වම්මිකසුත්තවණ්ණනා
එවං මෙ සුතන්ති වම්මිකසුත්තං. තත්ථ ආයස්මාති පියවචනමෙතං. කුමාරකස්සපොති තස්ස නාමං. කුමාරකාලෙ පබ්බජිතත්තා පන භගවතා, “කස්සපං පක්කොසථ, ඉදං ඵලං වා ඛාදනීයං වා කස්සපස්ස දෙථා”ති වුත්තෙ, කතරස්ස කස්සපස්සාති කුමාරකස්සපස්සාති එවං ගහිතනාමත්තා තතො පට්ඨාය වුඩ්ඪකාලෙපි “කුමාරකස්සපො” ත්වෙව වුච්චති. අපිච රඤ්ඤා පොසාවනිකපුත්තත්තාපි තං “කුමාරකස්සපො”ති සඤ්ජානිංසු. අයං පනස්ස පුබ්බයොගතො පට්ඨාය ආවිභාවකථා –
ථෙරො කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ සෙට්ඨිපුත්තො අහොසි. අථෙකදිවසං භගවන්තං චිත්රකථිං එකං අත්තනො සාවකං ඨානන්තරෙ ඨපෙන්තං දිස්වා භගවතො සත්තාහං දානං දත්වා, “අහම්පි භගවා අනාගතෙ එකස්ස බුද්ධස්ස අයං ථෙරො විය චිත්රකථී සාවකො භවෙය්ය”න්ති පත්ථනං කත්වා පුඤ්ඤානි කරොන්තො කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා විසෙසං නිබ්බත්තෙතුං නාසක්ඛි.
තදා කිර පරිනිබ්බුතස්ස භගවතො සාසනෙ ඔසක්කන්තෙ පඤ්ච භික්ඛූ නිස්සෙණිං බන්ධිත්වා පබ්බතං අභිරුය්හ සමණධම්මං අකංසු. සඞ්ඝත්ථෙරො තතියදිවසෙ අරහත්තං පත්තො. අනුථෙරො චතුත්ථදිවසෙ අනාගාමී අහොසි. ඉතරෙ තයො විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තා දෙවලොකෙ නිබ්බත්තිංසු.
තෙසං එකං බුද්ධන්තරං දෙවෙසු ච මනුස්සෙසු ච සම්පත්තිං අනුභොන්තානං එකො තක්කසිලායං රාජකුලෙ නිබ්බත්තිත්වා පුක්කුසාති නාම රාජා හුත්වා භගවන්තං උද්දිස්ස පබ්බජිත්වා රාජගහං ගච්ඡන්තො කුම්භකාරසාලායං භගවතො ධම්මදෙසනං සුත්වා අනාගාමිඵලං පත්තො. එකො එකස්මිං සමුද්දපට්ටනෙ කුලඝරෙ නිබ්බත්තිත්වා නාවං ආරුය්හ භින්නනාවො දාරුචීරානි නිවාසෙත්වා ලාභසම්පත්තිං පත්තො, “අහං අරහා”ති චිත්තං උප්පාදෙත්වා, “න ත්වං අරහා, ගච්ඡ සත්ථාරං පඤ්හං පුච්ඡා”ති අත්ථකාමාය දෙවතාය චොදිතො තථා කත්වා අරහත්තඵලං පත්තො.
එකො රාජගහෙ එකිස්සා කුලදාරිකාය කුච්ඡිම්හි උප්පන්නො. සා ච පඨමං මාතාපිතරො යාචිත්වා පබ්බජ්ජං අලභමානා කුලඝරං ගතා ගබ්භසණ්ඨිතම්පි අජානන්තී සාමිකං ආරාධෙත්වා තෙන අනුඤ්ඤාතා භික්ඛුනීසු පබ්බජිතා. තස්සා ගබ්භිනිනිමිත්තං දිස්වා භික්ඛුනියො දෙවදත්තං පුච්ඡිංසු, සො “අස්සමණී”ති ආහ. දසබලං පුච්ඡිංසු, සත්ථා උපාලිත්ථෙරං පටිච්ඡාපෙසි. ථෙරො සාවත්ථිනගරවාසීනි කුලානි විසාඛඤ්ච උපාසිකං පක්කොසාපෙත්වා සොධෙන්තො, – “පුරෙ ලද්ධො ගබ්භො, පබ්බජ්ජා අරොගා”ති ආහ. සත්ථා “සුවිනිච්ඡිතං අධිකරණ”න්ති ථෙරස්ස සාධුකාරං අදාසි. සා භික්ඛුනී සුවණ්ණබිම්බසදිසං පුත්තං විජායි, තං ගහෙත්වා රාජා පසෙනදි කොසලො පොසාපෙසි. “කස්සපො”ති චස්ස නාමං කත්වා අපරභාගෙ අලඞ්කරිත්වා සත්ථු සන්තිකං නෙත්වා පබ්බාජෙසි. ඉති රඤ්ඤො පොසාවනිකපුත්තත්තාපි තං “කුමාරකස්සපො”ති සඤ්ජානිංසූති.
