මහාපඤ්ඤාකථා
මහාපඤ්ඤාකථාවණ්ණනා
දැන් විශේෂයෙන් ප්රඥාවට ආසන්න කාරණය වූ ශූන්ය කථාවට අනතුරුව දේශිත ප්රඥාකථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි මුලදීම සත් අනුපස්සනාවන්හි එකිනෙක මූලික සත් ප්රඥා විචාරීම් පූර්වංගම කොට නිර්දිෂ්ටය. නැවත සත් අනුපස්සනා මූලික එකෝත්තර මූලික. ත්රිවිධ ප්රඥා විචාරීම් රහිතව නිර්දිෂ්ටය. මෙසේ මුලින්ම දශ ප්රඥා පරිපූර්ණත්වය නිර්දිෂ්ටය. එහි අනිච්චානුපස්සනා යනු අනිත්යය දිටි සංස්කාරයන්හි ‘යමක් අනිත්යයද එය දුකයැයි’ දුක් වශයෙන්ද, ‘යමක් දුක්ද එය අනාත්මයැයි’ද අනාත්ම වශයෙන්ද දුවයි. එහෙයින් එය භාවිතා බහුලීකතා ජවන පඤ්ඤං පරිපූරෙති. එය තම විෂයයන්හි දුවයිනුයි ජවනයි. ජවනයද ප්රඥාවද එයම වූයේනුයි ජවන පඤ්ඤායි. දුක්ඛානුපස්සනා දුක්ඛානුපස්සනාව සමාධීන්ද්රිය නිශ්රිත හෙයින් බලවත්ව ප්රණිධිය පසාකරගෙන යයි පළයි. එහෙයින් නිබ්බෙධික පඤ්ඤං පරිපූරෙති. එය විනිවිද යේනුයි නිබ්බෙධිකායි. නිර්වේදයද ප්රඥාවද එයමනුයි නිබ්බෙධික පඤ්ඤායි. අනත්තානුපස්සනා අනාත්මානුදර්ශනය ශූන්යතා දර්ශනයෙන් වෘද්ධිප්රාප්තියෙන් මහත්භාවයට පත්හෙයින් මහා ප්රඥාව පරිපූරණය කරයි. මහාපඤ්ඤං පරිපූරෙති එය අභිවෘද්ධිප්රාප්ත හෙයින්, මහත් වූයේද ප්රඥාව වූයේද එයමනුයි මහා පඤ්ඤායි. නිබ්බිදානුපස්සනා. ත්රිවිධ අනුපස්සනාවන්ගේම, ප්රථමයෙන් කරන ලද ආසේවනයෙන් බලප්රාප්ත වස්තු හෙයින් සියලු සංස්කාරයන්හි කළකිරීමට සමර්ථව තීක්ෂණ වේ. එහෙයින් තික්ඛ පඤ්ඤං පරිපූරෙති. විරාගානුපස්සනාපි. ත්රිවිධ අනුපස්සනාවන්ගේම, ප්රථමයෙන්ද, ආසෙවන බලප්රාප්ත වෘද්ධතර අවස්ථා හෙයින් සියලු සංස්කාරයන්ගේ නොඇල්මෙහි සමර්ථව මහත් වේ. එහෙයින් විපුල පඤ්ඤං පරිපූරෙති.
