8. තායන සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - පුරාණතිත්‍ථකරො පැරණි තීර්ථකයකු වූ, මෙහි ද ‘තිත්‍ථ’ නම් දෙසැටක් දෘෂ්ටි ය, ‘තිත්‍ථකරො’ නම් ඒවායේ උත්පාදකයා (ශාස්තෘවරයා) ය. එනම්, නන්ද, වත්ස, කෘශ, සංකිච්ච, පූරණ ආදීහු තීර්ථකයෝ නම් වෙත්. මේ දෘෂ්ටිය උපදවා කෙසේ ස්වර්ගයෙහි පහළ වූවෝ ද? කර්මවාදීභාවය නිසා ය. මෙ තෙමේ පෙහෙවස් බත් ආදිය දුන්නේ ය. අනාථයනට දන් දෙවී ය, ඉණිමං තැනවී ය. පොකුණු තැනවී ය, තවත් බොහෝ හොඳ දේ කළේ ය. හේ ඒ නො නැවත ගලා එන දෙයින් ස්වර්ගයෙහි පහළ විණි. (බුදුන් වහන්සේගේ) ශාසනයෙහි නෛර්යාණිකභාවය දනියි. හේ තථාගතයන් වහන්සේගේ සමීපයට ගොස් ශාසනයට ගැලපෙන වීර්යය අඩංගු ගාථාවන් කියන්නෙමි යි පැමිණ ‘ඡින්‍ද සොතං’ ආදිය පැවසී ය.
එහි ඡින්‍ද නියම නො කළ අණ කිරීම ය. සොතං තෘෂ්ණා ප්‍රවාහය පරක්කමා පරාක්‍රම කොට, වීර්ය කොට කාමෙ ක්ලේශකාමත්, වස්තු කාමත්, පනුද දුරු කරව. එකත්තං ධ්‍යානය. කියන ලද්දේ මෙය යි: කාමයන් දුරු නො කර මුල් ධ්‍යානය නො උපදී නො ලබයි යන අරුත යි, කයිරා චෙ කයිරා ථෙතං ඉදින් වීර්යය කරන්නේ නම් කරන්න: ඒ වීර්යය නො පසුබසින්නේ ය. දළ්හමෙතං පරක්කමෙ දැඩි ලෙස කරන්නේ ය. සිථිලො හි පරිබ්බාජො ලිහිල් ලෙස ගන්නා ලද පැවිදි බව, භිය්‍යො ආකිරතෙ රජං මතුයෙහි වැඩිපුර (තව තවත්) කෙළෙස් දුහුවිලි වගුරුවයි. අකතං දුක්කතං සෙය්‍යො නපුරු ලෙස කරන ලද්ද (පාපය) නො කරන ලද්දේ ම උතුම් ය. යං කිඤ්චි දුක්කතය (පාපය) පමණක් නොව ශ්‍රමණ බව ද, අන් යම් කිසිවක් ලිහිල් ව කරන ලද ද එය ද එසේ ම වේ. සංකිලිට්ඨං දුෂ්කරකාරික ආදි ව්‍රතය, මේ සසුනේ ප්‍රත්‍යය හේතුවෙන් සමාදන් වූ ධුතංග ව්‍රතය කිළිටි වූවක් ම ය. සංකස්සරං සැක සංකාවෙන් යුතු ව ගිය (හැසිරුණු), මෙයත් මෙයින් කරන ලද්දේ වන්නේ ය. මෙයත් මෙයින් කරන ලද්දේ වන්නේ ය) ආදි ලෙස සැක කරන ලද, දැඩි ව සැක කරන ලද, ආදිබ්‍රහ්මචරියකා මාර්ග බ්‍රහ්මචර්යයේ ආදී වූ (මුල් වූ), පූර්ව ප්‍රධාන වූ.
අට වැනි සූත්‍රය යි.
9. චන්දිම සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - චන්‍දිමා චන්ද්‍රවිමාන වැසි දෙවපුත්තො. සබ්බධි ස්කන්ධ ආයතන ආදි සියල්ලෙහි. ලොකානුකම්පකා ඔබටත් ඔහුටත් එක් බඳු ම ය. සන්තරමානොව ඉක්මන් ගමන් ඇත්තකු මෙන්, පමුඤ්චසි (මිදුවෙහි ද?) අතීතාර්ථයෙහි වර්තමාන වචන යි.
නව වැනි සූත්‍රය යි.
