16. පිඞ්ගියමාණව පෘච්ඡා වර්ණනා
ජිණ්ණෙහමස්මී යනු පිංගිය සුත්රයයි. එහි ජිණ්ණෙහමස්මි අබලො වීතවණ්ණෙ මේ බමුණා එකසිය විසිවයස්, ජරාවට පත්ව, දුබලව, ‘මෙතැන පා තබමි’යි සිතුවද වෙනත් තැනක පා තබමින් ගමන් කරයි. පෙර තිබූ සමෙහි පැහැය දැන් විරූපීය. එහෙයින් ‘මම ජරාවට පත්වීමි. සවිබල නැත්තෙක්මි. සිරුර පැහැය වෙනස්ව ඇතැ’යි කීය. මාහං නස්සං මොමූහො අන්තරාය ඔබවහන්සේගේ දහම අවබෝධ නොකොට, දැනුමැති කෙනෙක් නොවී, මම නොනැසෙත්වා! ජාති ජරාය ඉධ විප්පහාණං මෙහිදීම ඔබ වහන්සේගේ පාමුල පාසාණක චෙතියෙහිදී හෝ ඉපදීම, ජරාව නසන නිවන ධම්මං යමහං විජඤ්ඤං එය මට ආචික්ඛ
දැන් පිංගිය තම සිරුරෙහි පවත්නා තතු සළකා ‘මම ජරාවට පත්වූයෙමි’යි කියන අතර, එහිදී භාග්යවතුන් වහන්සේ (සිත) වෙහෙසට පත් කරවන රූප දැක...... ‘දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ යන ගාථාව කයෙහි ඇල්ම නැති කරනු පිණිස වදාළහ. රූපෙසු රූප හේතුකොට, රූප නිසා, විහඤ්ඤමානෙ (ඊට අදාලව) කරන කියන දෙයෙහි වෙහෙසෙමින්, රුප්පන්ති රූපෙසු ඇස් රෝග ආදිය රූප හේතුකොට ගෙනම, ජනා වෙනස්වෙති. බැඳෙති. (කෝප වෙති.)
එසේ අරහත් පල තෙක් දේසනා කරන ලද පිලිවෙත ඇසූවත්, කය දුබලතාව නිසා වෙසෙසක් නොලබාම, නැවත පිංගිය ‘දිසා චතස්සො’ (සිවුදිසා) ගාථාවෙන් භාග්යවතුන් වහන්සේ අගයමින්, දේසනා කරන ලෙස ඉල්ලයි. නැවත ද භාග්යවතුන් වහන්සේ, එම පිළිවෙත ‘තණ්හාධිපනෙන....... ‘තණ්හාවෙන් ගැලී සිටින්නන්...... ගාථාවෙන් දේසනා කළහ. ඉතිරි කරුණු පැහැදිලිය.
භාග්යවතුන් වහන්සේ මෙම සූත්රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනය අවසානයෙහි පිංගිය අනාගාමි පලයෙහි පිහිටියේය. ඒ අතරතුර, පිංගිය ‘මෙබඳු විසිතුරු දෙසුමක් නම්, මගේ මාමා වූ බාවරීට ඇසීමට නොලැබුණි’ යැයි සෙනෙහස මුල්ව සිත වෙනසකට යොමුවීමෙන් අරහත් පල ලැබීමට නොහැකි විය. ඔහුගේ අතවැසි ජටිලයෝ දහසම අරහත් බව ලදහ. ඒ සියල්ලෝම, ‘එව මහණ’ යැයි (කැඳවීමෙන්) ඍද්ධිමය පාසිවුරු දරා පැවිදි බවද ලදහ.
පිංගිය සූත්ර විස්තරය නිමි.
පාරායනත්ථුතිගාථාවර්ණනා
මෙයින් පසු, සංගායනාවට සහභාගී වූ තෙරුන් වහන්සේලා දේසනය පසසමින්, භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ’ යැයි සඳහන් කළහ. ඉදමවොච මේ පාරායණ හෙවත් සසරින් එතරවීමේ පිළිවෙත වදාළහ. පරිචාරක සොළසානං බාවරීගේ පිරිවර (ගෝලයන්) ද පිංගිය සමග දහසයක්, භාග්යවත් බුදුරජාණන් වහන්සේ පිරිවරා සිටි දහසයදෙනා, ඒ සියළුම බමුණෝ ඒ දහසයක් වූ පිරිසට ඉදිරියෙන් ද පසුපසින් ද, වම් පසින්ද, දකුණු පසින්ද, සය යොදුනක්, සය යොදුනක් සේ හුන්හ. ඉදිරිපස - කෙළින්ම සිටි පිරිස දොළොස් යොදුනක් විය. අජඣිට්ඨො ඉල්ලන ලද්දේ, අත්ථමඤ්ඤාය පාලි අරුත දැන, ධම්ම මඤ්ඤාය පෙළ (දහම) දැන, පාරායණං පාරායණ නම් වූ, ඉමස්ස ධම්මපරියායස්ස අධිවචනං අජිත, තිස්ස මෙත්තෙය්ය ආදී ඒ බමුණන්ගේ නම් කියමින් උතුම් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාහ’ යැයි කීහ.
සම්පන්නචරණං නිවනෙහි පිහිටීමට හේතුවන පාමොක් සීලාදියෙන් යුතු, ඉසිං ඉසිවරුන්ගෙන් උසස් වූ (බුදුරදුන් වෙත) ඉතිරි කරුණු පැහැදිලිය. බ්රහ්මචරියම්චරිංසු මග බඹසරෙහි හැසිරුණහ. තස්මා පාරායණං ඒ එතරට යන, නිවනට පමුණුවන යනුවෙන් කියන ලදී.