සමසීසි කථා
ප්රාතිහාර්ය කථානන්තරවැ, ප්රාතිහාර්යයට මුල් වූ සෘද්ධි ප්රාතිහාර්ය සංගෘහිත සමසීසී භාවයෙහි, සෘද්ධි ප්රාතිහාර්ය බව දැක්වීම සඳහා, ඤාණ කථායෙහි නිර්දිෂ්ට වූද සමසීසීකථා සෘද්ධි ප්රාතිහාර්ය සම්බන්ධයෙන් නැවත දේශිතය. එහි අර්ථ වර්ණනා එහි කියන ලද්දේමය.
සමසීසී කථා වර්ණනා නිමි.
සතිපට්ඨාන කථා
සමසීසී කථානන්තරවැ, තමා විසින් කියන ලද, සෘද්ධි ප්රාතිහාර්ය සාධක සත් අනුපස්සනා විශේෂයෙන් දක්වන්නහු විසින් දේශිත සූත්රාන්ත පූර්වංගම සීවටන් කථායෙහි පෙරනුවූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්රාන්තයෙහි චත්තාරො යනු ගණන් පිරිසිඳීමයි. ඉන් අඩුවැඩි නොවන සීවටන් පිරිසිඳීම පෙන්වයි. ඉමෙ යනු නිර්දේශ කළයුත්ත දැක්වීමයි. භික්ඛවෙ යනු ධර්ම ප්රතිග්රාහක පුද්ගලයින් ඇමතීමයි. සතිපට්ඨානා යනු සීවටන් ත්රයයකි. සිහිය ගෝචර වූයේද වේ. ත්රිවිධාකාරයෙන් පිළිපන් ශ්රාවකයින් කෙරෙහි ශාස්තෲහුගේ ප්රතිඝානුනය ඉක්මවූ හෙයින්ද, සිහියද වේ. ‘මහණෙනි, සිව් සීවටන්හුගේ හටගැන්මද, අස්තංගමයද දෙසන්නෙමි’ ආදීන්හි සිහිය ගොදුරුකොට ඇතියේ සතිපට්ඨානයැයි යූ.සේයි. එහි අර්ථය, එහි පිහිටානුයි පට්ඨානයි. කවරක් පිහිටාද? සිහියයි. සිහියෙහි පිහිටීම සතිපට්ඨානයයි.
ශාස්තෲන් වහන්සේගේ අනුශාසනා ලබන්ට යම් සමූහයක් සුදුසුකම් ලබාද? එබඳු සුදුසුකම් ලබන්ට හැකියාව ඇතියෝ සතර සතිපට්ඨාන වඩන ආර්ය පුද්ගලයෝය. මෙහි තෙඅයුරින් පිළිපන් ශ්රාවකයින් කෙරෙහි ශාස්තෲන් වහන්සේගේ ප්රතිඝානුනය ඉක්මවූ හෙයින් සතිපට්ඨානයැයි යූසේයි. එහි අර්ථය පිහිටවිය යුතු හෙයින් පට්ඨානංයි. පැවැත්විය යුතුයැයි අර්ථයි. කවරකින් පිහිටවිය යුතුද, සිහියෙන්. සිහියෙහි පිහිටුවීම සතිපට්ඨානයයි. සිව් සීවටන් වඩනා ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ, සප්ත බොධ්යංග සම්පූර්ණ කෙරේ යනාදීන්හි වනාහි සිහියම සතිපට්ඨානයැයි යූ.සේයි. එහි අර්ථය පිහිටානුයි පට්ඨානංයි. එළඹ සිටී. බැස පැන වැදී පවතී යයි අර්ථයි. සිහියම පිහිටීම සතිපට්ඨානංයි. නොහොත් සිහිකිරීම් අර්ථයෙන් සතියි. එළඹ සිටීම් අර්ථයෙන් උපට්ඨානංයි. මෙසේ සිහිය එය එළඹ සිටීමනුයි සතිපට්ඨානංයි. මෙහි මෙය අදහස් කරන ලදි. මෙසේ සතිපට්ඨානයෝයි කුමක් හෙයින් බහුවචන කරන ලදුයේද? සිහියෙහි බොහෝ භාවය හෙයිනි. අරමුණු භේදයෙන්ද ඒ සතීහු බොහෝ වෙති.
කතමෙ චත්තාරො යනු කියනු කැමැත්තෙන් විමසීමයි. ඉධ යනු මෙසස්නෙහි, භික්ඛු යනු සසර බිය බලානුයි භික්ෂුයි. මෙහි සෙසු පදයන්හි අර්ථ වර්ණනාව ශ්රැතමය ඤාණ කථායෙහි, මාර්ග සත්ය නිර්දේශ වර්ණනායෙහි යූ.සේයි.
