3. පුණ්ණකමාණව පෘච්ඡා වර්ණනා
අනෙජං යනු පුණ්ණක සූත්‍රයයි. මෙම සූත්‍රයද පෙර පරිදි මොඝරාජට පසුව විමසීමට ඉඩ තබා පුණ්ණකට පවසන ලද්දකි. මූල දස්සාවී අකුසල් මුල් දකින, ඉසයො ඉසිවරු නම් වූ ජටිලයෝ, යඤ්ඤං දිය යුතු දෙයක්, අකප්පයිංසු සොයත්,
ආසිංසමානා රුප ආදිය පතමින්, ඉත්‍ථභාවං මේ නම් වූ කැමති භවයක් පතමින්, මිනිසත් බව ආදිය පතමින් යැයි කියන ලදී. ජරං සිතා ජරාව ඇසුරු කොට, ජරාව මුල්කොට මෙහිදී සියළුම සසර දුක ගැන කියන ලදී. ඒ අනුව එයින් නොමිදෙමින්, (ඒ ගැන) කල්පනා කරති’යි පෙන්වා දෙයි.
කච්චිස්ස තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිසා මෙහි දෙන දෙයම යාග මග වෙයි. කිසියම් කෙනෙක් යාගයෙහි පමානොවී, යාග කරමින් සසර දුකින් එතර වෙත් ද?
ආසංසන්ති රූපයෙහි පැහැපත් බව ආදිය පතති. ථොමයන්ති ‘ඉතා යහපත්ව දෙන ලදැ’යි යාග ගැන පැසසුම් කරති. අභිජප්පන්ති රූප ආදිය ලැබීම පිණිස කතා කරති. ජුහන්ති දෙති. කාමාහි ජප්පන්ති පටිච්ච ලාභ රූප ආදිය ලැබීම නිසා නැවත නැවත කැමැත්ත ඉටුකර ගැනීමටම පතති. අහා! මෙය ඇත්තටම අපටම විය යුතුයැයි කියති. එහි තණ්හාව වැඩෙන සැටි කී අයුරුයි. යාජයොගා යාගයෙහි ඇළුණු, භවරාගරත්තා මෙසේ මේ දේවල් සසරෙහි (මතු) බලාපොරොත්තු වෙමින්, සසරෙහි ඇලී (කැමති තැනකම) ඉපදීමටම ඇලෙමින්, නාතරිංසු ඉපදීම ආදී සසර දුකින් එතර නොවූහ.
අථ කො චරහි දැන් වෙන කවරෙක් අතාරී යනුවෙනි. සංඛාය නුවණින් විමසා, පරොවරානි අනුන්ගේ ද තමාගේ ද, අනුන්ගේ ජීවිතය ද (අත්තභාව) තමාගේ ජීවිතයද (සසර පැවැත්මද) විධුමො කය දුසිරිත් ආදී දුම නැතිව, අනීඝො රාගාදී දුක් නැතිව, අතාරි සො මෙබඳු තැනැත්තා අරහත් වේ. ජාතිජරං තරණය කළේය. ඉතිරි කරුණු පැහැදිලිය.
භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රය අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනය අවසන මෙම බමුණාද අතවැසි දහසක් පිරිස සමග අරහත් පලයෙහි පිහිටියේය. තවත් නොයෙක් දහසක් දෙනාට දහම් ඇස පහළ විය. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිමය.
පුණ්ණක සූත්‍ර විස්තරය නිමි.
4. මෙත්තගූමාණව පෘච්ඡා වර්ණනා
පුච්ඡාමි තං යනු මෙත්තගු සූත්‍රයයි. මඤ්ඤාමි තං වෙදගූං භාවිත්තතං ‘මේ තැනැත්තා වේදයෙහි’ හෝ නුවණින් හෝ පරතෙරට ගියේ යැයි ද, භාවනාව (සිත) පුරුදු කළ කෙනෙකැයි ද සිතමි.
අපුච්ඡසී මෙහි ‘අ’ අකුර (වචනයෙහි) පිරිපුන් බවක් දැනවීමට යෙදූ නිපාතයකි. කැමති දෙයක් අසව යන තේරුමයි. පවක්‍ඛාමි යථා පජානං (විමසූ දෙය ගැන) දන්නා ආකාරයට මෙසේ කියමි. උපධිනිදානා පභවන්ති දුක්‍ඛා තණ්හා ආදී කෙලෙස් හේතුවෙන් ඉපදීම ආදී දුක් ඇතිවෙයි.
මෙසේ කෙලෙස් හටගැනීමට මුල්වන කරුණු ඇතිවිට දුක් හටගනිද්දී, මීළගට යො වෙ අවිද්වා යන ගාථාවයි. පජානං හේතු නිසා ඇතිවන හැම දෙයක්ම අනිස බව දැන, දුක්‍ඛස්ස ජාතිප්පභවානුපස්සී ‘සසර දුකට ඉපදීමට හේතුවන්නේ කෙලෙස්’ යැයි විමසා බලමින්,
සොකපරිද්දවඤ්ච සෝකයද හඬා වැලපීමද, තථා හි තෙ විදිතො එස ධම්මො සත්වගට අවබෝධ කරගැනීමට, දැනගැනීමට හැකිවන සේ ඒ ඒ තැනැත්තාට ගැලපෙන පරිදි දහම් කරුණු පහදා දී ඇත.