට මාර්ග සතර ම සුවසේ කළ හැකි ප්‍රතිපදාවක් ම වන්නේ ය. පාරමී දහම් පුරන කාලයෙහි සරාග සදෝස, සමෝහ වන හෙයින් පැමිණි පැමිණි යාචකයනට අලංකාර ලෙස සකසන ලද හිස කපා ගෙලෙහි ලේ යවා, මැනවින් අඳුන් තැවරූ ඇස් උගුළුවා, කුලවංශයට පහනක් වූ පුතු, හිතවාදී ව හැසිරෙන බිරිය යන මේ ආදීන් දෙන, තවත් ක්‍ෂාන්තිවාදී හා සමාන ආත්මභාවවලදී කැපීම් බිඳීම් ආදියට පමුණුවන්නහුගේ ආ යුතු ප්‍රතිපදාව අරභයා මෙය කියන ලදි. ‘හලං’ මෙහි ‘හ’ කාරය නිපාත මාත්‍රයකි. ‘අලං’ යන අරුත යි. පකාසිතුං දේශනා කිරීමට, මෙසේ දුක සේ අවබෝධ කර ගත් දේ දේශනා කිරීම පර්යාප්තිය දෙසීම නිෂ්ඵල ය, දේශනා කිරීමෙන් ඇති ඵලය කිම? යි කියන ලදි. රාගදොසපරෙතෙහි රාග ද්වේෂයෙන් මැඩුණු රාග ද්වේෂ අනුගත වූ හෝ