1. අජිතමාණව පෘච්ඡා වර්ණනා
ඒ විමසූ පැනයෙහි නිවුතො වැසුනේ, කිස්සාභිලෙපනං බ්රෑසි ලෝකයට ඇලෙන්නේ කුමකින්දැ’යි කියනු මැනවි.
වෙවිච්ඡා පමාදා නප්පකාසති මසුරු බව හේතුවෙන් හෝ පමාවීම හේතුවෙන් නොකියයි. (හෙළි නොවෙයි) මසුරුකමෙන් දානාදී යහගුණ මතුවීමට ඉඩ නොදෙයි. සිල් ආදිය (රැකීමට) පමා වෙයි. ජප්පාභිලෙපනං වඳුරන් අල්ලා ගැනීමට තවරන ලද ආලේපයක් මෙන්, දුක්ඛං ඉපදීම ආදී දුක්,
සවන්ති සබ්බධී සොතා රූපාදී සියළුම තැන්වල තණ්හාදී දිය දහරා ගලා යයි. කිං නිවාරණං එයට රැකවරණය කුමක්ද? කවුරු රකී ද? සංවරං බ්රෑහි එය දුරුකිරීම යයි කියන ලද සංවරය ගැන පවසනු මැනව. මෙයින් ඉතිරි ඉඳුරන්ගේද සංවරය ගැන විමසයි. කෙන සොතා පිථියරෙ කිනම් දෙයකින් ඒ දියදහර වසනු ලබත්ද? නවතනු ලබත්ද? මෙයින් මුළුමනින්ම නැතිකිරීම ගැන අසයි.
සති තෙසං නිවාරණං විදසුන් වඩමින් කුසල් අකුසල් පවත්නා සැටි විමසා බලන සිහිය, ඒ කන් ආදියට ගලාඑන තණ්හා දිය දහර වැළකීමයි. සොතානං සංවරං බ්රෑමී මම ඒ සිහියම තණ්හා ආදී දිය දහරෙහි සංවරය යැයි කියමි යැයි අදහසයි. පඤ්ඤායෙතෙ පිථියරෙ රූප ආදියෙහි අනිස බව අවබෝධ කරනු පිණිස මගනුවණින් කලින් ඇතුළුවන එම තණ්හා ආදී දියදහර මුළුමනින්ම වළකන ලදී.
පඤ්ඤාචෙව යන ගාථාවෙන් (නැවත විමසයි.) ඔබවහන්සේ විසින් කියන ලද පඤ්ඤා, සිහියද, ඒ ඉතිරිව ඇති නාමරූපං, එතං සියල්ලද, කත්ථ නිරුජ්ඣති, එතං මෙ පැනය, පුට්ඨො කියනු මැනවැයි මෙසේ කෙටි අරුත දතයුතුය.
විසඳන ගාථාවෙහි නුවණ - සිහිය නාම යන නමින්ම ඇතුලත්ව ඇත. එහෙයින් එය වෙන්කොට නොකියන ලදී. මේ එහි කෙටි අරුතයි. ඔබ යම් පැනයක් මගෙන් අජිත, එතං පඤ්හං ඇසුවේද? තං තෙ යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති ඒ ගැන කියමි. ඒ ඒ දෙයට හඳුනා ගැනීම - විඤ්ඤාණය නැතිකිරීම සමගම පෙර පසු නොව මෙහිම (එතැනම) වැළකෙයි. මෙහිම විඤ්ඤාණය නැති වූ විට වැළකෙයි. මෙම විඤ්ඤාණය නැති කිරීම එම නාමරූප ඉක්මවා නොයන බව කියන ලදී.
