10. නානාතිර්ථයසාවක සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - නානාතිත්‍ථියසාවකා ඔවුහු කර්මවාදීහු වූහ. එහෙයින් දානාදී පින් කොට ස්වර්ගයෙහි උපන්හ. ඔවුහු බුදුන් කෙරෙහි වූ තම තමාගේ ප්‍රසාදයෙන් උපනිමු යි දැන, ‘යමු, බුදුන් වහන්සේ සමීපයේ සිට (උන් වහන්සේ පිළිබඳ) අපගේ වර්ණනාව කරන්නෙමු’යි පැමිණ එක් එක් ගාථාවකින් පැවසූහ.
එහි ඡින්‍දිතමාරිතෙ සිඳීමෙහි ද මැරීමෙහි ද; හතජානිසු තැළීමෙහි ද, ධන හානියෙහි ද; පුඤ්ඤං වා පන තමාගේ පිනක් පවා නො දකියි, ලුහුඬින් කියතොත් පින් පව්වල විපාකයක් නැතැයි පවසයි. ස වෙ විස්සාසමාචික්‍ඛති මෙසේ හේ කරන ලද පාපයන්ගේත් කරන ලද පින්වලවත් විපාකයක් නැතැයි පවසමින් සත්ත්වයන්ගේ ‘විස්සාසං’ උපකාරය - පිහිට දක්වයි. එහෙයින් මානනං වන්දනා කිරීම, බුහුමන අරහති (සුදුසු) යි කියයි.
තපොජිගුච්ඡාය කය පෙළෙන තපසින් (හා) පව පිළිකුල් කිරීමෙන්, සුසංවුතත්තො සමන්විත වූ; නැතහොත් වසන ලද. ජෙගුච්ඡි තපස මගින් පව පිළිකුල් කරන්නා වූ; නිපකො පණ්ඩිත වූ; චාතුයාම සුසංවුතො චාතුයාම සංවරයෙන් යුක්ත වූ; ‘චාතුයාම’ නම් ‘සබ්බවාරිවාරිතො’ ද ‘සබ්බවාරියුත්තො’ ද ‘සබ්බවාරිධුතො’ ද ‘සබ්බවාරිඵුට්ඨො’ ද යන මේ කොටස් සතර ය. එහි “සබ්බවාරිවාරිතො” යනු ‘සියලු ජල වළක්වන ලද්දේ’ යනු ය. සියලු සිසිල් දිය ප්‍රතික්ෂේප කළේ යනු අර්ථ යි; හේ සිසිල් දියේ සත්ත්ව සංඥාව ඇත්තේ වෙයි. එහෙයිාන් එය නො වළඳයි. (පරිහරණය නො කරයි.) “සබ්බවාරියුත්තො” සියලු පව් වැළැක්වීමෙහි යුක්ත වූයේ; “සබ්බවාරිධුතො” සියලු පව් වැළැක්වීමෙන් සොළවන ලද පව් ඇත්තේ; “සබ්බවාරි ඵුට්ඨො” සියලු පව් වැළැක්වීමෙන් ස්පර්ශ කරන ලද්දේ; දිට්ඨං සුතඤ්ච ආචික්‍ඛං දුටු දේ මා විසින් දක්නා ලදී යි ද ඇසූ දේ මා විසින් අසන ලදී යයි ද කියන්නේ, නො සඟවන්නේ; නහනූන කිබ්බිසී මේ ආකාරයේ ශාස්තෲවරයා “කිබ්බිසකාරක’ (පව් කරන්නෙක්) නම් නො වන්නේ ය.
නානාතිත්‍ථියෙ හේ නොයෙක් තීර්ථකයන්ගේ ම උපස්ථායක වූයේ; එහෙයින් ඔවුන් අරභයා පවසයි. පකුධකො කාතියානො පකුධ කච්චායන; නිගණ්ඨො නිගණ්ඨ නාථපුත්ත; මක්‍ඛලීපූරණාසෙ මක්ඛලී ද පූරණ ද; සාමඤ්ඤපත්තා ශ්‍රමණ ධර්මයෙහි කෙළ පැමිණියෝ; නහනූන තෙ ඒ සත් පුරුෂයන් විසින් නො දූරෙ (නො දුරෙහි); ඔවුහු ම ලොවෙහි සත්පුරුෂයෝ (වෙති)’ යි කියයි. පච්චභාසි මේ ආකෝටක (දෙව් පුත්) තෙමේ මේ නග්න නිශ්‍රිත වූවන්ගේ ගුණ බුදුන් වහන්සේ අසළ සිට වර්ණනා කරති. (එබැවින්) ඔවුන්ගේ අවගුණ පවසන්නෙමැයි පෙරළා පැවසී ය.
