9. පඨම අපුත්තක සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - දිවාදිවස්ස දිවස්ස (දවසෙහි) දිවා; මද්දහන වේලාවේ යන අර්ථ යි. සාපතෙය්‍යං ධනය යි. කො පන වාදො රූපියස්ස රන් - රිදි - තඹ ලෝ පරිභෝග භාජන ආදී වර්ග හා රිදී භාණ්ඩ ගැන කුමන වාද ද? මෙපමණකැයි ද කුමන පිරිසිඳීම් කථා ද යන අර්ථ යි. කණාජකං නිවුඩු හාලේ බත බිලංගදුතියං කාඩි (හොද්ද) දෙවැනි කොට ඇති, සාණං හණින් තැනූ රෙද්ද තිපක්‍ඛවසනං කැබලි තුනක් දෙපොළකින් මසා කරන ලද වස්ත්‍රය යි.
අසප්පුරිසො ළාමක පුරුෂයා යි. උද්ධග්ගිකං ආදියෙහි මතු මතු භූමිවල (ආත්මවල) පල දීම් වශයෙන් මතු උතුම් වන්නේ යි උද්ධග්ගිකා; ස්වර්ගයට හිතවත් ව එහි උත්පත්තිය ජනනය කරතියි = සොවග්ගිකා පහළ වූ ස්ථානවල සුඛ විපාක වන්නේ යි = සුඛවිපාකා; මනා අග්‍ර වූ දිව්‍ය වර්ණ ආදී වූ විශේෂයෙන් පහළ වීම නිසා සග්ගසංවත්තනිකා; මේ ආකාර දක්‍ඛිණං දානය න පතිට්ඨපෙති (නො පිහිටුවයි)
සාතොදකා මිහිරි දිය ඇති සෙතකා රළ බිඳුණු තැන ජලයෙහි සුදු බව නිසා සුදු වූ, සුපතිත්‍ථා සුන්දර වූ තොට ඇති, තං ජනො යම් ජලයකින් ඒ ‘මධුර දිය’ වේ ද ඒ ජලය ජනයා බඳුන් පුරවා නො ගෙන යන්නේ ම ය. න යථාපච්චයං කරෙය්‍ය ජලයෙන් කළ යුතු යම් යම් උදක කෘත්‍ය වේ ද ඒ ඒ කාර්යය නො කරන්නේ ය.
තදපෙය්‍යමානං තං අපෙය්‍යමානං (පානය නො කරනු ලබන) කිච්චකරො ච හොති තමාගේ කර්මාන්ත කටයුතු කරන්නේ කුසල කර්ම කරන්නේ පරිභෝජනය කරයි, කර්මාන්තයෙහි යොදවයි. දන් ද දෙයි යනු අර්ථයි.
නව වැනි සූත්‍රය යි.
10. දුතිය අපුත්තක සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - පිණ්ඩපාතෙන පටිපාදෙසි පිණ්ඩපාතය සමග යෙදවී ය. පිණ්ඩපාතය දුන්නේ ය යන අර්ථ යි. පක්කාමි රාජ උපස්ථාන ආදි කිසියම් කටයුත්තක් නිසා ගියේ ය. පච්ඡා විප්පටිසාරි අහොසි පසු ව විපිළිසර විය. හේ අනෙක් දිනවල ද ඒ පසේ බුදුන් දකියි. දීමට ඔහුට සිතක් නො උපදියි. එදින පද්මාවතී දේවියගේ තෙවැනි පුත් තගරසිඛී පසේබුදු හිමි ගන්ධමාදන පර්වතයෙහි ඵල සමාපත්ති සුවයෙන් කල් ගත කොට පෙරවරුවෙහි නැගිට අනෝතත්ත විලෙන් මුව දොවා මනෝසිලා තලයෙහි හිඳ බඳපටිය බැඳ පා-සිවුරු ගෙන අභිඥා පාදක වූ චතුර්ථධ්‍යානයට සම වැද සෘද්ධියෙන් අහසට නැග නගර ද්වාරයට බැස සිවුර පොරවා පාත්‍රය රැගෙන නගර වාසීන්ගේ ගෙදොරවල දහසේ ගොඩවල් තබන්නාක් මෙන් මනහර ප්‍රාසාද ආදී අනුපිළිවෙලට සිටුවරයාගේ දොරකඩට වැඩි සේක. එදවස ද සිටුවරයා අළුයම ම නැගිට ප්‍රණීත භෝජන අනුභව කොට ගෙහි දොරකඩ අසුනක් පනවා ගෙන දත් අතර සෝදමින් සිටියේ වෙයි. හේ පසේබුදුන් දැක, ඒ දිනයෙහි අළුයම ම අනුභව කොට සිටි බැවින් දාන චිත්තය උපදවා භාර්යාව කැඳවා “මේ ශ්‍රමණයාට පිණ්ඩපාතය දෙව’යි කියා පිටත් ව ගියේ ය.
