4. ඝටීකාර සූත්‍ර වර්ණනාව
සිවු වැන්න - කියන ලද අර්ථම ය.
සිවු වැනි සූත්‍රය යි
5. ජන්තු සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - කොසලෙසු විහරන්ති භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් කමටහන් ගෙන එහි ගොස් වෙසෙත්. උද්ධතා කැප නො වූ දේ ගැන කැප ය යන සංඥාවෙනුත්, කැප වූ දේ ගැන අකැපය යන සංඥාවෙනුත්, නිවැරදි දේ ගැන වැරදි ය යන සංඥාවෙනුත්, වැරදි දේ ගැන නිවැරදි ය යන සංඥාවෙනුත් උඩඟු ස්වභාව ඇත්තන් වී, උන්නලා උග්ගතනලා (උද්ගත) උඩට නැගුණු බට ඇත්තාහු; ‘නැගී සිටි හිස් මානය ඇති’ යි කියන ලද්දේ වේ. චපලා පාත්‍ර චීනර සැරසීම ආදියෙන් චපල බවින් යුක්ත වූ, මුඛරා මුඛ ඛරා රළු වචනය ඇත්තේ යි කී සැටි යි. විකිණ්ණවාචා සංයත නො වූ වචන ඇත්තාහු, දවසෙහි ම නිරර්ථක වචන කථා කරන්නාහු, මුට්ඨස්සතිනො නැසුණු සිහිය ඇත්තාහු, සිහිය රහිත වූවාහු, මෙහි කරන ලද්ද එහි අමතක වෙයි. අසම්පජානො නුවණ නැති, අසමාහිතා අර්පණා උපචාර සමාධි රහිත වූවෝ, සැඩ දිය පහරෙහි අසු වුණු නැව් හා සමාන වූ, විබ්භන්තචිත්තා එක් අරමුණක නො පිහිටි සිත් ඇත්තාහු, මඟට වන් ව්යාඝ්ර ආදී සිවු පාවුන් හා සම වූ, පාකතින්ද්රියා සංවර නො වූ බැවින් ගිහි කල්හි මෙන් විවෘත වූ ඉන්ද්රිය ඇත්තාහු,
ජන්තු එනම් ඇති දේව පුත්‍රයා, තදහුපොසථෙ තස්මිං අහු උපොසථෙ - උපෝසථ දිනයෙහි යන අර්ථ යි. පණ්ණරසෙ තුදුස්වකට ප්රතිපක්ෂ වූ දින; උපසංකමි චෝදනා කිරීම පිණිස පැමිණියේ ය. හේ (මෙසේ) සිතී ය: මේ භික්ෂූහු ශාස්තෲන් සමීපයෙහි කමටහන් ගෙන නික්මුණෝ ය. දැන් ප්රමාදී ව වසත්, ඔවුන් වෙන් වෙන් ව (තනි තනි ව) සිටින කල්හි චෝදනා කරනු ලබන්නාහු උපදෙස් නො පිළිගන්නාහු ය. රැස්වන අවස්ථාවේ චෝදනා කරන්නෙමැයි පෙහෙවස් දිනයේ ඔවුන් රැස් වූ බව දැන පැමිණියේ ය. ගාථාහි අජ්ඣභාසි සියලු දෙනා මැද සිට ගාථා පැවසී ය.
එහි යම් හෙයකින් ගුණකථාව සමග නිරූපණයාගේ අගුණ ප්‍රකට වේ ද එ ලෙසින් ගුණ පළමුව පවසන්නේ ‘සුඛජීවිනො පුරෙ ආසුං’ ආදිය පැවසී ය. එහි සුඛජීවිනො පුරෙ ආසුං පූර්වයෙහි භික්ෂූහු මැනවින් පෝෂණය කිරීමට, පහසුවෙන් නඩත්තු කිරීමට හැකි වූවෝ ය. උස්පහත් කුලවලට ගෙපිළිවෙලින් පැමිණ ලත් මිශ්‍ර වූ ආහාරයෙන් යැපුනාහ යන අදහසින් මෙසේ කී ය. අනිච්ඡා තෘෂ්ණාවෙන් තොර වී,
මෙසේ පුරාණ භික්ෂූන්ගේ ගුණ වර්ණනා කර දැන් ඔවුන්ගේ නුගුණ පවසන්නේ, අප්පොසං ආදිය පැවසී ය. එහි ගාමෙ ගාමණිකා විය ගමෙහි (නින්දිත) ගම් දෙටුවෝ නානා ප්‍රකාර ලෙස මහජනයා පීඩාවට පත් කරවමින් කිරි, දී කිරි, සහල් ආදිය ගෙන්වා ගෙන අනුභව කරති. එසේ ඔබලාත් අනේසනයෙහි (භික්ෂූන් හට නොගැලපෙන ප්‍රත්‍ය සෙවීම්හි) යෙදී සිටිමින් ඔබලාගේ ජීවිකාව කරගෙන යන්නාහු ය යන අදහසින් කියයි. නිපජ්ජති උද්දෙස - පරිපුච්ඡා - මනසිකාරවලින් අර්ථයක් නැති අය වී ඇඳෙහි අත් පා විහිදා හොවිති. පරාගාරෙසු - අන් ගෙවල; පවුලේ ලේලි ආදීන් අතර යන අර්ථ යි. මුච්ඡිතා ක්ලේශ මූර්ඡාවෙන් මුසපත් වූවාහු,
එකච්චෙ කිව යුත්ත කීමෙන් ම; අපවිද්ධා (සසුනෙන්) බැහැර කළ, අනාථා පිහිටක් නැති, පෙතා සොහොනෙහි දැමූ; කාලක්‍රියා කළ මනුෂ්‍යයෝ; යම් සේ සොහොනෙහි දමන ලද්දාහු නොයෙක් පක්ෂි ආදීන් විසින් කා දමනු ලබත් ද, නෑයෝත් ඔවුනට පිහිට වීමට කටයුතු නො කරත් ද, නො රකිත් ද, ආරක්ෂාව නො සපයත් ද, එසේ ම මේ ආකාර වූවෝ ආචාර්ය උපාධ්‍යාය ආදීන්ගේ සමීපයෙහි අවවාද අනුශාසනා නො ලබති යි හැර දමන ලද්දෝ, අනාථ වූවෝ, මළගියවුන් යම් සේ ද එලෙස ම වෙත්.