නිරොධානුපස්සනාපි ත්රිවිධ අනුපස්සනාවන්ගේම ප්රථමයෙන්ද, ආසෙවන බලප්රාප්ත වෘද්ධතර අවස්ථා හෙයින් ව්යය ලක්ෂණ වශයෙන් සියලු සංස්කාරයන්ගේ නිරෝධ දර්ශනයෙහි සමර්ථව ගැඹුරු වේ. එහෙයින් ගම්භීර පඤ්ඤං පරිපූරෙති. නිරෝධය නොගැඹුරු ප්රාඥයින් විසින් නොලැබිය හැකි පිහිටීම හෙයින් ගැඹුරුයි. එම ගැඹුරෙහි පතුලටම පත්හෙයින් ප්රඥාව ගම්භීරය. පටිනිස්සග්ගානුපස්සනාපි ත්රිවිධ අනුපස්සනාවන්ගේම, ප්රථමයෙන්ද ආසේවන බලප්රාප්තියෙන්, වෘද්ධතර අවස්ථා හෙයින්, ව්යය ලක්ෂණ වශයෙන් සියලු සංස්කාර අත්හැරීමට සමර්ථව නොළං වේ. බුද්ධිය වනාහි පර්යන්ත ප්රාන්ත වූයේ ෂට් ප්රඥාවන්ගෙන් දුරවේයයි අර්ථයි. එහෙයින් තෙමේ නොළං හෙයින් අසාමන්ත පඤ්ඤං පරිපූරෙති. එය යට යට ප්රඥාවන්ගෙන් දුර හෙයින්, නොළං වූ සමීප නොවූ ප්රඥාවනුයි අසාමන්ත ප්රඥායි. පණ්ඩිච්චං පරිපූරෙන්ති යනු පණ්ඩිතභාවය සම්පූර්ණ කරති. කියන ලද ආකාර සත්ප්රඥා පරිපූර්ණත්වයෙන් වඩා, පණ්ඩිත ස්වභාවය පත්වූයේ මස්තකප්රාප්ත වුට්ඨානගාමිනී විදර්ශනා සංඛ්යාත, සංස්කාරෝපේක්ෂා අනුලෝම, ගෝත්රභූ ඤාණයන්ගෙන් පණ්ඩිත භාවයට පත්ව, පාණ්ඩිත්යයෙන් යුක්ත වූයේ වේ. එහෙයින් පාණ්ඩිත්යය සම්පූර්ණ කෙරෙත් යයි යූ.සේයි.
අට්ඨපඤ්ඤා යනු පාණ්ඩිත්ය සංඛ්යාත ප්රඥාවෙන් සහ සියලු අෂ්ට ප්රඥාවෝ, පුථුපඤ්ඤං පරිපූරෙන්ති යනු එම පාණ්ඩිත්යයෙන් යුක්තව ඒ පණ්ඩිතයා ගෝත්රභූ ඤාණයට අනතුරුව අනතුරුව නිර්වාණය අරමුණුකොට, ලෝකෝත්තර භවප්රාප්තිය සඳහා ලෞකිකත්වයෙන් පැතිර සිටි හෙයින්, වෙන්වූ හෙයින්, පුථුපඤ්ඤා යැයි සංඛ්යාත මාර්ගඵල ප්රඥාවට පැමිණේ. එහෙයින් ‘අට්ඨපඤ්ඤා පුථු පඤ්ඤං පරිපූරෙන්ති’ යයි යූසේයි.
ඉමා නව පඤ්ඤා යනාදීන්හි, අවබෝධ කළ මාර්ගඵල සහිත එම ආර්ය පුද්ගලයාටම ක්රමයෙන් ප්රණීත ලෝකෝත්තර ධර්ම යෙදීමෙන්, ප්රණීත සිත් සතන් හෙයින්, ඉතා සතුටු ආකාරයෙන්ම, පවත්නා චිත්ත සන්තානයාගේ ඵලානන්තරව බැසගත් භවංගයෙන් නැගිටියහුගේ මාර්ග ප්රත්යවේක්ෂණය, ඉක්බිති භවංගයට බැස නැගිටියහුගේ ඵල ප්රත්යවේක්ෂණය යන ක්රමයෙන් ප්රහීණ කෙලෙස් ප්රත්යවේක්ෂණය ඉතිරි කෙලෙස් ප්රත්යවේක්ෂණය නිර්වාණ ප්රත්යවේක්ෂණය පවතී. එම ප්රත්යවේක්ෂණයන්හි මාර්ග ප්රත්යවේක්ෂණයද, ඵල ප්රත්යවේක්ෂණයද ප්රතිභාන ප්රතිසම්භිදාවයි. කෙසේද? යම්කිසි ප්රත්යයෙන් හටගත් දැයක් වේද එයද, නිර්වාණයද, භාෂිතාර්ථයද, විපාකයද, ක්රියාවද යන මෙම පඤ්ච ධර්ම අර්ථය යැයි අභිධර්ම පෙළ අනුව ගොස් ලියා ඇති එම අට්ඨකථායෙහි යූ.