7. නන්දමාණව පෘච්ඡා වර්ණනා
සන්ති ලොකෙ යනු නන්ද සූත්රයයි. එහි මුල් ගාථාවේ අරුත් නම් ලොකෙ කැත්කුල ආදී, ජනා ආජීවක, නිගණ්ඨ ආදීන් සඳහා, සන්ති මුනයො වදනති, තයිදං කථංසූ ඔවුන් සමාපත්ති, නුවණ ආදියෙන් උපන්නාහුද? නුවණින් යුතු බැවින් ඤාණුප්පන්නං නො මුනිං වදන්ති මේ ආකාරයැයි කියත්ද? උදාහු වෙ නොයෙක් ආකාර වූ රළු ජීවිතයෙන්, ජිවිතෙනූප්පන්නං යනුයි. එවිට භාග්යවතුන් වහන්සේ ඒ කරුණු දෙකම බැහැර කොට, ‘න දිට්ඨියා’ යන ගාථාවෙන් මුනිවරයා ගැන පැහැදිලි කළහ.
මීළඟට ‘දැකීමෙන් පිරිසිදු වේ’ යැයි කියන තැනැත්තන්ගේ සැක දුරලනු පිණිස ‘යෙ කෙචි මෙ’ යන ගාථාවෙන් අසයි. අනෙක රූපෙන දැකීමෙන් යහපත වේ යැයි ඇති කුතුහලය, තත්ථ යථා චරන්තා තමාගේ යන දැඩිව ගත් හැඟීමෙන්, හැසිරෙන තැනැත්තන්ට එසේ පිරිසිදු විය නොහැකි බව ඔහුට පෙන්වා දීමට භාග්යවතුන් වහන්සේ දෙවැනි ගාථාව වදාළහ.
මෙසේ ‘ඔවුන් (සසරින්) එතරට නොගිය බව අසා, මීළඟට එතරවන තැනැත්තා ගැන දැනගනු කැමතිව, ‘යෙ කෙචි මෙ’ (යන ගාථාව කීය.) එවිට භාග්යවතුන් වහන්සේ (සසර) සැඩපහර තරණය කිරීම මුල්කොට, ඉපදීම හා ජරාවෙන් එතරවන අයුරු තුන්වන ගාථාවෙන් ඔහුට වදාළහ. එම ගාථාවෙහි නිවුතා ගැලුනු, බැසගත්, යෙසීධා - යෙසු ඉධ, මේ ලෝකයෙහි යමෙක්, ‘සූ’ නිපාතයක් පමණි. තණ්හං පරිඤ්ඤාය තුන් ආකාරව තණ්හාව දැන, පෙර කී අයුරු ඉතිරි කරුණු පැහැදිලිය.
මෙසේ භාග්යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දේසනය නිම කළහ. දේසනය අවසානයෙහි නන්ද භාග්යවතුන් වහන්සේගේ වදාළ කරුණුවලට ‘එතාභි නන්දාමි’ යන ගාථාවෙන් සතුට පළකළේය. කලින් දක්වා ඇති පරිදි මෙහිදී ද පිරිස දහම් අවබෝධය ලැබීය.
නන්දසූත්ර විස්තරය නිමියේය.
8. හේමක මාණවක පෘච්ඡා වර්ණනා
යෙ මෙ පුබ්බෙ යනු හේමක සූත්රයයි. එහි යෙ මෙ පුබ්බෙ ව්යාකංසු බාවරී ආදීහු කලින් මගේ අදහස ද ඉදිරිපත් කළහ. හූරං ගොතම සාසනං ගෝතම සාසනයට ඉහතදීත්, සබ්බං තං තක්කවඩ්ඪනං ඒ සියළු අදහස් කාම සිතිවිලි ආදිය වැඩිදියුණු කරන ඒවාය. තණ්හා නිග්ඝාතනං තණ්හාව වැනසීම.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඊට අදාල කරුණු ඉධ යන ගාථා දෙකින් වදාළහ. එතදඤ්ඤාය යෙ සතා එය නිබ්බාණපද මච්චුතං හේතු නිසා ඇතිවන සියළුම සකස්වීම් වෙනස්වන - තිර නැති බව විදසුන් වඩමින් අනුපිළිවෙලින් දැන, කය අනුව විමසා බලන මනා සිහි ඇත්තෝ. දිට්ඨධම්මාභිනිබ්බුතා නිවැරදි දහම අවබෝධ කරන ලදින්, දකින ලද බැවින්, රාගාදී (කෙලෙස් ගිනි) නිවීමෙන්, ඉතිරි කරුණු පැහැදිලිය.
භාග්යවතුන් වහන්සේ මෙම සූත්රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. පෙර කී පරිදිම දේසනය අවසන බොහෝ පිරිස දහම් අවබෝධය ලැබීය.
හේමක සූත්ර විස්තරය නිමි.
9. තොදෙය්ය මාණවක පෘච්ඡා වර්ණනා
යස්මිං කාමා යනු තොදෙය්ය සූත්රයයි. එහි විමොක්ඛා තස්ස කීදිසො මෙබඳු කෙනෙකුගේ මැනවින් මිදීම කෙබඳු අයුරින් බලාපොරොත්තු විය යුතුදැයි අසයි. මීළඟට භාග්යවතුන් වහන්සේ ඔහුට (ඔහු අදහස් කළ මිදීම නොව) වෙනත් මිදීමක්, නිදහසක් ගැන දෙවන ගාථාවෙන් කීහ. විමොක්ඛා තස්ස නාපරො ඔහුට වෙනත් මිදීමක් නැත.
මෙසේ ‘තණ්හාව නැති කිරීම මිදීම’ යැයි කීවත්, ඒ කරුණ නොසලකා ‘ඒ තැනැත්තාට ආසා නැත්ද, නැතිනම් යම් දෙයකට බලාපොරොත්තු නැත්දැයි නැවත විචාරයි. උද පඤ්ඤකප්පී නැතහොත්, සමවත් නුවණ ආදියෙන් තණ්හා හැඟීම්, දැකීම් හෙවත් මතවාද මගින් ගොඩනගා ගන්නා සංකල්පවලින් (වෙලී) සිත සිතා සිටීද? එවිට භාග්යවතුන් වහන්සේ එය පැහැදිලි කරමින් දෙවන ගාථාව වදාළහ. එහි කාමභවෙ කාමයෙහිද භවයෙහිද ඉතිරි කරුණු පැහැදිලිය.
මෙම සූත්රයද භාග්යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දෙසූහ. දේසනය අවසානයෙහි පිරිස පෙර කී පරිදි දහම් අවබෝධ කළේය.
තොදෙය්ය සූත්ර විස්තරය නිමි.
10. කප්පමාණවක පෘච්ඡා වර්ණනා
මජ්ඣෙ සරස්මිං යනු කප්ප සූත්රයයි. එම ගාථාවේ මජ්ඣෙ සරස්මිං මුල, අවසන් කෙළවර නොපෙනෙන මැද කොටසක් ලෙස සසර යැයි කියන ලදී. තිට්ඨතං සිටිනු ලබන, යථයිදං නාපරං සියා යම් සේ මේ දුක නැවත ඇති නොවන්නේය.