7. නන්ද සූත්ර නිර්දේශ වර්ණනාව
සත්වන නන්ද සූත්රයෙහි පළමු ගාථාවේ අරුතයි. කැත්කුල ආදී ලෝවාසී ජනයා ආජීවක නිගණ්ඨ ආදීන් උදෙසා සන්ති ලොකෙ මූනයො යැයි කියති. තයිදං කථංසු කෙසේද? ඔවුන් සමාපත්ති නුවණින් උපන් බැවින් ඤාණුප්පන්නං මුනිං නො වදන්ති මෙසේ (මුනිවරයන්) වූහයි මේ ආකාරයැයි කියත්ද? උදාහූ වෙ රළු, සුව වැනි නොයෙක් ආකාර වූ ජීවිතයක උපන්නාහුද?
නිද්දේසයෙහි අට්ඨ සමාපත්ති ඤාණෙන වා පළමු දැහැන ආදී සමාපත්ති අටෙන් යුතු නුවණින් හෝ පංචාභිඤ්ඤා ඤාණෙන වා පෙර විසූ තැන් ආදිය දන්නා නුවණින් හෝ.
එවිට භාග්යවතුන් වහන්සේ ඒ කරුණු දෙකම බැහැරකොට, ‘න දිට්ඨියා’ යන ගාථාවෙන් මුනිවරයා ගැන පැහැදිළි කළහ.
මීළඟට ‘දැකීමෙන් පිරිසිදු වේ’ යැයි කියන තැනැත්තන්ගේ සැක දුරලනු පිණිස ‘යෙ කෙචි මෙ’ යන ගාථාවෙන් අසයි. අනෙක රූපෙන දැකීමෙන් යහපත වේ යැයි ඇති කුතුහලය, තත්ථ යථා චරන්තා තමාගේය යන දැඩිව ගත් හැඟීමෙන් වසන තැනැත්තන්ට එසේ පිරිසිදු විය නොහැකි බව පෙන්වා දීමට භාග්යවතුන් වහන්සේ සිවුවන ගාථාව කීහ.
මෙසේ ඔවුන් (සසරින්) එතරට නොගිය බව අසා, මීළඟට එතරවන තැනැත්තා ගැන දැනගනු කැමතිව ‘යෙ කෙචි මෙ’ යන ගාථාවෙන් විමසයි. එවිට භාග්යවතුන් වහන්සේ, (සසර) සැඩපහර තරණය කිරීම මුල්කොට ඉපදීම හා ජරාවෙන් එතරවන අයුරු හයවන ගාථාවෙන් කීහ.
එම ගාථාවෙහි නිවුතා ගැලුනු, බැසගත්, යෙසුධා යෙසු - ඉධ, මේ ලෝකයෙහි, යමෙක් ‘සු’ නිපාතයක් පමණි. තණ්හං පරිඤ්ඤාය තණ්හාව තුන් ආකාරව දැක, පෙර කී අයුරු ඉතිරි කරුණු පැහැදිලිය.
භාග්යවතුන් වහන්සේ, මෙසේ අරහත් බව කුළුගන්වමින් දේශනය නිම කළහ. දේශනය අවසානයෙහි නන්ද භාග්යවතුන් වහන්සේ වදාළ කරුණුවලට ‘එතාභිනන්දාමි” යන ගාථාවෙන් සතුට පළ කළේය. කලින් දක්වා ඇති පරිදි මෙහිදීද පිරිස දහම් අවබෝධය ලැබීය.
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
නන්ද සූත්ර වර්ණනාව නිමියේ ය.
8. හෙමක සූත්ර නිර්දේශ වර්ණනාව
අටවන හේමක සූත්රයයි. යෙ මෙ පුබ්බෙ වියා කංසු බාවරී ආදීහු කලින් මගේ අදහසද ඉදිරිපත් කළහ. හුරං ගොතම සාසනං ගොතම සාසනයට ඉහතදීත්, සබ්බං තං තක්කවඩ්ඪනං ඒ සියළු අදහස් කාම සිතිවිලි ආදිය වැඩිදියුණු කරන ඒවාය.