සේයි. නිර්වාණයාගේද අර්ථතාවය හෙයින්, තදාරම්මණා මාර්ගඵල ඤාණය ‘අත්ථෙසු ඤාණං අත්ථ පටිසම්භිදා’ යන වචනයෙන් අර්ථ ප්රතිසම්භිදාව වේ. එම අර්ථ ප්රතිසම්භිදාව වූ, මාර්ගඵල ඤාණයාගේ ප්රත්යවේක්ෂා ඤාණය ‘ඤාණෙසු ඤාණං පටිභාන පටිසම්භිදා’ යන වචනයෙන් ප්රතිභාන ප්රතිසම්භිදාව වේ. එම ප්රත්යවේක්ෂා ප්රඥාව භාස්යාකාරයෙන් පවත්නා වූ චිත්ත සන්තානයාගේ වශයෙන් භාසපඤ්ඤා නමැ. එහෙයින් නව පඤ්ඤා - භාසපඤ්ඤං පරිපූරෙන්තිච - භාසපඤ්ඤා පටිභාන පටිසම්භිදායි යූසේයි. සියලු ආකාර වූම ප්රඥාව ඒ ඒ අර්ථයෙහි ප්රකට කිරීම සංඛ්යාත පැනවීම් අර්ථයෙන් ප්රඥායි. ඒ ඒ ප්රකාරයේ ධර්මයන් දනීනුයි ප්රඥායි.
තස්ස යනු ඒ කියන ලද ආකාර ඇති ආර්ය පුද්ගලයා විසින්, කරණාර්ථයෙහි ෂෂ්ඨි වචනයි. අත්ථ වවත්ථාන තො යනු කියන ලද ආකාර ඇති පස්වැදෑරුම් අර්ථයෙහි නිශ්චය කිරීම් වශයෙන්, එය ශ්රමණ කරණීය කථායෙහි කියන ලද්දේමය. හේතුඵලය, නිර්වාණය යන වචනාර්ථයි. නොහොත් මුහුකුරා ගිය ක්රියාවය යන අර්ථයෙහි පඤ්ච ප්රභේද ප්රථමාන්ත ප්රභේදගත ඤාණයයි. අධිගතා හොති යනු ලබන ලද්දේ වේ. එයම ප්රතිලාභ සාක්ෂාත් කිරීමෙන් සච්ඡිකතායි. ප්රතිලාභ ස්පර්ශයෙන්ම ඵස්සිතා පඤ්ඤාය, ධම්ම විවත්ථානතො යනු යම්කිසි ඵල නිපදවන හේතුවක් වේද එයද, ආර්ය මාර්ගයද, භාසිතයද කුසලයද, අකුසලයද යන මෙම පඤ්ච ධර්ම ධර්මය යැයි අභිධර්ම පෙළ අනුසාරයෙන් කියන ලද පංච ධර්මයන්ගේ නිශ්චය කිරීම් වශයෙන්, එය ශ්රමණ කරණීය කථායෙහි හේතුව, ආර්ය මාර්ගය, වචනය, කුසලය, අකුසලය යන පස් ආකාර වූ ධර්ම ද්විතීයාන්ත ප්රභේදගත ඤාණයයි කියන ලද්දේය. තිරුත්ති වවත්ථාපනතො යනු එම අර්ථ ධර්මයන්ට සුදුසු නිරුක්තීන්ගේ නිශ්චය කිරීම් වශයෙන්, පටිභාන වවත්ථානතො යනු ප්රතිභාන සංඛ්යාත ත්රිවිධ ප්රතිසම්භිදා ඤාණයන්ගේ නිශ්චය කිරීම් වශයෙන්, තස්සිමා යනු එය නිගමන වචනයයි.