අන්ධවනෙති එවංනාමකෙ වනෙ. තං කිර වනං ද්වින්නං බුද්ධානං කාලෙ අවිජහිතනාමං අන්ධවනංත්වෙව පඤ්ඤායති. තත්රායං පඤ්ඤත්තිවිභාවනා – අප්පායුකබුද්ධානඤ්හි සරීරධාතු න එකග්ඝනා හොති. අධිට්ඨානානුභාවෙන විප්පකිරියති. තෙනෙව අම්හාකම්පි භගවා, – “අහං න චිරට්ඨිතිකො, අප්පකෙහි සත්තෙහි අහං දිට්ඨො, යෙහි න දිට්ඨො, තෙව බහුතරා, තෙ මෙ ධාතුයො ආදාය තත්ථ තත්ථ පූජෙන්තා සග්ගපරායණා භවිස්සන්තී”ති පරිනිබ්බානකාලෙ, “අත්තනො සරීරං විප්පකිරියතූ”ති අධිට්ඨාසි. දීඝායුකබුද්ධානං පන සුවණ්ණක්ඛන්ධො විය එකග්ඝනං ධාතුසරීරං තිට්ඨති.
කස්සපස්සාපි භගවතො තථෙව අට්ඨාසි. තතො මහාජනා සන්නිපතිත්වා, “ධාතුයො එකග්ඝනා න සක්කා වියොජෙතුං, කිං කරිස්සාමා”ති සම්මන්තයිත්වා එකග්ඝනමෙව චෙතියං කරිස්සාම, කිත්තකං පන හොතු තන්ති ආහංසු. එකෙ සත්තයොජනියන්ති ආහංසු. එතං අතිමහන්තං, අනාගතෙ ජග්ගිතුං න සක්කා, ඡයොජනං හොතු, පඤ්චයොජනං… චතුයොජනං… තියොජනං… ද්වියොජනං… එකයොජනං හොතූති සන්නිට්ඨානං කත්වා ඉට්ඨකා කීදිසා හොන්තූති බාහිරන්තෙ ඉට්ඨකා රත්තසුවණ්ණමයා එකග්ඝනා සතසහස්සග්ඝනිකා හොන්තු, අබ්භන්තරිමන්තෙ පඤ්ඤාසසහස්සග්ඝනිකා. හරිතාලමනොසිලාහි මත්තිකාකිච්චං කයිරතු, තෙලෙන උදකකිච්චන්ති නිට්ඨං ගන්ත්වා චත්තාරි මුඛානි චතුධා විභජිංසු. රාජා එකං මුඛං ගණ්හි, රාජපුත්තො පථවින්දරකුමාරො එකං, අමච්චානං ජෙට්ඨකො හුත්වා සෙනාපති එකං, ජනපදානං ජෙට්ඨකො හුත්වා සෙට්ඨි එකං.
තත්ථ ධනසම්පන්නතාය රාජාපි සුවණ්ණං නීහරාපෙත්වා අත්තනා ගහිතමුඛෙ කම්මං ආරභි, උපරාජාපි, සෙනාපතිපි. සෙට්ඨිනා ගහිතමුඛෙ පන කම්මං ඔලීයති. තතො යසොරතො නාම එකො උපාසකො තෙපිටකො භාණකො අනාගාමී අරියසාවකො, සො කම්මං ඔලීයතීති ඤත්වා පඤ්ච සකටසතානි යොජාපෙත්වා ජනපදං ගන්ත්වා “කස්සපසම්මාසම්බුද්ධො වීසතිවස්සසහස්සානි ඨත්වා පරිනිබ්බුතො. තස්ස යොජනිකං රතනචෙතියං කයිරති, යො යං දාතුං උස්සහති සුවණ්ණං වා හිරඤ්ඤං වා සත්තරතනං වා හරිතාලං වා මනොසිලං වා, සො තං දෙතූ”ති සමාදපෙසි. මනුස්සා අත්තනො අත්තනො ථාමෙන හිරඤ්ඤසුවණ්ණාදීනි අදංසු. අසක්කොන්තා තෙලතණ්ඩුලාදීනි දෙන්තියෙව. උපාසකො තෙලතණ්ඩුලාදීනි කම්මකාරානං භත්තවෙතනත්ථං පහිණාති, අවසෙසෙහි සුවණ්ණං චෙතාපෙත්වා පහිණාති, එවං සකලජම්බුදීපං අචරි.