යෙ චඤ්ඤෙ තස්ස ආචරියා ඒ බාවරීගේ (සිසුන් ලෙස අවවාද ලබන) හික්මවන ලද ඇදුරෝ, තෙ සකං දිට්ඨිං ඒ ඒ ඇදුරන් තමන්ගේ මතවාද, සකං ඛන්තිං තමන්ගේ වැටහීම සකං රුචිං තම කැමැත්ත, විතක්ක වඩ්ඪනං කාම සිතිවිලි ආදිය නැවත නැවතත් උපදවා ගනිමින් (මතුවටත්) පවත්වා ගැනීම, සංකප්ප වඩ්ඪනං කාම සංකල්පනා අදහස් ඇතිකර ගැනීම, මේ පද දෙකම සියල්ල ඇතුලත් වන සේ කියන ලදී. දැන් කාම සිතිවිලි ආදියෙහි ඇති තතු දැක්වීමට කාම සිතිවිලි වැඩෙන්නේ යයි ආදී ලෙසින් අළුත් සිතිවිලි (ඇතිවන බව) පෙන්වීය.
තණ්හා නිඝාතනං තණ්හාව වැනසීම.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඊට අදාල කරුණු ‘ඉධ.... ආදී ගාථා දෙකකින් වදාළහ. එහි එතදඤ්ඤාය යෙ සතා ඒ නිවන අමා පදයකි. හේතු නිසා ඇතිවන සියළුම සකස්වීම් වෙනස්වන - තිර නැති බව විදසුන් වඩමින් අනුපිළිවෙලින් දැන, කය අනුව විමසා බලන මනා සිහි ඇත්තේ, දිට්ඨ ධම්මාභි නිබ්බුතා නිවැරදි දහම අවබෝධ කරන ලදින්, දිට්ඨ ධම්මාච රාගාදී (කෙලෙස් ගිනි) නිවීමෙන්ද අභිනිබ්බුතා ඉතිරි කරුණු පැහැදිලිය.
භාග්යවතුන් වහන්සේ මෙම සූත්රයද අරහත් බව කුළුගන්වමින් දේශනා කළහ. පෙර කී පරිදිම දේශනය අවසන පිරිස දහම් අවබෝධය ලැබීය.
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
හෙමක සූත්ර වර්ණනාව නිමියේ ය.
9. තෝදෙය්ය සූත්ර නිර්දේශ වර්ණනාව
නවවන තොදෙය්ය සූත්රයයි. විමොක්ඛො තස්ස කීදිසො ‘මෙබඳු කෙනෙකුගේ මැනවින් මිදීම කෙබඳු අයුරින් බලාපොරොත්තු විය යුතුදැයි’ අසයි.
මීළඟට භාග්යවතුන් වහන්සේ ඔහුට (ඔහු අදහස් කළ මිදීම නොව) වෙනත් මිදීමක්, නිදහසක් ගැන දෙවන ගාථාවෙන් කීහ. විමොක්ඛො තස්ස නාපරො ඔහුට වෙනත් මිදීමක් නැත.
මෙසේ ‘තණ්හාව නැතිකිරීම මිදීම’ යැයි කීවත්, ඒ කරුණු නොසළකා ‘ඒ තැනැත්තාට ආසා නැත්ද, නැතිනම් යම්දෙයකට බලාපොරොත්තු නැත්දැයි නැවත විචාරයි. උදපඤ්ඤකප්පී නැතහොත්, සමවත් නුවණ ආදියෙන් තණ්හා හැඟීම් හෝ දැකීම් හෙවත් මතවාද මගින් ගොඩනගා ගන්නා සංකල්පවලින් (වෙලී) සිත සිතා සිටීද?
එවිට භාග්යවතුන් වහන්සේ එය පැහැදිලි කරමින් සිදුවන ගාථාව වදාළහ. කාමභවෙ කාමයෙහිද භවයෙහිද රූපෙ නාසිංසති සිවු ආකාර හටගැනෙන රූප අරමුණු ඡන්දරාග ලෙසින් නොපතයි. හඬ ආදිය පිළිබඳවද මේ අයුරින් (දතයුතුය.) කරදර උවදුරු අරුතින් රාගයම දැඩි කෙලෙස් බැඳීමකි. (රාගකිඤ්චනං) මත්කරන අරුතින් දෝසයද මේ ආකාරය. ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.
මෙසේ භාග්යවතුන් වහන්සේ මෙම සූත්රයද අරහත් බව කුළු ගන්වමින් දේසනා කළහ. පෙර කී පරිදිම පිරිස දහම් අවබෝධය ලැබීය.