5. චන්දන සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - අප්පතිට්ඨෙ අනාලම්බෙ පහතින් ප්රතිෂ්ටාවක් (පදනමක්, පිහිටක්) නැති; ඉහළ එල්ලීමක් නැති, සුසමාහිතො අර්පණාවෙන් හා උපචාරයෙනුත් මැනවින් සමාධිගත වූ පහිතත්තො යැවූ (මෙහෙය වූ) සිත් ඇත්තේ. නන්දිරාගපරික්ඛීණො ප්‍රහීණ කළ නන්දිරාග ඇත්තේ, ‘නන්දිරාග’ නම් කර්මාභිසංස්කාර තුන ය. මෙසේ මේ ගාථාවෙන් කාම සංඥා ගැනීමෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජනත්, රූප සංයෝජන ගැනීමෙන් පඤ්ච උද්ධම්භාගිය සංයෝජනත් නන්දිරාගයෙන් කර්මාභිසංස්කාර තුනත් ගන්නා ලදි. මෙසේ යමෙකුගේ දස සංයෝජනත් කර්මාභිසංස්කාර තුනත් ප්‍රහීණ වී ද සො ගම්භීරෙ (හේ ගැඹුරු) මහා සැඬ පහරෙහි න සීදති (නො ගිලෙයි). කාම සංඥාවෙන් කාම භවය හෝ රූපසංයෝජනයෙන් රූපභවය හෝ ගන්නා ලදි. ඒවා ගැනීමෙන් අරූප භාවය ගන්නා ලද්දේ ම ය. නන්දිරාගයෙන් කර්මාභිසංස්කාර තුන ගන්නා ලදැයි මෙසේ යමෙකුට භවත්‍රයෙහි සංස්කාර තුන නො මැත්තේ ද හේ සැඬ පහරෙහි නො ගිලෙතියි පෙන්වයි.
පස් වැනි සූත්‍රය යි.
6. වසුදත්ත සූත්‍ර වර්ණනාව
සය වැන්න - පවසන ලද පරිදි ය.
සය වැනි සූත්‍රය යි.
7. සූබ්රහ්ම සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - සුබ්රහ්මා ඒ දේවපුත්‍රයා අප්සරාවන් දහසකින් පිරිවරන ලද්දේ නදුනුයනේ ක්‍රීඩා පිණිස ගොස් පරසතු රුක මුල පනවන ලද අසුනේ හිඳ ගත්තේ ය. පන්සියයක් දෙව්දූවරු ඔහු පිරිවරා සිටියාහු ය. පන්සියයක් රුකට නැඟී සිටියාහු ය.
දේවතාවන්ගේ සිත් (කැමති) පරිදි යොදුන් සියයක් වුව ද වෘක්ෂය නැමී අතට එන්නේ නම් කුමන කරුණක් නිසා ඔවුහු ගසට නැග්ගෝ ද? ක්‍රීඩාවෙහි යෙදුණු නිසා ය. නැග මධුර ස්වරයෙන් ගය ගයා මුල් පහත හෙලත් ඒවා ගෙන අන්‍යයෝ ‘එකතො වණ්ටිකමාලා’ (එක පැත්තට නැටි සිටින සේ ගෙතු මල් මාලා) ආදී වශයෙන් ගොතත්.
ඉක්බිති ගසට නැග්ගාහු උපච්ඡේදක කර්ම වශයෙන් එක් වන ම කාල ක්‍රියා කොට අවීචියෙහි උපන්නාහු මහ දුක් අනුභව කරති.
ඉක්බිති කාලය ගත වත් ම දේවපුත්‍රයා මේ අයගේ ශබ්දයකුත් නෑසේ. මල් වැටෙන්නේ ද නැත. කොහි ගියාහු දැයි ආවර්ජනය කරන්නේ නිරයෙහි උපන් බව දැක, ප්රියවස්තුක ශෝකයෙන් ඉද්දෙන්නේ (පෙළෙන්නේ) (මෙසේ) සිතී ය. “ඔවුහු යථාකර්ම වශයෙන් ගියහ. මගේ ආයු සංස්කාරය කොපමණ කලකින් ද?” හේ “සත් වැනි දවසෙහි මා ද අවශේෂ පන්සියයක් දෙනා සමඟ කාලක්‍රියා කොට එහි ම ඉපදිය යුතු වන්නේ යයි” දැක අධිකතර ශෝකයෙන් පෙළුනේ ය. හේ මාගේ මේ ශෝකය නිවීමට සදෙව් ලොව තථාගතයන් වහන්සේ හැර වෙනත් සමර්ථ වවෙක් නම් නැතැයි සිතා ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් නිච්චං උත්රසතං යන ගාථාව පැවසී ය.
