6. කාමද සූත්ර වර්ණනාව
සය වැන්නේ - දුක්කරං මේ දේවපුත්රයා පූර්ව යෝගාවචරයෙකි. කෙලෙස් වැඩි බැවින් සප්රයෝගයෙන් (මනා සේ යෙදීමෙන්) කෙළෙස් යටපත් කරන්නේ ශ්රමණ ධර්ම කොට පූර්ව උපනිඃශ්රය මඳ බැවින් ආර්ය භාවයට නො පැමිණ කාල ක්රියා කොට දෙව්ලොව පහළ විණි. හේ තථාගතයන් වහන්සේ ළඟට ගොස් දුෂ්කර බව දක්වන්නෙමැයි පැමිණ මෙසේ කී ය. එහි දුක්කරං දසවසක්.... සැට වසක් ම ඒකාන්ත පරිශුද්ධ වූ ශ්රමණධර්මකරණය යි යමක් වේ ද එය දුෂ්කර ය. සෙඛා සප්ත ශෛක්ෂ්යයෝ (රහත් ඵලය හැර ඉතිරි මාර්ග ඵල ලාභීහු), සීලසමාහිතා ශීලයෙන් යුක්තවූ, සමුපේත වූ, ඨිතත්තා (ස්ථිර ව) පිහිටි ස්වභාවය නිසා; මෙසේ අසන ලද ප්රශ්නය විසඳා දැන් තවත් ප්රශ්න මතු කිරීම පිණිස අනගාරියුපෙතස්ස ආදිය කී සේක. එහි අනගාරියුපෙතස්ස ‘අනගාරියං’ ගෘහයන් නොමැති බවට පැමිණියහුට; සත් මහල් ප්රාසාදයෙහි වසන භික්ෂුව වුව ද මහල්ලකු පැමිණ “මෙය මට පමුණුවන්නැයි” කී කල්හි පා සිවුරු ගෙන යන්නේ ම ය. එහෙයින් “අනගාරියුපෙතො” යි කියනු ලැබේ. තුට්ඨි සිවු පසයෙන් ලැබෙන සතුට; භාවනාය සිත සංසිඳවන භාවනාවෙන්
තෙ ඡෙත්වා මච්චුනො ජාලං යම් කෙනෙක් රෑ දවල් ඉන්ද්රියන් සංසිඳවීමෙහි ඇළුණහු ද ඔවුහු එක් තැන් කිරීමට දුෂ්කර සිත එක් තැන් කරති. යම් කෙනෙක් එකඟ කළ සිත් ඇත්තාහු වෙත් ද, ඔවුහු සිවුපස සතුට පුරන්නෝ වෙහෙසට පත් නො වෙති. යම් කෙනෙක් සතුටට පත් වූවාහු ද ඔවුහු ශීලය පුරමින් වෙහෙසට පත් නො වෙති. යම් කෙනෙක් ශීලයෙහි පිහිටියෝ ද සප්ත සේඛ වූ ඒ ආර්යයෝ මාරයාගේ ජාලසංඛ්යාත කෙලෙස් දැල සිඳ ලා යති. දුග්ගමො ස්වාමීනි, එය සත්ය ය. යම් කෙනෙක් ඉන්ද්රියයන් සංසිඳවීමේ ඇළුණාහු ද ඔවුහු එකඟ කර ගැනීමට දුෂ්කර සිත එක් තැන් කරති... යම් කෙනෙක් සීලයෙහි පිහිටියාහු ද ඔවුහු මාරයාගේ ජාලය සිඳ යත්. නො යන්නේ ඇයි? මෙය දුග්ගමො භගවා විසමො මග්ගො (භාග්යවතුන් වහන්ස, මාර්ගය විෂම ය, ගමන දුෂ්කර ය) යි පැවසී ය. එහි ආර්ය මාර්ගය දුර්ගම හෝ විෂම හෝ නො වන්නේ වුව ද මේ පූර්වභාග ප්රතිපදාවෙහි බොහෝ හිරිහැර වේ. එහෙයින් මෙසේ පවසන ලදි. අවං සිරා ඥාන මුදුනින් (හිසින්) අධෝසිරස් ව (යටිකුරු ව), පපතන්ති ආර්ය මාර්ගයේ නැඟීමට අසමත් බව හේතුවෙන් අනාර්ය මාර්ගයෙහි වැටෙති යි ද කියත්, අරියානං සමො මග්ගො තමාගේ මාර්ගය අනාර්යයන්ගේ (මාර්ගය හා) සම වේ. විසමො සමා විෂම වූ සත්ත්ව සමූහයා අතරෙහි පවා සම වෙත් ම ය.
සය වැනි සූත්රය යි.
7. පඤ්චාලචණ්ඩ සූත්ර වර්ණනාව
සත් වැන්නෙහි - සම්බාධෙ නීවරණ සම්බාධ, කාම ගුණ සම්බාධ යි සම්බාධ දෙකකි. ඒවායින් මෙහි නීවරණ සම්බාධ අදහස් කරන ලදි. ඔකාසො මෙය ධ්යානයට නමකි. පතිලීනනිසභො පතිලීන ශ්රේෂ්ඨ වූ ‘පතිලීන’ යනු ‘ප්රහීණ වූ මානය ඇත්තේ’ යි කියනු ලැබේ. ‘කථඤ්ච භික්ඛවෙ භික්ඛු පතිලීනො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අසම්මානො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනාභවකතො ආයතිං අනුප්පාදධම්මො (මහණෙනි, භික්ෂුව කෙසේ නම් පතිලීන වේ ද? මහණෙනි, මෙහි භික්ෂුවගේ අස්මිමානය ප්රහීන වී ද, උදුරා දමනු ලැබූ මුල් ඇත්තේ වී ද, කරටිය කඩන ලද තල් ගසක් මෙන් වූයේ ද, නැවත ඇති වීම නැති කළ, මතු ඉපදීමක් නොමැති බව ස්වභාව කොට ඇති) යි කී පරිදි ය. පච්චලද්ධංසු ලැබුවාහු ය. සුසමාහිතා යම් කෙනෙක් නිවනට පැමිණීම පිණිස සිහිය ලැබුවාහු ද ඔවුහු ලෝකෝත්තර සමාධියෙන් ද මැනවින් සමාධිගත වූවෝ ය යි මිශ්ර වූ ධ්යානය පවසන ලදි.
සත් වැනි සූත්රය යි.
8. තායන සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - පුරාණතිත්ථකරො පැරණි තීර්ථකයකු වූ, මෙහි ද ‘තිත්ථ’ නම් දෙසැටක් දෘෂ්ටි ය, ‘තිත්ථකරො’ නම් ඒවායේ උත්පාදකයා (ශාස්තෘවරයා) ය. එනම්, නන්ද, වත්ස, කෘශ, සංකිච්ච, පූරණ ආදීහු තීර්ථකයෝ නම් වෙත්. මේ දෘෂ්ටිය උපදවා කෙසේ ස්වර්ගයෙහි පහළ වූවෝ ද? කර්මවාදීභාවය නිසා ය. මෙ තෙමේ පෙහෙවස් බත් ආදිය දුන්නේ ය. අනාථයනට දන් දෙවී ය, ඉණිමං තැනවී ය. පොකුණු තැනවී ය, තවත් බොහෝ හොඳ දේ කළේ ය. හේ ඒ නො නැවත ගලා එන දෙයින් ස්වර්ගයෙහි පහළ විණි. (බුදුන් වහන්සේගේ) ශාසනයෙහි නෛර්යාණිකභාවය දනියි. හේ තථාගතයන් වහන්සේගේ සමීපයට ගොස් ශාසනයට ගැලපෙන වීර්යය අඩංගු ගාථාවන් කියන්නෙමි යි පැමිණ ‘ඡින්ද සොතං’ ආදිය පැවසී ය.
එහි ඡින්ද නියම නො කළ අණ කිරීම ය. සොතං තෘෂ්ණා ප්රවාහය පරක්කමා පරාක්රම කොට, වීර්ය කොට කාමෙ ක්ලේශකාමත්, වස්තු කාමත්, පනුද දුරු කරව. එකත්තං ධ්යානය. කියන ලද්දේ මෙය යි: කාමයන් දුරු නො කර මුල් ධ්යානය නො උපදී නො ලබයි යන අරුත යි, කයිරා චෙ කයිරා ථෙතං ඉදින් වීර්යය කරන්නේ නම් කරන්න: ඒ වීර්යය නො පසුබසින්නේ ය. දළ්හමෙතං පරක්කමෙ දැඩි ලෙස කරන්නේ ය. සිථිලො හි පරිබ්බාජො ලිහිල් ලෙස ගන්නා ලද පැවිදි බව, භිය්යො ආකිරතෙ රජං මතුයෙහි වැඩිපුර (තව තවත්) කෙළෙස් දුහුවිලි වගුරුවයි. අකතං දුක්කතං සෙය්යො නපුරු ලෙස කරන ලද්ද (පාපය) නො කරන ලද්දේ ම උතුම් ය. යං කිඤ්චි දුක්කතය (පාපය) පමණක් නොව ශ්රමණ බව ද, අන් යම් කිසිවක් ලිහිල් ව කරන ලද ද එය ද එසේ ම වේ. සංකිලිට්ඨං දුෂ්කරකාරික ආදි ව්රතය, මේ සසුනේ ප්රත්යය හේතුවෙන් සමාදන් වූ ධුතංග ව්රතය කිළිටි වූවක් ම ය. සංකස්සරං සැක සංකාවෙන් යුතු ව ගිය (හැසිරුණු), මෙයත් මෙයින් කරන ලද්දේ වන්නේ ය. මෙයත් මෙයින් කරන ලද්දේ වන්නේ ය) ආදි ලෙස සැක කරන ලද, දැඩි ව සැක කරන ලද, ආදිබ්රහ්මචරියකා මාර්ග බ්රහ්මචර්යයේ ආදී වූ (මුල් වූ), පූර්ව ප්රධාන වූ.
අට වැනි සූත්රය යි.