60. සට්ඨිනිපාතය
මහමොග්ගල්ලාන ස්ථවිරගාථා වර්ණනාව
හැටවන නිපාතයෙහි ‘ආරඤ්ඤකා’ ආදී ගාථා ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ගේය. උන්වහන්සේගේ කථා වස්තුව ධම්ම සේනාපති කථා වස්තුවෙහි කියන ලදී. තෙරුන් වහන්සේ වනාහි පැවිදි වූ දවසෙන් සත්වැනි දවසෙහි මගධ රටෙහි කල්ලවාල කල්ලවාල නම් ගම ආශ්රිතව මහණදම් කරන්නේ ථිනමිද්ධයෙන් යටත් කරන්නට වූ අවස්ථාවේ භාග්යවතුන් වහන්සේ විසින් මොග්ගල්ලානය! මොග්ගල්ලානය! බ්රාහ්මණය. ආර්ය වූ නිශ්ශබ්දතාවය, ප්රමාද නොවන්න. ආදියෙන් දන්වන ලද්දේ ථිනමිද්ධය තුරන්කර භාග්යවතුන් වහන්සේ විසින් කියන ලද ධාතු කමටහන් අසන්නේම විදර්ශනාව වඩා පිළිවෙලින් උපරි මාර්ගත්රය ලබා අග්රඵලය ලබන ක්ෂණයෙහිම ශ්රාවක පාරමී ඤාණයාගේ මස්තක ප්රාප්තවීම සිදුවිය. අපදානයේ මෙසේ කියන ලදී.
ලෝකනායක වූ නරයන්ට ශ්රේෂ්ඨ වූ අනෝමදස්සී භාග්යවතුන් වහන්සේ දේව සමූහයා පිරිවරා හිමවතෙහි වාසය කළ සේක.
එකල්හි මම ‘වරුණ’ නම් නාගරාජයෙක් වීමි. මහසයුරෙහි වාසය කරන්නේ කාමභෝගීව සිටියෙමි.
එදා සමූහයාව අතහැර මම තූර්යවාදන යොදාගෙන සම්මා සම්බුදුන් පිරිවරාගෙන වාදනය කළෙමි.
තුර්යයන් වාදනය කරන කල්හි දෙවියෝ තුර්යයන් වාදනය කළහ. මේ ශබ්ද දෙකම අසා බුදුන්වහන්සේ වටහාගත් සේක.
බුදුරජාණන් වහන්සේට දානය සඳහා ආරාධනා කොට තමන්ගේ භවනයට ගියෙමි. ආසනයක් පනවා මට කාලය දැන්වූයෙමි.
රහතන් වහන්සේලා දහසක් පිරිවරාගත් ලෝකනායකයන් වහන්සේ සියළු දිශාවන් බබලවමින් මගේ භවනයට වැඩි සේක.
එකල්හි මම දෙවියන්ට දෙවි වූ නරයන්ට උතුම් වූ මහාවීරයන් වහන්සේ භික්ෂු සංඝයා සහිත වූයේ ආහාරපානයෙන් සන්තර්පණය කළෙමි.
මහාවීර වූ ස්වයංභූ වූ ලෝකනායක වූ අග්ර පුද්ගල වූ, උන්වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩසිට මේ ගාථා වදාළ සේක.
යමෙක් ලෝකනායක වූ බුදුන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් දන් පූජා කළේද ඒ සිත් පැහැදීමෛන් ඔහු දෙව්ලොව යන්නේය.
හැත්තෑහතක් තුන්වරක් දේවරාජ්යය කරන්නේය. මහපොළවෙහි අටසියක් රාජ්යයන් කරන්නේය.
පස්පනස් වාරයක් සක්විති වන්නේය. එකෙණෙහි ඔහුට අප්රමාණ වූ සැපසම්පත් පහළ වෙයි.
මෙයින් අපරිමෙය්ය වූ කල්පයෙහි ඔක්කාක කුලයෙහි පහළ වූ ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
ඔහු නිරයෙන් චුතව මිනිසත්බව ලබයි. නමින් කොලිත වී බ්රහ්මයාගේ ඤාතිවරයෙක් වන්නේය. (බ්රහ්ම බන්ධු)
කුසල මූලයෙන් මෙහෙයවන ලද ඔහු පසුව පැවිදිව ගෞතම බුදුන්ගේ දෙවෙනි ශ්රාවකයා වන්නේය.
අරඹන ලද වීර්ය ඇති බහාතබන ලද පාප ඇති ඍද්ධියෙන් පරතෙරට ගියේ සියළු ආසවයන් දුරුකොට අනාසවව පිරිනිවන් පාන්නේය.
පාපමිත්රයන් නිසා කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට වූ මනසක් ඇතිව මවද පියාද ඝාතනය කළේය.
නිරයට හෝ මිනිසත් බවට හෝ පැමිණෙන්නෙම්ද පාපකර්මයෙන් යුක්තවූයේ බිඳුනු හිස් ඇත්තේ වීමි.
මේ මාගේ අන්තිම භවයයි. මෙහිදී ද මාගේ මරණ කාලයෙහි එබඳුම දෙයක් සිදුවන්නේය.
උතුම් විවේකයෙන් යුක්ත වූයේ සමාධි භාවනාවෙහි ඇළුනේ සියළු ආසවයන් නැතිකර අනාශ්රවව වාසය කරමි.
මහපොළව ගාම්භීරයි. ඝනයි. සෙලවිය නොහැක. සාද්ධියෙන් උසස් තත්ත්වයට ගොස් මම ඒ මහ පොළව වම් ඇඟිල්ලෙන් සොලවන්නෙමි.
අස්මිමානය නොදකිමි. මා තුළ මානය නැත. සාමණේරයන් වහන්සේගේ පටන් මම ගෞරව කරමි.