4. මෙත්තගූමාණව පෘච්ඡා වර්ණනා
පුච්ඡාමි තං යනු මෙත්තගු සූත්‍රයයි. මඤ්ඤාමි තං වෙදගූං භාවිත්තතං ‘මේ තැනැත්තා වේදයෙහි’ හෝ නුවණින් හෝ පරතෙරට ගියේ යැයි ද, භාවනාව (සිත) පුරුදු කළ කෙනෙකැයි ද සිතමි.
අපුච්ඡසී මෙහි ‘අ’ අකුර (වචනයෙහි) පිරිපුන් බවක් දැනවීමට යෙදූ නිපාතයකි. කැමති දෙයක් අසව යන තේරුමයි. පවක්‍ඛාමි යථා පජානං (විමසූ දෙය ගැන) දන්නා ආකාරයට මෙසේ කියමි. උපධිනිදානා පභවන්ති දුක්‍ඛා තණ්හා ආදී කෙලෙස් හේතුවෙන් ඉපදීම ආදී දුක් ඇතිවෙයි.
මෙසේ කෙලෙස් හටගැනීමට මුල්වන කරුණු ඇතිවිට දුක් හටගනිද්දී, මීළගට යො වෙ අවිද්වා යන ගාථාවයි. පජානං හේතු නිසා ඇතිවන හැම දෙයක්ම අනිස බව දැන, දුක්‍ඛස්ස ජාතිප්පභවානුපස්සී ‘සසර දුකට ඉපදීමට හේතුවන්නේ කෙලෙස්’ යැයි විමසා බලමින්,
සොකපරිද්දවඤ්ච සෝකයද හඬා වැලපීමද, තථා හි තෙ විදිතො එස ධම්මො සත්වගට අවබෝධ කරගැනීමට, දැනගැනීමට හැකිවන සේ ඒ ඒ තැනැත්තාට ගැලපෙන පරිදි දහම් කරුණු පහදා දී ඇත.
කිත්තයිස්සාමි තෙ ධම්මං නිවන ගැනද, නිවන් මග පිළිවෙත ද දේසනා කරන්නෙමි. දිට්ඨෙ ධම්මෙ දුක් ආදිය පිළිබඳව දැක, මේ ජීවිත කාලය ඇතුලත හෝ, අනිතිහං තමා ගැන නුවණින් මෙනෙහි කරමින්, යං විදිත්‍වා ‘හේතු නිසා ඇතිවන හැම දෙයම අනිස’ යැයි විමසීමෙන් නුවණින් දැන, (සබ්බෙ සංඛාරා අනිච්චා) තඤ්චාහං අභිනන්‍දාමි ඒ කියන ලද ඔබවහන්සේගේ වටිනා බැබළෙන සුළු වචන (කතාව) මම පතමි. ධම්මමුත්තමං ඒ උතුම් දහමට සතුටු වෙමි.
උද්ධං අධො තිරියඤ්ච මජ්ඣෙ මෙහි උද්ධං යනු අනාගතයෙහි වන දේ, අධො අතීතයෙහි වූ, තිරියඤ්චාපි මජ්ඣෙ යනු දැන්, වත්මනෙහි පවත්නා, එතෙසු නන්‍දිඤ්ච නිවෙසනඤ්ච පණුජ්ජ විඤ්ඤාණං මේ කියන ලද පරිදි, ඉදිරියට බලපාන ලෙස ඇතිකරගන්නා තණ්හා දිට්ඨියෙහි මුල්බැස ගැනීමද, එයින් ඇතිකර ගනු ලබන සිතිවිලිද දුරු කරව, එසේ දුරුකොට, භවෙ න තිට්ඨෙ මෙසේ වූ කල්හි දෙආකාර වූ භවයෙහි නොසිටී. පණුජ්ජ යන වචනයෙහි ‘පණුදෙහි’ යැයි මේ අදහස් වන ආකාරයයි. ‘පණුදිත්‍වා’ දුරුකොට යනුවෙන් මේ අරුත් දැක්වීම ‘භවෙ න තිට්ඨෙ’ හා සම්බන්ධ වේ. ඒ ආසාවලින් ඇතිවන හැඳිනීම් හා කෙලෙස් හැඟීම්වලින් දුරුව දෙආකාර භවයෙහි නොසිටිනා බව කියන ලදී.
ඒ කෙලෙසුන් නැසූ තැනැත්තා - ඒවා දුරුකොට සසරෙහි නොරඳනා බව කියන ලදී. ‘එවං විහාරී’ ගාථාවෙහි ඉධෙව මෙම සසුනෙහි හෝ මෙම ජීවිත කාලය තුල, සුකිත්තිතං ගොතමනුපධිකං මෙහි අනුපධිකං යනු නිවනයි. ඒ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ අමතා, ‘ගොතමයාණන් වහන්ස, නිවන පිලිබඳව මැනවින් පහදාදෙන ලදී.
(ඒ පහදාදීමේ) සතුටු හුදෙක්ම ඔබවහන්සේ පමණක් නොවේ. (ඒ අනුව) චෙ තාපි යන ගාථාව (තිස්සමෙත්තගු කීය.) අට්ඨිතං මනාකොට හෝ හැමකල්හි හෝ, තං තං නමස්සාමි එහෙයින් ඔබවහන්සේ නමදිමි. සමෙච්ච එළඹ, නාග යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ අමතමින් කීය.
‘ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දුක නැතිකරන ලදැ’යි එසේ නොපැමිණි, ඒ බමුණා දැනගත්තද, දුක ඇත්තටම නැති කරන ලද තමන් වැනි කෙනෙක් සේ ඔහුට අවවාද දෙමින්, ‘යං බ්‍රාහ්මණං’ යන ගාථාව වදාළහ. එහි අරුත නම්, යං ‘ඔබ’ මේ තැනැත්තා පව් බැහැර කරන ලද බැවින් බමුණකු වෙයි. වේදය පරතෙරට දන්නා (ගිය බැවින් (වේදය හෙවත් සිවුසස්) වෙදගූං (රාගාදි කෙලෙස්) කිසිවක් නැති බැවින් අකිඤ්චනො, කාමයෙහිද, භවයෙහිද නොඇලෙන හෙයින් කාමභවෙ අසත්තොති අභිජඤ්ඤා දැනගනුව (දැනගන්නෙහි නම්) අද්ධා සො ඉමං ඔඝං අතාරි, තිණ්ණෙව පාරං අබිලො අකංබො