පස් වැනි සූත්‍රය යි.
6. රෝහිතස්ස සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - යත්ථ සක්වළ ලොවේ එක් අවකාශයෙක්හි බිම ඇසුරු කළ න චවති න උප්පජ්ජති මෙය යළි යළිත් චුති ප්රතිසන්ධි වශයෙන් ගන්නා ලදි. ගමනෙන පා ගමනින් නාහං තං ලොකස්ස අන්තං ශාස්තෲන් වහන්සේ සංස්කාර ලෝකයේ අන්තය පිළිබඳ ව පවසන සේක. ඤාතෙය්යං ආදියෙහි දත යුතු, දැකිය යුතු, පැමිණිය යුතු යන අර්ථ යි.
මෙසේ දේවපුත්‍රයා විසින් චක්‍රවාළ ලෝකයෙහි අන්තය විමසන ලද්දේ ය. ශාස්තෲන් වහන්සේ විසින් සංස්කාර ලෝකයෙහි (අන්තය) ප්‍රකාශ කරන ලද්දේ ය. හේ තමාගේ ප්රශ්නය සමග ශාස්තෲන් වහන්සේගේ පිළිතුර සම වෙතැයි සිතා ප්‍රශංසා කරන්නේ අච්ඡරියං ආදිය පැවසී ය.
දළ්හධම්මො දැඩි වූ දුන්න, උතුම් ප්‍රමාණ වූ දුන්නෙන් සමන්විත වූයේ, ධනුග්ගහො දුණු ආචාර්යවරයෙක්, සික්ඛිතො දොළොස් වසරක් ධනු ශිල්පය හදාළ; කතහත්ථො වෘෂභප්රමාණ වුව ද වල’ග විදීමට සමත් බැවින් කෘතහස්ත වූ; කතූපාසනො ඊ විදීමෙන් දක්වන ලද ශිල්ප ඇත්තේ; අසනෙන ඊයෙන්, අතිපාතෙය්ය ඉක්මවා යයි ද, ඔහු යම් සැණෙකින් තල් ඡායාව ඉක්මවා යයි ද එවන් වේලාවකින් එක් සක්වළක් ඉක්මවා යමි යි තමාගේ ජවසම්පත්තිය පෙන්වයි.
පුරත්ථිමසමුද්දා පච්ඡිමො පෙර දිග මුහුදින් යම් සේ පශ්චිම මුහුද දුර ද මෙසේ දුරෙහි මාගේ පා ගමනක් වී යයි කියයි. හේ පෙර දිග සක් වළ මුව විටියෙහි සිටියේ පා විහිදුවා පෑල දිග සක්වළ මුවවිටිය ඉක්මවයි. යළි දෙවන පාදය විහිදුවා පර සක්වළ මුවවිටිය ඉක්මවයි. ඉච්ඡාගතං ඉච්ඡා එව - ආශාව ම ය. අඤ්ඤත්රෙව නිෂ්ප්රපඤ්චතාව (ප්‍රමාද රහිත බව) දක්වයි. ආහාර බුදින වේලෙහි බුලත් දැහැටි කා අනෝතත්ත විලෙන් මුව දොවා සුදුසු වේලාව ආ විට උතුරු කුරු දිවයිනෙහි පිඬු පිණිස හැසිර සක්වළ මුව විටියෙහි හිඳ බත්කිස කරයි. එහි මොහොතක් විඩා හැර යළි දුවයි. වස්සසතායුකො - එකල්හි දීර්ඝායුෂ්ක කාලයක් විය. මොහු සිය වසක් ඉතිරි ව තිබියදී ගමන ඇරඹී ය. අන්තරාව කාලංකතො සක්වළ ලෝකයේ කෙළවරට නො පැමිණ ම අතර මඟ දී ම මළේ ය. හේ එහි කාලක්‍රියා කොට ද පැමිණ මේ සක්වළෙහි උපණි. අප්පත්වා සංස්කාර ලෝකයේ අන්තයට නො පැමිණ; දුක්ඛස්ස සසර දුකෙහි; අන්තකිරියං අවසාන කරන; කලෙබරෙ ශරීරයෙහි, සසඤ්ඤිම්හි සමනකෙ සංඥා සහිත, චිත්ත සහිත, ලොකං දුක්ඛ සත්‍යය, ලොක සමුදයං සමුදය සත්‍යය, ලොකනිරොධං නිරොධ සත්‍යය, පටිපදං මාර්ග සත්‍යය, මෙසේ ආයුෂ්මතුනි, මම මේ සත්‍ය සතර තණකොළ ලී කොට ආදියෙහි නො පණවමි. මේ මහා භූත සතරින් යුතු ශරීරයෙහි ම පෙන්වමි යි දක්වයි. සමතාවී පාපය සමනය කළ; නාසිංසති නො පතයි.
සය වැනි සූත්‍රය යි.