එහි සහචරිතෙන එක් ව හැසිරීම් පමණින් ඡවො සිගාලො ලාමක කළු සිවලා; කොත්‍ථුකො ඊට ම සමානාර්ථවාචී ය. සබ්බස්සරාචාරො සැක කළ හැසිරීම් ඇති; න සතං සරික්‍ඛො පණ්ඩිත වූ සත් පුරුෂයන් හා සමාන වූවෙක් නො වේ. කිම ඔබ කළු සිවල් සමාන තීර්ථකයන් සිංහයන් කරන්නෙහි ද? යි.
අන්‍වාවිසිත්‍වා මොහු මේ ආකාර ව ශාස්තෲන්ගේ නුගුණ කථා කරයි, ඒ මුවින් ම ඒ ගුණ වර්ණනාව කරවන්නෙමැයි සිතා ඔහුගේ ශරීරයට ආවිෂ්ට විය, ආවේශ විය. එසේ ආවිෂ්ට වී; ආයුත්තා තපස පිළිකුල් කිරීමෙහි යෙදුණු; ඇලී ගැලුණු; පාලයං පවිවෙකියං විවේක බව රකින්නාහු, ඔවුහු නෑමෙන් උතුම් විවේකය පාලනය කරන්නමෝ යි තමාගේ කෙස් උදුරති. සිවුරු දැරීමෙන් උතුම් විවේකය පාලනය කරන්නමෝ යි නග්න ව හැසිරෙත්. පිණ්ඩපාතයෙන් උතුම් විවේකය පාලනය කරන්නමෝ යි සුනඛයන් මෙන් බිම හෝ අත්වල හෝ අනුභව කරති. සේනාසන විවේකය පාලනය කරන්නමෝ යි කටුගොඩවල නිදීම් ආදිය කරත්. රූපෙ නිවිට්ඨා තෘෂ්ණා දෘෂ්ටි ආදිය මඟින් රූපවල පිහිටියාහු; දෙවලොකාභිනන්‍දිනො දෙව්ලොව පතන්නාහු; මාතියා මනුෂ්‍යයෝ, ඔවුහු පරලොකත්‍ථාය පරලෝ පිණිස සම්මා අනුසාසන්ති (මැනවින් අනුශාසනා කරත්) යි කියති.
ඉති විදිත්‍වා මෙතෙමේ පළමු ව ඔවුන්ගේ නුගුණ පවසා දැන් ගුණ පවසයි. මේ කවුද? යි ආවර්ජනය කරන සේක් දැන ගෙන ම, යෙචන්තලික්‍ඛස්මිං පභාසවණ්ණා යම් කෙනෙක් අන්තරීක්ෂයෙහි සඳ එළිය, හිරු එළිය, සැඳෑ එළිය, දේදුණු, තරු ආදියෙහි ආලෝකය බඳු වර්ණ ඇත්තාහු; සබ්බෙව තෙ තෙ ඒ සියල්ල ඔබ විසින් නමුචි මාරයා ආමන්ත්‍රණය කරයි. ආමිසං ව මච්ඡානං වධාය ඛිත්තා යම් සේ මාළුවන් මරනු පිණිස බිලීකොකු අග මාංසයක් දමයි ද, එසේ ප්‍රශංසා කරන ඔබ විසින් මේ රූප සත්ත්වයන්ගේ වධය පිණිස දමන ලද ඒවා යයි පවසයි.
මානවගාමියො මේ දේව පුත්‍රයා බුදුන් වහන්සේගේ උපස්ථායකයෙකි. රාජගහියානං රජගහ නුවර පර්වතයන්ට සෙතො කෛලාසය; අඝගාමිනං ආකාශගාමින් හට; උද්ධීනං ජලනිධානයන් (ජලාශයන්) හට; කියන ලද්දේ මෙය යි; යම් සේ රජගහ නුවර පර්වතයන්ට විපුල (වෛපුල්‍ය පර්වතය) ශ්‍රේෂ්ඨ ද, හිමවත් පර්වතයන්ට කෛලාසය ශ්‍රේෂ්ඨ ද, ආකාශගාමීන් හට සූර්යයා ශ්‍රේෂ්ඨ ද, ජලාශයන් හට සමුද්‍රය ද, තාරකාවලට චන්ද්‍රයා ද (ශ්‍රේෂ්ඨ වන්නේ ද) එලෙස සදෙව් ලොවට තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙති.
දස වැනි සූත්‍රය යි.