කවර හෙයින් භාග්යවතුන් වහන්සේ විසින් අඩුවැඩි නොවූ සතිපට්ඨාන සතරක්ම දේශනා කළසේක්ද යත්, හික්මවිය යුතු අයගේ හිතසුව සඳහායි. තෘෂ්ණා චරිත, දෘෂ්ටි චරිත, සමථයානික, විදර්ශනා යානිකයන් කෙරෙහි, මන්ද, තීක්ෂණ වශයෙන් දෙඅයුරෙකින් පැවැති කල්හි, මන්ද තෘෂ්ණා චරිතයාට දළ කායානුපස්සනා සතිපට්ඨාන විශුද්ධි මාර්ගයයි. තීක්ෂණ චරිතයාට සියුම් වේදනානුපස්සනා සතිපට්ඨානයයි. මන්දප්රාඥ දෘෂ්ටි චරිතයාටද, ඉතා ප්රභේදගත නුවූ, චිත්තානුපස්සනා සතිපට්ඨානය විශුද්ධි මාර්ගයයි. තීක්ෂණ චරිතයාට ඉතා ප්රභේදගත ධර්මානුපස්සනා සතිපට්ඨානයයි. සමථයානික මන්දප්රාඥයාට, අපහසුවකින් තොරව අවබෝධ කළ යුතු නිමිත්ත සහිත ප්රථම සතිපට්ඨානය විශුද්ධි මාර්ගයයි. තීක්ෂණ ප්රාඥයාට දළ අරමුණෙහි නොපිහිටන හෙයින් දෙවැන්නද, මන්ද ප්රාඥ විදර්ශනායානිකයා හටද, අතිප්රභේද ගත නුවූ අරමුණු සහිත තෙවැන්නද, තීක්ෂණ ප්රාඥයාට ඉතා ප්රභේදගත අරමුණු සහිත සිව්වැන්නද, විශුද්ධි මාර්ගයයි මෙසේ අඩුවැඩි නුවූ සතරෙක්ම දේශිතය.
සුභ, සුව, නිත්ය, ආත්ම විපර්යාස ප්රහාණය සඳහා හෝ වේ. කය වනාහි අශුභයි. සත්ත්වයෝ එහි ශුභයයි විපර්යාස ග්රහණයෙන් විපර්යාසයට පත්වූවාහු වෙති. ඔවුන්ට එහි අශුභභාවය දැකීමෙන් එම විපර්යාසයෙහි ප්රහාණය සඳහා ප්රථම සතිපට්ඨානය යූ.සේයි. සැපය, නිත්යය, ආත්මයැයි ගත් වේදනාවන්හි වේදනාව දුක්ය. සිත අනිත්යයි ධර්ම අනාත්මය. සත්ත්වයෝ ඒවාහිද සුව, නිත්ය, ආත්ම විපර්යාස ග්රහණයෙන් විපර්යාසයට පත්වූවාහු වෙති. ඔවුන්ට එහි දුක් ආදි භාවය දැකීමෙන් එම විපර්යාසයන්ගේ ප්රහාණය සඳහා සෙසු ත්රයය යූ.සේයි. මෙසේ ශුභ, සුව, නිත්ය, ආත්ම විපර්යාස ප්රහාණය සඳහා හෝ සතරෙක්ම යූ.සේයි. හුදෙක් විපර්යාස ප්රහාණය සඳහාම නොවේ. සිව් ඕඝ, යෝග, ආශ්රව, ග්රන්ථ, උපාදාන, අගති ප්රහාණය සඳහාද, සිව්ආකාර ආහාර පරිඥාව සඳහාද සතරෙක්ම යූ.සේයි.
සූත්රාන්ත නිර්දේශයෙහි, පඨවි කායං යනු මෙම රූප කයෙහි පෘථුවි ධාතුවයි. මුළු සිරුරෙහි පෘථුවි ධාතූන්ගේ බොහෝ බැවින් සියලු පෘථුවි ධාතුව සංග්රහය සඳහා සමූහාර්ථයෙන් කාය ග්රහණය කරන ලදි. ආපො කායාදීන්හිද එම ක්රමයමැයි. කෙසකායාදීනම්පි කේශ කායාදීන්ගේ බොහෝ බැවින් කේශකායාදී ග්රහණය කරන ලදි. වක්කාදීනි වකුගඩු ආදිය පිරිසිඳන ලද හෙයින් කාය ග්රහණයට නුසුදුසු වෙත්නුයි ඒවායි ග්රහණය නොකරන ලදැයි දතයුතුය.
සුඛං වෙදනං යනාදීන්හි සුඛ වෙදනං යනු කායික හෝ චෛතසික සුව වේදනාව, එසේම දුක්ඛ වෙදනං, අදුක්ඛමසුඛං වෙදනං යනු චෛතසික වූම උපෙක්ෂා වේදනාවයි. සාමිසං සුඛ වෙදනං යනු ෂට් ලෞකික දේ සම්බන්ධ සොම්නස් වේදනාව, නිරාමිසං සුඛං වෙදනං යනු ෂට් නෛෂ්ක්රම්ය සම්බන්ධ සොම්නස් වේදනාව, සාමිසං දුක්ඛං වෙදනං යනු ෂට් ලෞකික දේ සම්බන්ධ දොම්නස් වේදනාව, නිරාමිසං දුක්ඛං වෙදනං යනු ෂට් නෛෂ්ක්රම්ය සම්බන්ධ දොම්නස් වේදනාව, සාමිසං අදුක්ඛම සුඛං වෙදනං යනු ෂට් ලෞකික දේ සම්බන්ධ උපේක්ෂා වේදනාව. නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං යනු ෂට් නෛෂ්ක්රම්ය සම්බන්ධ උපේක්ෂා වේදනාව,