7. උපොසථා විමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනු මේ උපෝසථ විමාන වස්තුව පිළිබඳ කථා පුවතයි. මෙම අර්ථෝත්පත්ති කථනයෙහි, සාක්ත නුවර උපෝසථා නම් එක් උපාසිකාවක් වීමම විශේෂයි. අනෙක් සියල්ල මෙතෙක් දක්වන ලද අනෙක් විමාන සමානම වේ. එහෙයින් කියන ලදි.
බැබළෙන්නා වූ වර්ණයෙන් යුතුව ඕසධී තාරකාව මෙන් සියළු දිසාවන් බබුළුවමින් යම් දෙවි කෙනෙක් ඒ දෙව්දුව කවර හේතුවක් නිසා මෙවැනි වර්ණයක් ලැබුයේද? මෙවැනි උපභෝග පරිභෝග සම්පත් ලැබුවේද? මනාසේ ප්‍රිය උපදවන්නා වූ සිත් සතුටු කරන මෙවැනි භෝගයන් කෙසේ ලැබීද?
මහානුභාව සම්පන්න දෙව් දියණියනි, ඔබ මනුෂ්‍යයෙක්ව සිටි කාලයේ කවර නම් පිංකම් කළේද? මෙවැනි වර්ණයක් සියලු දිසා බබුළුවන්නා වූ මෙවැනි බැබළීමක් දිළිසීමක් කවර නම් පින්කමක විපාක වශයෙන් ලැබුයේද?
මුගලන් තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට කැමති පරිදි පිළිතුරු දෙන්නී තමන් පෙර කරන ලද පුණ්‍යකර්මයන් පැවසුවාය.
යසසින් යුක්ත වූ ගෞතම සර්වඥයන් වහන්සේගේ කාලයේ සාකේත නුවර ‘උපෝසථා’ නමින් මම ඉපදී සිටියෙමි.
එකල්හි මා විසින් ප්‍රියමනාප වූ සිතින් කරන ලද පින්කම්වල විපාකයෙන් මේ සා වූ වර්ණයක් ද සම්පත්තීන් ද උපතද ලදිමි.
ඒ හේතුවෙන් සියලු දිසාවන් බබුළුවන මේ ප්‍රභාමත් වූ වර්ණය ලදිමි යයි දේවතා දුව ප්‍රකාශ කළාය.
නිතර නිතර නන්දන වනය, තව්තිසාව ගැන අසා එහි ඉපදීමට කැමති වීමි. එහි සිත පිහිටුවා නන්දන වනයට පැමිණියෙමි.
ශාක්‍ය වංශ ඇත්තා වූ බුද්ධ වූ ශාස්තෲන් වහන්සේගේ වචනය නො කෙළෙමි. හීන වූ තැනක සිත පිහිටුවා අද මම පසුතැවිලි වන්නෙමි යන ගාථා දෙක කීහ.
එහි උපොසථාති මං අඤ්ඤිංසු ‘උපොසථා’ යන නමින් මිනිස්සු මා හැඳින්වූහ. සාකෙතායං සාකේත නගරයේ
අභික්‍ඛණං නිතර නිතර නන්‍දනං සුඛා තව්තිසා භවනයේ නන්දන වන නම් වූ වනය ගැන ද එහි ඇති නානාවිධ දිව්‍ය සම්පත්තීන් ගැන ද අසා ඡන්‍දො එහි ඉපදීම සඳහා වූ පින්කම් කළේ එහි ඉපදීමට ප්‍රාර්ථනා කළේ තෘෂ්ණා ශක්ත වූයේ උප්පජ්ජථා ඉපදී තත්‍ථ තව්තිසා භවනයෙහි නන්දන වන ප්‍රදේශයට දෙව්ලොව යයි කියති. එහි උපදිනු කැමැත්තේ එහි ඉපදුනෙමි.
නකාසිං සත්‍ථුවචනං මහණෙනි, ‘මම සුළු මොහොතකටවත් භවය වර්ණනා නොකරමි’ ආදි වශයෙන් ශාස්තෲන් වහන්සේ වදාළ වචන මම නොකෙළෙමි. භවය සසර පිළිබඳව පවත්නා වූ ඡන්‍ද රාගය දුරුකරනු යන අර්ථයි. ශාක්‍යවංශ වූ ගෞතම ගෝත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ගෞතම ගෝත්‍ර වූ ගෝත්‍රය සහිතවම කියන ලදී. බුද්ධස්සාදිච්ච බන්‍ධුනො ආදිත්‍යගේ බන්‍ධු (හිරුගේ ඤාතියා) ආදිත්‍ය බන්‍ධු - භාග්‍යවතුන් වහන්සේ ඒ නිසා සූර්ය ජාතියේ උපන් බැවින් ආදිත්‍යයි. ඔහුගේ ඖරස පුත්‍ර වූ බැවින් ආදිච්ච බන්‍ධු නම් භාග්‍යවතුන් වහන්සේයි. එහෙයින් කියන ලදි.
එම්බා රාහු අසුරය, යමෙක් ගණඳුරෙහි එළිය කරන්නේ ද, බබළන්නේ ද මඩුලු සටහන් ඇත්තේ ද උග්‍ර තේජස් ඇත්තේ ද අහසෙහි හැසිරෙතත් එබඳු හිරු නො ගිලව. මා දහම් පුත් හිරු මුදව.
හීන ලාමක වූ තමාගේ භව තෘෂ්ණාව සඳහා කියයි. සාම්හී ඒ අපි.
මෙසේ ඒ දෙව්දුවගේ භවය පිළිබඳව ආශාව නමින් කරගෙන ඇති වූ විපිළිසර, තේරුම් ගත් ස්ථවිරයෝ සසරෙහි සැරිසරන අතර මේ සම්පත් විඳ මනුෂ්‍යාත්ම භාවයේ ඉපිද සංසාර දුක් ඉක්මවීම කරන්නට පහසු වෙයි. ඒ සියල්ල ඉටුකොට මහත් අනුසස් පිහිටි ක්‍ෂීණාශ්‍රවයෙක් වීමට අළුත් වේවා.
උපෝසථ නම් දේවතාවියයි. තව කොපමණ කල් මේ විමානයේ සිටිමම ආයුෂ දන්නේ නම් අසා මට කියන්න.
නැවත ඕ තොමෝ
තුන්කෝටි හැටදහසක් අවුරුදු සිට මෙතැනින් චුතව මනුෂ්‍ය ආත්මයට යන්නෙමි.
නැවත ස්ථවිරයෝ
උපෝසථ බිය නොවන්න. සම්බුද්ධයන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාරයට සෝවාන් මගට පැමිණ දුගතිය ප්‍රහීණ කරනු මැනවි.