6. උපසීවමාණව පෘච්ඡා වර්ණනා
එකො අහං යනු උපසීව සුත්රයයි. මහන්ත මොඝං (කාමාදී) මහත් සැඬපහරක්, අනිස්සිතො පුද්ගලයකු හෝ දහමක් හෝ ඇසුරු නොකොට, නො විසහාමි නොහැකි වෙමි, ආරම්මණං හේතු වූ කරුණ, යං නිස්සිතො යම් දහමක් හෝ පුද්ගලයෙකු හෝ ඇසුරු කොට,
ඒ බමුණා ආකිඤ්චඤ්ඤායතනය ලැබී, එයින් එහා (ඉදිරියට) යාමක් නොදනී. එහෙයින් භාග්යවතුන් වහන්සේ ඒ ඇසුරු කොට පවත්නා දෙයින් එහා - මතු ලද හැකි පියවර ආකිඤ්චඤ්ඤං යන ගාථාවෙන් වදාළහ. පෙක්ඛමානො ඒ ආකිඤ්චඤ්ඤායතන ‘සමවතට සිහියෙන් යුතුව සමවැදී නැගිට එහි අනිසය ලෙස දකිමින්, නත්ථිති නිස්සාය ‘කිසිවක් නැතැ’යි ඒ සමවත අරමුණුකොට තරස්සු ඔඝං එතැන් පටන් පවත්නා විදසුන් මගට සුදුසුවන පරිදි සිවුපාකාර සැඩපහර තරණය කරව. කථාහි සැකයෙන්, තණ්හක්ඛයං නත්තම්හාභිපස්ස දිවා රෑ නිවන අරමුණු කොට බලව. මෙයින් ඔහුට මේ ජීවිතෙයහිදීම සැප විහරණය පවසයි.
දැන් ‘කාමය හැරදමා’ යන (වචන) අසා, මැඩපැවැත්වීමෙන් දුරු කරන ලද තම කාමයන් දකිමින්, සබ්බෙසු.... යන ගාථාව කීය. (එහි) හිත්ව මඤ්ඤං සයාකාර වූ අනෙක් සමවත් හැර, සඤ්ඤාවිමොක්ඛෙ පරමෙ සඤ්ඤා මිදීම් සතෙන් උසස් වූ ආකිඤ්චඤ්ඤායතනයෙහි, තිට්ඨෙනු සො තත්ථ අනනුනායී ඒ තැනැත්තා ආකිඤ්චඤ්ඤායතන බඹලොවෙහි ඉවත්නොවී සිටිත්දැ’යි විමසයි. එවිට භාග්යවතුන් වහන්සේ කප් සැටදහසක් පමණ එහි සිටින බව තුන්වන ගාථාවෙන් වදාළහ.
මෙසේ උපසීව ඔහුගේ ඒ (උපදනා) තැන අසා, මීළඟට ‘තිට්ඨ චෙ’ යන ගාථාවෙන් ‘සදාකාලික පැවැත්ම (සස්සත) හා වැනසීම (උච්ඡෙද) ගැන කීය. පූගම්පි වස්සානං බොහෝ අවුරුදු, අවුරුදු ගණනින්, අවුරුදු ගිණිය නොහැකි තරම්, පූගම්පි වස්සානි යනුවෙන් ද දැක්වේ. එහි විබත් දැක්වීමෙහිදී ආධාර විබත් අරුතෙහි පළමු විබතින් යෙදිය යුතුය. පූගං ‘සමූහය’ හෝ ‘බහුනී’ ‘බොහෝ’ යනුවෙන් හෝ අරුත් කිවයුතුය. පූගානි යනුවෙන්ද කියති. මුල් වචනය හැම අයුරින්ම සුදුසුය. තත්ථෙව සො සීති සියා විමුත්තො ඒ තැනැත්තා එම ආකිඤ්චඤ්ඤායතනයෙහිම නොයෙක් දුක්වලින් මිදී (කෙලෙස් දැවීම් තැවීම් රහිතව) සිහිල්බවට පත්වන්නේය. නිවනට යොමුව සිටින්නේ යැයි අදහස් වේ. චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස නැතහොත් එබඳු විඤ්ඤාණයම (සිත) නැවත නූපදනා ලෙස මරණයට පත්වන්නේදැ’යි අසයි.
එහිදී භාග්යවතුන් වහන්සේ වැනසෙන-සදා පවතින අදහස නොව, එහි උපන් ආරිය පුද්ගලයාගේ සසරෙහි නැවත ඉපදීමක් නැති බව ‘අචචි යථා’.......යන ගාථාව වදාළහ. අත්ථං පලෙති නිවී යයි. න උපෙති සංඛං අසවල් දෙසට ගියේ යැයි කිව නොහැකිය. එවං මුනි නාමකායා විමුත්තො මෙසේ එහි උපන් රහත් බවට යොමුවන උතුමා, ලද රූප කායෙන් මිදී, එහි සිවුවන දැහැන් මග උපදවා, නාම කාය ගැනද මැනවින් දැන, නැවත නාමකායෙන්ද මිදී දෙආකාරව මිදුණේ සියළු කෙලෙසුන් නැතිකොට, නැවත සසර නූපදීමෛන් නිවන යැයි හඳුන්වනු ලබන නිවීමට පත්වේ. (එවිට) කැත් කුලවතෙකි. බමුණෙකි ආදී ලෙස නම් කළ නොහැකිය. (හඳුනා ගැනීමක් නැත.)