10. සුරිය සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - සුරියො සූර්යවිමානවාසී දෙවපුත්තො අන්‍ධකාරෙ චක්ඛු විඤ්ඤාණ උත්පත්තිය වළක්වන බැවින් අඳ බව ඇති කරන, විරොචති යි (බබළවති යි) වෙරොචනො. මණ්ඩලී මණ්ඩලසණ්ඨාන වූ (සූර්ය බිම්බ සහිත වූ) මා රාහු, ගිලී චරං අන්තලික්‍ඛෙ රාහු අසුරය, අහසෙහි සැරිසරන සූර්යයා නො ගිලිනු යි කියයි. කිම ඔහු (සූර්යයා) ගිලියි ද? එසේ ය, ගිලියි. රාහුගේ ශරීරය මහත් සේ උස් බව හේතු කොටගෙන ය: අටසිය යොදුනක් වැඩි යොදුන් හාරදහසකි. (හාරදහස් අටසියයකි) ඔහුගේ බාහු අතර (පළල) යොදුන් දොළොස් සියයකි. පළලින් යොදුන් හය සියයකි. හිස යොදුන් නව සියයකි. නළල යොදුන් තුන් සියයකි. ඇහි බැමි අතර යොදුන් පනහකි. මුඛය යොදුන් දෙසියයකි. නාසය යොදුන් තුන්සියයකි. මුඛද්වාරය යොදුන් දෙසියයක් ගැඹුරු ය. අත් තල, පාද තල පළලින් යොදුන් දෙසියයකි. ඇඟිලි පුරුක් යොදුන් පනහකි. හේ චන්ද්‍ර සූර්යයන් බැබළෙනු දැක ඊර්ෂ්‍යා ස්වභාවයෙන් යුක්ත වූයේ ඔවුන්ගේ ගමන් මගට බැස මුව අයා සිටියි. චන්ද්‍ර විමානය හෝ සූර්ය විමානය යොදුන් තුන් සියයක් වූ මහ නිරයට විසි කළාක් මෙන් වෙයි. විමානයෙහි වසන දේවතාවෝ මර බියෙන් බිය වූවෝ එක පැහැර කෑගසති. හේ (රාහු) කිසියම් දවසක විමානය අතෙන් වසයි; කිසියම් දවසක හනුවෙන් පහළට විසි කරයි: කිසියම් දිනෙක දිවෙන් පිරිමදියි. කිසියම් දවසක (වඳුරන්) කොපුවෙහි ආහාර ගුලි තබාගෙන බුදින්නාක් මෙන් කොපුල් අතරේ තබයි. වේගය වැළැක්වීමට නො හැකි වේ. ඉදින් වළක්වන්නෙමි යි දඬුවක් කොට සිටියි ද ඔහුගේ හිස පළා නික්මෙන්නේ ය. ඇද හෝ ඔහු පහතට නවයි ද එහෙයින් විමානය ද සහිතව යයි. පජං මම චන්‍ද්‍ර සූර්ය දේව පුත්‍ර දෙදෙනා ම මහාසමය සූත්‍ර දේශනාව කළ දිනයේ සෝවාන් ඵලයට පත්වූහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “පජං” මම යි කී ය. ‘ඔහු මාගේ පුත්‍රයා ය’ යන අර්ථ යි.
දස වැනි සූත්‍රය යි.
ප්‍රථම වර්ගය යි.
2. අනාථපිණ්ඩික වර්ගය
1. චන්දිමස සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නේ - කච්ඡෙ ව කිස්සෙහි මෙන්, කිස්ස - කඳුවල “කිස්ස” හා ගංගා “කිස්ස” ද වේ. එකොදි නිපකා ඒකාග්‍රතාවයට පත් සිතින් හා ප්‍රඥා නිපුණත්වයෙන් යුක්ත වූ; සතා සිහි ඇති; කියන ලද්දේ මෙය යි: යම් කෙනෙක් ධ්‍යාන ලැබ එකඟ වූ සිතින් යුතු ව, ප්‍රඥානිපුණත්වය ඇති ව හා සිහියෙන් යුතු ව වසන්නේ ද ඔවුහු (අමකසෙ = අ+මකසෙ) මදුරුවන් නැති කඳු කිස්සක හෝ නදීකිස්සක හෝ මුවන් මෙන් සුවයට යන්නෝ ද පාරං නිවනට; අම්බුජො මත්ස්‍යයා, රණඤ්ජහා කෙළෙස් දුර ලන, යම් කෙනෙක් දැහැන් ලැබ අප්‍රමාදී වූවෝ කෙළෙස් දුර ලත් ද ඔවුහු නූල් දැල බිඳ (යන) මත්ස්‍යයන් මෙන් නිවනට යන්නාහු ය යි කියන ලදි.
ප්‍රථම සූත්‍රය යි.