මෙපමණකින් ‘දුක මහත් බයක්’ යැයි මෙසේ දුක පිළිබඳ ඇත්ත ද, ‘දුක්ඛමස්ස මහබ්භයං’ – ‘යම් දිය දහරා’ ‘යානි සොතානි’ යනුවෙන් දුකට හේතුව ද, ‘නුවණින් වසනු ලැබේ’ - ‘පඤ්ඤායතෙ පිථියරෙ’ යනුවෙන් දුක නැතිකිරීමද, ‘මෙහිම සංසිඳේ’ - ‘එත්ථෙතං උපරුජ්ඣති’ යනුවෙන් දුක නැති කිරීමේ මග ද යැයි සිවුසස් ඇසුවද, අරහත් බව අවබෝධ නොකළ බැවින්, නැවත සෙඛ-අසේඛ පිළිවෙත ගැන යෙච සංඛාතධම්මා යන ගාථාවෙන් විමසීය. එහි සංඛාතධම්මා අනිස ලෙසින් විමසන ලද කරුණුයි. අරහත් බවට සමාන වදනකි. සෙඛා සීලාදියෙන් හික්මෙන, ඉතිරි (මගපල ලබනට කටයුතු කරන) තැනැත්තෝ පුථු බොහෝ සත්වග - බොහෝ දෙනා, තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රෑහි ඒ සෙබ-අසේඛ තැනැත්තන්ගේ පිළිවෙත ගැන, නුවණැති ඔබවහන්සේ මට පවසනු මැනව.
එවිට භාග්යවතුන් වහන්සේ, මගපලයෙහි හික්මෙන කෙනෙකු විසින් නිවනට මග අහුරන, කාමයට කැමැත්ත මුල්කොට ඇති සියළු කෙලෙස් දුරු කළයුතු වන හෙයින් ‘කාමෙසු’ යන ගාථාවේ මුල් පද දෙකෙන් සේඛ පිළිවෙත පෙන්වා දුන්හ. කාමෙසු ඇලීම් ඇතිකරන භවභෝග සම්පත් හා කෙලෙස්, නාභිගිජ්ඣෙය්ය කයෙහි දුසිරිතද, සිතෙහි කැළඹුණු ගතිය ඇතිවන කරුණු ඉවත් කරමින්, මනසා අනාවිලො සියා, අසෙඛ තැනැත්තා හේතු නිසා හටගන්නා සියළු දෙයම අනිස ලෙසින් සමව පිරික්සා බලන බැවින් කුසලො සබ්බධම්මෙසු කය අනුව විමසා බැලීම් ආදී ලෙසින් සතො මමය මගේය ආදී හැඟීම් බිඳ දමන ලදුව මහණෙක් බවට පත්ව හැසිරෙයි. එහෙයින් එම ගාථාවේ කුසලො...... ආදී ඊළග පේළි දෙකෙන් අසෙඛ පිළිවෙත දැක්වූහ. ඉතිරි කරුණු පැහැදිලිය.
මෙසේ භාග්යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වා දේසනය නිම කළහ. දේසනය අවසානයෙහි අජිත, තම අතවැසි දහසක් දෙනා සමග රහත් පලෙහි පිහිටියේය. තවත් දහස් ගණනකට දහම් අවබෝධ විය. රහත් පල ලද ගරු කටයුතු අජිත උතුමන් ඇතුළු අතවැසි දහසක් දෙනාගේ අඳුන් (දිවි සම්) ජටා, දළ වැහැරි පෙරවූ සිවුරු අතුරුදන්වූ, ඉඳු බලයෙන් පා සිවුරු දරා, දෑඟුල් කෙස් ඇතිව, ‘එව මහණ’ ලෙසින් පැවිද්ද ලබා, භාග්යවතුන් වහන්සේ ඇඳිලි බැඳ නමදිමින් හුන්හ.
අජිත සූත්ර විස්තරය නිමි.
2. තිස්සමෙත්තෙය්ය මාණව පෘච්ඡා වර්ණනා
කොධ සන්තුසිතො යනු තිස්සමෙත්තෙය්ය සූත්රයයි. මෙම සූත්රයට හේතුව කුමක්ද? (මෙහි) සියළුම සූත්ර විමසූ කරුණකට පිළිතුරු ලෙසින් දේසනා කොට ඇත. ‘කැමති ලෙසට විමසව’යි භාග්යවතුන් වහන්සේ අවසර ලබාදුන් බැවින්, තම තමන්ගේ සැක සහිත අදහස් ඒ බමුණෝ විමසූහ. ඒ විමසන ලද, විමසන ලද කරුණු භාග්යවතුන් වහන්සේ පැහැදිළි කළහ. එහෙයින් විමසීම් සඳහා වූ පිළිතුරු ලෙස මෙම සූත්ර දතයුතුය.