6. ඡක්ක නිපාතය
1. අවාරිය වර්‍ගය
1. අවාරිය ජාතකය (376)
‘මාස්සු කුජ්ඣි භූමිපති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, එක් තීර්ථ නාවිකයකු අරබයා වදාළ සේක. සැබවින්ම මෝඩයකු වු ඔහු අනුවණ තැනැත්තෙකි. බුද්ධාදි රත්නත්‍රයෙහි ගුණ නොදන්නා ඔහු, අන් කිසිදු පුද්ගලයෙකුගේ ගුණයක් ද නොහඳුනයි. එසේම ඔහු චණ්ඩියෙකි. පරුෂය. සාහසික පුද්ගලයෙකි. කිසියම් දිනක දනව් වැසි එක් භික්‍ෂුවක් බුදුරදුන්ට උපස්ථාන කිරීම සඳහා එමින් සිටියේය. මේ ගමනේ දී සැඳෑ සමයක, ‘අචිරවතී’ ගංතෙරට පැමිණි ඒ භික්‍ෂු නම ඉහත කී සැරපරුෂ නාවිකයා වෙත එළඹ, ‘උපාසකය, එගොඩට යාමට කැමැත්තෙමි. ඒ සඳහා ඔබේ නැව යොදවනු මැනවැ’යි කීයේය. ‘හිමියනි, එගොඩට යෑමට, දැන් මේ සුදුසු වේලාවක් නොවේ. එබැවින් කොතැනක හෝ, නවාතැන් ගෙන, හෙට මෙහි එනු මැනවි’. ‘උපාසකය, මෙහි කොතැනක වසන්නෙම්ද? ඒ නිසා මා එතෙර කරනු මැනවැ’යි, ඒ භික්‍ෂුව නාවිකයාට කීයේය. ඉන් කිපුණු නාවිකයා ‘බොල මහණ, මෙහි එව, එතොරට දමන්නෙමැ’යි කියා, තෙරුන් නැවට නංවාගෙන කෙළින්ම එතෙරට නොගොස්, ගඟ පහළට නැව පදවා, එසේම නැව තදින් ඒ මේ අත පැද්දෙන්නට සලස්වා, තෙරුන්ගේ පාසිවුරු තෙමා, උන්වහන්සේ මහත් වෙහෙසට පත්කොට එතැනින් ඉවුර වෙත නැව පදවාගෙන ඇවිත්, අඳුර වැටුණු පසු තෙරුන් නැවෙන් බස්වා පිටත් කෙළේය. ඉක්බිති, ඒ භික්‍ෂුව විහාරයට ගොස් එදවස බුදුරදුන්ට උපස්ථාන කිරීමට අවකාශයක් නොලැබුණු බැවින්, පසුදා බුදුරදුන් වෙත එළඹ, උන්වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. කරන ලද පිළිසඳර ඇති, බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ පැමිණියේ කවදා දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, මම ඊයේ මෙහි පැමිණියෙමි.’ ‘එසේ නම් කුමක් හෙයින් බුද්ධ උපස්ථානයට අද පැමිණියෙහිදැ’යි බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවගෙන් ඇසී සේක. එවිට භික්‍ෂුව ගත වූ රාත්‍රියෙහි සැදෑ සමයෙහි සිදුවූ සියල්ල තත්ත්වාකාරයෙන්ම බුදුරදුන් ඉදිරියෙහි දී විස්තර කෙළේය. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ, ‘මහණ, ඔය නාවිකයා සැඩපරුෂ පුද්ගලයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙර ද ඔහු පඬිවරුන් වෙහෙසට පත් කෙළේ යැ’යි වදාරා, ඒ භික්‍ෂුවගේම අයැදුමෙන් මේ අතීත කථා පුවත දේශනාකොට වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බ්‍රාහ්මණ පවුලක ඉපිද, තරුණවියට පත්වූ පසු, තක්‍ෂිලා නගරයට ගොස් එහිදී සියලු ශිල්ප-ශාස්ත්‍ර උගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදිව, දීර්ඝ කාලයක් හිමාල වනයෙහි පලවැලින් යැපෙමින් සිට, පසුකලෙක ලුණු-ඇඹුල් සේවනය පිණිස, බරණැසට පැමිණියේය. බරණැස් නුවර රජුට අයත් උයනෙහි නවාතැන් ගත්, මේ තාපසතුමා පසුදා පිඬු පිණිස නුවර හැසිර, අවසානයේදී රජගෙදරට ද, පැමිණියේය. රජතුමා රජමිදුලෙහි සිටි තාපසතුමා දැක, ඔහුගේ ඉරියව්හි පැහැදී මාලිගය ඇතුළට තවුස්තුමා කැඳවාගෙන ගොස්, දානය වළඳවා රාජකීය උයනෙහිම වසනු සඳහා එතුමා කැමති කරවා ගත්තේය. එදා සිට රජතුමා දිනකට වරක් තාපසතුමා හමුවීමට උයනට යාම සිරිතක් කොට ගත්තේය. බෝසත් තවුසා ද රජුට ‘මහරජතුමනි, සතර අගතියෙන් තොරව එසේම අප්‍රමාදයෙන් යුක්තව ශාන්ති-මෛත්‍රී-දයා යන මේ උතුම් ගුණයන්ගෙන් යුතුව, දැහැමින් රාජ්‍යය කරවිය යුතු යැ’යි දිනපතාම ඔවදන් දෙමින් මේ ගාථා දෙක දේශනා කරයි.
මාස්සු කුජ්ඣි භූමිපති - මාස්සුකුජ්ඣි රථෙසහ,
කුද්ධං අප්පටි කජ්ඣන්තො - රාජා රට්ඨස්ස පූජිතො
රජතුමනි, නොකිපෙනු මැනවි. දේවයිනි, තරහ නොගනු මැනවි. කිපුනකුට, නො කිපෙන රජතුමා රටකට පූජනීය වස්තුවකි.
ගාමෙ වා යදි වා රඤ්ඤො - භින්නෙ වා යදි වා ථලෙ,
සබ්බති මනුසාසාමි - මාස්සුකුජ්ඣි රථෙසභාති
ගමේ හෝ අරණෙහි හෝ නිම්නයක හෝ, උස්බිමෙක හෝ, සැම තන්හි දී අනුශාසනා කරමි. රජතුමනි, නො කිපෙනු මැනවි.
මෙහි ‘රට්ඨස්ස පූජිතො’ යනු ‘මෙබඳු රජතුමා රටකට පූජනීය වස්තුවක් වේ යන අර්ථයි. ‘සබ්බත්‍ථ මනුසාසාමි’ යනු ‘මහරජතුමනි, ඒ ගම් ආදී වූ කිසියම් තැනෙක වසන මම, මේ අනුශාසනාවෙන් ම ඔබට අනුශාසනා කරමි. ඒ ගම් ආදී වූ කිසියම් තැනෙක වුවද එක් අයෙකුට, එක් පුද්ගලයෙකුට වුවද අනුශාසනා කරමි’ යන අර්ථයි. ‘මාස්සු කුජ්ඣි රථෙසභ’ යනු ‘කිපීම රජවරුන්ට නුසුදුසු දෙයකි. මක්නිසාද? රජවරුන්ගේ වචන ආයුධ වැනිය. කිපුණු ඔවුන්ගේ වචන මාත්‍රයෙන්ම, බොහෝ අය ජීවිතක්‍ෂයට පත්වෙති’ යන අර්ථයි.
මෙසේ බෝසත් තෙමේ රජු පැමිණි-පැමිණි සෑම විටෙකදීම, මේ ගාථාවලින් අනුශාසනා කෙළේය. තවුස්තුමා කෙරෙහි පැහැදුණු සිත් ඇති රජතුමා, ලක්‍ෂයක ආදායම උපදින එක් ගමවරයක් බෝසතුන්ට පූජා කෙළේය. බෝසත්තුමා එය එක් වරම ප්‍රතික්‍ෂේප කෙළේය. මෙසේ බෝසත් තවුසා රජතුමාගේ මේ රාජකීය උයනෙහි වසර දොළහක්ම, වාසය කෙළේය. දිනක් බෝසත් තෙමේ ‘මම මෙහිම දොළොස් වසරක් විසුවෙමි. එබැවින් මