3. මාඝ සූත්ර වර්ණනාව
තෙවැන්නේ - මාඝො මෙය ශක්රයාට නමකි. තමාගේ ම ආචාරයෙන් (පැවැත්මෙන්) අන්යයන් අභිභවනය කොට දෙවි ඉසුරු බවට පත් වූයේ යි වත්රභූ, වත්ර නම් වූ අසුරයා අභිභවනය කරතැයි හෝ වත්රභූ.
තෙවැනි සූත්රය යි.
4. මාගධ සූත්ර වර්ණනාව
සිවු වැන්න කියන ලද අර්ථය ම ය.
සිවු වැනි සූත්රය යි.
5. දාමලි සූත්ර වර්ණනාව
පස් වැන්නේ - න තෙනාසිංසතෙ භවං ඒ කාරණයෙන් කිසියම් භවයක් නො පතයි. මේ දේවපුත්රයා ‘ආයතිපග්ගහ’ නමි. ආශ්රවයන් ක්ෂය කළහුට කෘත්යාවසානයක් (කළ යුතු දේහි අවසානයක්) නැත. ක්ෂීණාශ්රවයන් විසින් මුලින් ම අර්හත් බවට පත්වීම පිණිස වීර්යය කරන ලදි. අපරභාගයෙහි මා විසින් අරඹන ලදැයි නිහඬ නො වන්න. එලෙස ම දැඩි ලෙස වීර්ය කරන්න. මහත් වීර්යය යොදවන්නැයි සිතා මෙසේ කී ය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ දේවපුත්රයා ක්ෂීණාශ්රවයන්ගේ කෘත්යාවසානය නො කියන්නේ මගේ ශාසනය අනෛර්යාණික යි කියයි. ඔහුට කෘත්යාවසානය ප්රකාශ කරන්නෙමැයි සිතා නත්ථි කිච්චං ආදිය වදාළ සේක. ත්රිපිටකයෙහි මේ ගාථාව අසංකීර්ණ ය. භාග්යවතුන් වහන්සේ විසින් අන් තැන්වල වීර්යයෙහි දෝෂයක් නො දක්නා ලද්දේ වේ. මෙහි දී දේවපුත්රයා වළක්වා ක්ෂීණාශ්රවයා විසින් පෙරවරුයේ ආශ්රව ක්ෂය පිණිස ආරණ්යයෙහි වසන්නේ කමටහන් ගෙන වීර්යය කරන ලදි. පස්වරුවේ ඉදින් කැමති නම් කරත්වා නො කැමැත්තේ නම් සුවසේ සිටිත්වායි ක්ෂීණාශ්රවයන්ගේ කෘත්යාවසානය දක්වනු පිණිස මෙසේ වදාළ සේක. එහි ගාධං යනු ප්රතිෂ්ඨාව (පිහිට) ය.
පස් වැනි සූත්රය යි.
6. කාමද සූත්ර වර්ණනාව
සය වැන්නේ - දුක්කරං මේ දේවපුත්රයා පූර්ව යෝගාවචරයෙකි. කෙලෙස් වැඩි බැවින් සප්රයෝගයෙන් (මනා සේ යෙදීමෙන්) කෙළෙස් යටපත් කරන්නේ ශ්රමණ ධර්ම කොට පූර්ව උපනිඃශ්රය මඳ බැවින් ආර්ය භාවයට නො පැමිණ කාල ක්රියා කොට දෙව්ලොව පහළ විණි. හේ තථාගතයන් වහන්සේ ළඟට ගොස් දුෂ්කර බව දක්වන්නෙමැයි පැමිණ මෙසේ කී ය. එහි දුක්කරං දසවසක්.... සැට වසක් ම ඒකාන්ත පරිශුද්ධ වූ ශ්රමණධර්මකරණය යි යමක් වේ ද එය දුෂ්කර ය. සෙඛා සප්ත ශෛක්ෂ්යයෝ (රහත් ඵලය හැර ඉතිරි මාර්ග ඵල ලාභීහු), සීලසමාහිතා ශීලයෙන් යුක්තවූ, සමුපේත වූ, ඨිතත්තා (ස්ථිර ව) පිහිටි ස්වභාවය නිසා; මෙසේ අසන ලද ප්රශ්නය විසඳා දැන් තවත් ප්රශ්න මතු කිරීම පිණිස අනගාරියුපෙතස්ස ආදිය කී සේක. එහි අනගාරියුපෙතස්ස ‘අනගාරියං’ ගෘහයන් නොමැති බවට පැමිණියහුට; සත් මහල් ප්රාසාදයෙහි වසන භික්ෂුව වුව ද මහල්ලකු පැමිණ “මෙය මට පමුණුවන්නැයි” කී කල්හි පා සිවුරු ගෙන යන්නේ ම ය. එහෙයින් “අනගාරියුපෙතො” යි කියනු ලැබේ. තුට්ඨි සිවු පසයෙන් ලැබෙන සතුට; භාවනාය සිත සංසිඳවන භාවනාවෙන්
තෙ ඡෙත්වා මච්චුනො ජාලං යම් කෙනෙක් රෑ දවල් ඉන්ද්රියන් සංසිඳවීමෙහි ඇළුණහු ද ඔවුහු එක් තැන් කිරීමට දුෂ්කර සිත එක් තැන් කරති. යම් කෙනෙක් එකඟ කළ සිත් ඇත්තාහු වෙත් ද, ඔවුහු සිවුපස සතුට පුරන්නෝ වෙහෙසට පත් නො වෙති. යම් කෙනෙක් සතුටට පත් වූවාහු ද ඔවුහු ශීලය පුරමින් වෙහෙසට පත් නො වෙති. යම් කෙනෙක් ශීලයෙහි පිහිටියෝ ද සප්ත සේඛ වූ ඒ ආර්යයෝ මාරයාගේ ජාලසංඛ්යාත කෙලෙස් දැල සිඳ ලා යති. දුග්ගමො ස්වාමීනි, එය සත්ය ය. යම් කෙනෙක් ඉන්ද්රියයන් සංසිඳවීමේ ඇළුණාහු ද ඔවුහු එකඟ කර ගැනීමට දුෂ්කර සිත එක් තැන් කරති... යම් කෙනෙක් සීලයෙහි පිහිටියාහු ද ඔවුහු මාරයාගේ ජාලය සිඳ යත්. නො යන්නේ ඇයි? මෙය දුග්ගමො භගවා විසමො මග්ගො (භාග්යවතුන් වහන්ස, මාර්ගය විෂම ය, ගමන දුෂ්කර ය) යි පැවසී ය. එහි ආර්ය මාර්ගය දුර්ගම හෝ විෂම හෝ නො වන්නේ වුව ද මේ පූර්වභාග ප්රතිපදාවෙහි බොහෝ හිරිහැර වේ. එහෙයින් මෙසේ පවසන ලදි. අවං සිරා ඥාන මුදුනින් (හිසින්) අධෝසිරස් ව (යටිකුරු ව), පපතන්ති ආර්ය මාර්ගයේ නැඟීමට අසමත් බව හේතුවෙන් අනාර්ය මාර්ගයෙහි වැටෙති යි ද කියත්, අරියානං සමො මග්ගො තමාගේ මාර්ගය අනාර්යයන්ගේ (මාර්ගය හා) සම වේ. විසමො සමා විෂම වූ සත්ත්ව සමූහයා අතරෙහි පවා සම වෙත් ම ය.
සය වැනි සූත්රය යි.