එහි ඉදං තමාගේ සිත දක්වයි. දෙවන පදය මුල් පදයට ම සමානාර්ථවාචී ය. නිච්චං පදයෙහි ‘දෙව් ලොව උපන් කාලයේ පටන්’ යයි අර්ථය නො ගත යුත්තේ ය. “නිච්චං” යන්න ශෝකය උපන් කාලයේ පටන් යි දත යුතු ය. අනුප්පන්නෙසු කිච්ඡෙසු (නූපන් දුක ගැන) මෙයින් සත් දිනක් අවසානයේ යම් දුකක් උපදී ද, ඒවා කෙරෙහි; අථො උප්පතිතෙසු ච භාග්‍යවතුන් වහන්ස, නිරයෙහි උපන් පන්සියයක් අප්සරාවන්ගේ යම් (දුක් රැසක්) දක්නා ලද ද ඒවා පිළිබඳ වත් මෙසේ උපන් නූපන් දුක් පිළිබඳවත් නිරන්තරයෙන් තැති ගත් මගේ සිත අභ්‍යන්තරයෙහි දැවෙන්නාක් මෙන් වෙමි යි දක්වයි.
නාඤ්ඤත්ර බොජ්ඣඞ්ගා තපසා බොජ්ඣංග භාවනාව හා තපෝගුණය ද වෙනතක මුදා (අත හැර) සුවයක් නො දක්නෙමි යන අර්ථ යි. සබ්බනිස්සග්ගා නිර්වාණයෙන්: මෙහි බොජ්ඣංග භාවනාව ප්‍රථමයෙන් ගන්නා ලද්දේ හා ඉන්ද්රිය සංවරය පසු ව (ගන්නා ලද්දේ) වුව ද, අර්ථ වශයෙන් ඉන්ද්රිය සංවරය ම පළමු ව දත යුත්තේ ය. ඉන්ද්රිය සංවරය ගත් කල්හි ම චතුපාරිශුද්ධි ශීලය ගන්නා ලද්දේ වෙයි. එම පිහිටි භික්ෂුව ඇසුරක් නොමැත්තේ ධුතංග සංඛ්‍යාත තපෝ ගුණය සමාදන් ව අරණට පිවිස කමටහන් වඩන්නේ විපස්සනාව සමග බොජ්ඣංග වඩයි. ඔහුගේ ආර්ය මාර්ගය යම් නිවනක් අරමුණු කොට උපදී ද එය ‘සබ්බනිස්සග්ගො’ යි භාග්‍යවතුන් වහන්සේ සත්‍ය සතර වශයෙන් දේශනාව අවසන් කළ සේක.
දේවපුත්‍රයා දේශනාව අවසානයේ සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.
සත් වැනි සූත්‍රය යි
8. කකුධ සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - කකුධො දෙවපුත්තො මොහු වූ කලී කෝළ නගරයේ මහා මුගලන් තෙරුන් වහන්සේගේ උපස්ථායකයාගේ පුත්‍රයා වූයේ, තරුණ කල්හිා ම තෙරුන් සමීපයෙහි වසමින් දැහැන් උපදවා කාල ක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ ය. එහි ද ඔහු කකුධ බ්‍රහ්ම නමින් ම හඳුනති. නන්දසි සතුටු වන්නෙහි ද? කිං ලද්ධා තුෂ්ටිය නම් මනාප වූ කිසිවක් ලැබ ඇති වේ. එහෙයින් මෙසේ කී ය. කිං ජියිත්ථ (දිරා ගියේ ද) මනාප වූ සිවුරු ආදි කිසිවක් දිරා ගියේ වේ ද හේ ශෝක කරයි. එහෙයින් එසේ කී ය. අරති නාභිකීරති උකටලී බව මැඩ පවත්වනුයේ නැද්ද? අඝජාතස්ස දුක හටගත්තහුට, සසර දුකෙහි සිටියහුට යන අර්ථය යි. නන්දිජාතස්ස හටගත් තණ්හාව ඇතියහුට, අඝං මේ ආකාරවූවන්ට සසර දුක පැමිණියේ ම වේ. “දුක්ඛී සුඛං පත්ථයති” (දුකට පත්වූයේ සුවය පතයි) යි කියන ලදි. මෙසේ දුක හටගන්නහුට නන්දි (තෘෂ්ණාව) වේ. විපරිණාමයෙන් දුක පැමිණියේ ම යි තෘෂ්ණාව හටගන්නහුට දුක වේ.
අට වැනි සූත්‍රය යි.