2. තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා වර්ණනා
කොධ සන්තුසිතො යනු තිස්සමෙත්තෙය්‍ය සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතුව කුමක්ද? (මෙහි) සියළුම සූත්‍ර විමසූ කරුණකට පිළිතුරු ලෙසින් දේසනා කොට ඇත. ‘කැමති ලෙසට විමසව’යි භාග්‍යවතුන් වහන්සේ අවසර ලබාදුන් බැවින්, තම තමන්ගේ සැක සහිත අදහස් ඒ බමුණෝ විමසූහ. ඒ විමසන ලද, විමසන ලද කරුණු භාග්‍යවතුන් වහන්සේ පැහැදිළි කළහ. එහෙයින් විමසීම් සඳහා වූ පිළිතුරු ලෙස මෙම සූත්‍ර දතයුතුය.
අජිත සූත්‍රය අවසන් වූ විට, මොඝරාජ ‘මරණය නැමති රජු නොදක්නා ලොවක් බලාපොරොත්තු වන්නේ කෙසේදැ’යි ඇසීමට සූදානම් විය. ඔහුගේ ඉඳුරන් (දහම් අවබෝධයට) සුදුසු පරිදි සකස් නොතිබූ බැවින්, භාග්‍යවතුන් වහන්සේ ‘මොඝරාජ, ඔබ පසුව විමසන්න. වෙනත් කෙනෙකුට ඇසීමට ඉඩ දෙන්නැ’යි වැළකූහ. එහිදී තිස්ස මෙත්තෙය්‍ය ‘කොධ.........’ ආදී ගාථාවෙන් තම සැක සහිත කරුණ විචාළේය. කොධ සන්තුසිතො කවරෙක් මේ ලොවෙහි සතුටුවෙත්ද? ඉඤ්ජිතා තණ්හා දිට්ඨියෙන් කම්පාවන, උභන්තමභිඤ්ඤාය දෙකෙළවර (මුල අග) දැන, මන්තා න ලිප්පති නුවණින් නො ඇලෙයි.
ඔහුට එම කරුණු පැහැදිලි කරමින්, භාග්‍යවතුන් වහන්සේ කාමෙසු ආදී ගාථා දෙකක් වදාළහ. කාමෙසු බ්‍රහ්මචරියවා කාමයෙහි ගතිලකුණු හෝ බඹසර හැසිරිම හෝ, කාමයන්හි ආදීනව දැක මග බඹසර හැසිරීමෙහි යෙදුනේ, මෙපමණකින් සෑහීමට පත්වන බව පහදති. තණ්හාවෙන් දුරු වූයේ කම්පා නොවන, සංඛාය නිබ්බුතො අනිය ලෙසින් කරුණු විමසා රාගාදී (ඇවිලෙන ගිනි) නිවීමෙන්, ඉතිරි කරුණු ඒ ඒ තැන සඳහන් වූ බැවින් පැහැදිලිය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් මෙම සූත්‍රයද දේසනා කළහ. දේසනය අවසන මේ බමුණාද තම අතවැසි පිරිස දහස සමග රහත්බව ලැබීය. වෙනත් නොයෙක් දහස් ගණනකට දහම් ඇස පහළ විය. ඉතිරි කරුණු පෙර පරිදිය.
තිස්ස මෙත්තෙය්‍ය සූත්‍ර විස්තරය නිමි.
3. පුණ්ණකමාණව පෘච්ඡා වර්ණනා
අනෙජං යනු පුණ්ණක සූත්‍රයයි. මෙම සූත්‍රයද පෙර පරිදි මොඝරාජට පසුව විමසීමට ඉඩ තබා පුණ්ණකට පවසන ලද්දකි. මූල දස්සාවී අකුසල් මුල් දකින, ඉසයො ඉසිවරු නම් වූ ජටිලයෝ, යඤ්ඤං දිය යුතු දෙයක්, අකප්පයිංසු සොයත්,
ආසිංසමානා රුප ආදිය පතමින්, ඉත්‍ථභාවං මේ නම් වූ කැමති භවයක් පතමින්, මිනිසත් බව ආදිය පතමින් යැයි කියන ලදී. ජරං සිතා ජරාව ඇසුරු කොට, ජරාව මුල්කොට මෙහිදී සියළුම සසර දුක ගැන කියන ලදී. ඒ අනුව එයින් නොමිදෙමින්, (ඒ ගැන) කල්පනා කරති’යි පෙන්වා දෙයි.
කච්චිස්ස තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිසා මෙහි දෙන දෙයම යාග මග වෙයි. කිසියම් කෙනෙක් යාගයෙහි පමානොවී, යාග කරමින් සසර දුකින් එතර වෙත් ද?