5. මඞ්ගල සූත්‍රය වර්ණනාව
නික්ඛෙපප්පයොජනං
දැන් කුමාර ප්‍රශ්නයෙන් අනතුරුව ඇතුළත් කරන ලද මඞ්ගල සූත්‍රයෙහි වර්‍ණනාව පිළිවෙළින් පැමිණියේය. එය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය කියා අර්‍ථ වර්‍ණනාව කරන්නෙමු. ඒ කෙසේද යත්? මේ සූත්‍රය වනාහි මේ පිළිවෙළින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දේ නමුදු සරණාගමනයන්ගෙන් යම් මේ ශාසනයට බැස ගැනීම ද සික්ඛාපද ද්වත්තිංසාකාර, කුමාර පඤ්හයන්ගෙන් පිළිවෙළින් සීල, සමාධි, පඤ්ඤා ප්‍රභේද ද දක්වන ලද්දේය. මේ සියල්ල උතුම් මඞ්ගල වූයේ මඞ්ගලයෙන් ප්‍රයෝජන ඇත්තා විසින් මෙහිම නැවත නැවත යෙදීම යම්හෙයකින් කළයුතු වන්නේ ද හෙතෙමේ මෙහි මඞ්ගලභාවය මේ සූත්‍රය අනුසාරයෙන් දතයුතු යයි දැක්වීම සඳහා දේශනා කරන ලදී.
මේ මෙම සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනයයි.
පඨමමහාසඞ්ගීතිකථා
මෙසේ ඇතුළත් කළ මෙම සූත්‍රයෙහි අර්‍ථ වර්‍ණනාව සඳහා මේ මාතෘකාවයි.
“යමෙකු විසින් යම්දිනක යම් හෙයකින් මේ සූත්‍රය දේශනා කරන ලද්දේ ද යන මේ විස්තරය කියා “එවං” යන ආදි පාඨයේ අර්‍ථය නොයෙක් ආකාරයෙන් වර්‍ණනා කරන්නේ යම් තැනෙක්හි යම් මඞ්ගලයක් හටගත්තේ ද එය වෙන්කොට දක්වා එහි මඞ්ගලභාවය ද පැහැදිලි කරන්නේය” යනුයි.
එහි “වුත්තං යෙන යදා යස්මා චෙතං වත්වා ඉමං විධිං” යන ගාථාර්ධය පළමුකොට “එවම්මෙ සුතං එකං සමයං භගවා -පෙ- භගවන්තං ගාථාය අජ්ඣභාසි” යන මේ ප්‍රකාශය අරමුණු කොට කියන ලදී. මේ ප්‍රකාශය වනාහි අනුශ්‍රව වශයෙන් කියන ලද්දකි. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් හෙයින් ස්වයංභූය. ආචාර්‍ය්‍යවරයෙකු නොමැත්තෙකි. එහෙයින් මෙය ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් නොවේ. එහෙයින් මේ ප්‍රකාශය කවරෙකු විසින් කියන ලද්දේ ද? කවදා කුමක් හෙයින් කියන ලද්දේ ද? යන මෙය කිව යුතුය. කියනු ලැබේ :- ආයුෂ්මත් ආනන්ද හිමියන් විසින් කියන ලදී. එයද ප්‍රථම මහා සඞ්ගීති කාලයෙහිය.
මේ ප්‍රථම සඞ්ගීතිය ද සියලු සූත්‍රයන්ගේ නිදාන කෞශල්‍ය සඳහා ආරම්භයේ සිට මෙසේ දත යුතුය. ලෝක නාථ වූ භාග්‍යවතුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ සිට සුභද්‍ර පරිබ්‍රාජක හික්මවීම දක්වා කළ බුද්ධ කෘත්‍ය ඇත්තාහු කුසිනාරා නුවර උපවත්තන නම් වූ මල්ලයන්ගේ සල් වනයෙහි සල්ගස් දෙකක් අතර වෙසක් පසළොස්වක් දින අළුයම් වේලෙහි අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්‍වාණය වෙනුවෙන් රැස් වූ හත් ලක්‍ෂයක් භික්ෂූන් අතර සංඝස්ථවිර වූ ආයුෂ්මත් මහා කාශ්‍යප හිමියෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා සත්වෙනි දින සුභද්‍ර නම් මහළු පැවිද්දා විසින් “ඇවැත්නි, ඇති. ශෝක නොකරමු. නොවැළපෙමු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මැනවින් මිදුණෝ වෙමු. “මෙය නුඹලාට කැපය. මෙය නුඹලාට අකැප යයි අපි වෙහෙසන ලද්දෝ ද වෙමු. දැන් වනාහි අපි යමක් කැමති වන්නෙමුද එය කරන්නෙමු. යමක් අකමැති වන්නෙමුද එය නොකරන්නෙමු”යි කී වචන සිහි කරමින් “පාප භික්ෂූහු බුද්ධ ධර්‍මය ශාස්තෲවරයෙකු නොමැති එකකැයි සිතමින් (අලජ්ජි) පක්‍ෂ ලැබ නොබෝ කලක්ම සද්ධර්‍මය අතුරුදහන් කරන්නේය” යන යම් කාරණයක් වේ ද මේ කාරණය විද්‍යාමාන වෙයි. යම්තාක් ධර්‍ම විනය තිබේද ඒ තාක් බුද්ධ ධර්‍මය නොඉක්ම සිටි ශාස්තෲවරයෙකු ඇත්තක් වෙයි. භාග්‍යවතුන් වහන්සේ
“ආනන්දය, මවිසින් තොපට යම් ධර්‍මයක් හා විනයක් දේශනා කරන ලද්දේ ද පනවන ලද්දේ ද එය තොපට මාගේ ඇවෑමෙන් ශාස්තෲවරයා යයි වදාළහ.
එබැවින් යම්සේ මේ ශාසනය බොහෝ කල් පැවැත්මට සුදුසු වූයේ කල් පවතින්නක් වේ ද එලෙසින් මම ධර්‍මයත් විනයත් සඞ්ගායනා කරන්නෙම් නම් මැනවි,
යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මම
“කාශ්‍යපය, ඔබ පරිභෝගයෙන් දිරාගිය හණ වැහැරියෙන් කළ පාංසුකූල චීවරය දරන්නෙහිය’යි වදාරා චීවරයෙහි සාධාරණ පරිභෝගයෙන් ද