සිටුවරයාගේ බිරිඳ මෙසේ සිතුවා ය. මා විසින් මෙපමණ කලක් ‘මොහුට දෙව’ යි යන වචනයක් නො ඇසූ විරූ ය. අද දෙවන්නේ ද එසේ මෙසේ කෙනෙකුට නො වේ. රාග-දෝස-මෝහ පහ වූ, කෙළෙස් බැහැර ලු, බර බහා තැබූ පසේ බුදුවරයෙකුට දෙවයි. ඒ මේ දෙයක් නො දී ප්‍රණීත පිණ්ඩපාතයක් ම දෙන්නෙමි යි ගෙයින් නික්ම පසේබුදුවරයාණනට පසඟ පිහිටුවා වැඳ පාත්‍රය රැගෙන නිවස තුළ පැන වූ අසුනක වඩා හිඳුවා සුපිරිසිදු වූ ඇල් හාලෙන් බත් තනා ඊට අනුරූප වූ ව්‍යඤ්ජන සූප ද සකස් කර පාත්‍රය පුරවා පිටත සුගන්ධයෙන් අලංකාර කොට පසේ බුදුන්ගේ අත්හි තබා වැන්දා ය. පසේ බුදුහු ද අනෙක් පසේබුදුවරුන්ට ද සංග්‍රහ කරන්නෙමි යි නො වළඳා ම අනුමෝදන් කොට වැඩි සේක. ඒ සිටුවරයා ද බැහැර සිට එන්නේ පසේ බුදුන් දැක “අප ඔබ වහන්සේට පිණ්ඩපාතය දෙන්නැයි කියා ගියා. ලැබුණි ද?” “සිටුවරයාණනි, එසේ ය, ලැබිණි” යි (කී කල්හි) “බල්නනෙමි” බෙල්ල උස්සා බැලී ය. එවිට පිණ්ඩපාත සුවඳ මතු වී ඔහුගේ නාසා පුටයට වැදුනේ ය. හේ සිත සංයම කර ගැනීමට අපොහොසත් වූයේ පසුව විපිළිසර විය.
වරමෙතං ආදිය විපිළිසර උපන් ආකාරය දැක්වීම යි. භාතු ච පන එක පුත්තකං සාපතෙය්‍යස්ස කාරණා ජීවිතා වොරොපෙසි සහෝදරයා ධන හේතුවෙන් එක ම පුතා ජීවිතයෙන් තොර කළේ ය. එදා ඔහුගේ මව් පියෝ ද, වැඩිමහල් සොහොයුරා ද නිවස නො බෙදා තිබියදී ම කළුරිය කළහ. හේ සොහොයුරාගේ බිරිය සමඟ සංවාසයෙහි යෙදුනේ ය. ඔහුගේ සොහොයුරාට එක් පුතෙක් විය. වීදියේ සෙල්ලම් කරන ඔහුට මිනිස්සු “මේ දාසියා, මේ දාසිය, මේ යානය, මේ ධනය ඔබට අයිතිය” යි පවසත්. හේ ඔවුන්ගේ කථාව අසා “මේ දාසිය මගේ ය” ආදිය පවසයි.
එවිට ඔහුගේ සුළු පියා (මෙසේ) සිතී ය. මේ දරුවා දැන් ම මෙසේ කියයි. මහලු කාලයෙහි ගෙහි මැද බිඳිනු ඇත. (බූදලය දෙකට වෙන් කරනු ඇත.) දැන් ම කළ යුතු දේ කරන්නෙමි. එක් දිනක් පොරව ගෙන “එන්න පුතා, කැලයට යමු” යි ඔහු කැලයට ගෙන ගොස් හඬද්දී ම මරවා වළක දමා පස්වලින් වැසී ය. මේ අරභයා මෙසේ කියන ලදි.
සත්තක්‍ඛත්තුං සත් වරක්; පෙර පසු චේතනා වශයෙන් ද මෙහි අර්ථය දත යුත්තේ ය. එක් පිණ්ඩපාත දානයක දී එක් චේතනාවක් ප්‍රතිසන්ධි දෙකක් නො දෙයි. පූර්ව පශ්චිම චේතනාවෙන් ඔහු සත් වරක් ස්වර්ගයෙහි ද සත් වරක් සිටු කුලයෙහි ද උපන්නේ ය. පුරාණං පසේ බුදුවරයාණන් වහන්සේට දෙන ලද පිණ්ඩපාතයට අදාළ චේතනා කර්මය පරික්‍ඛීණං ගෙවී ගොස් ය,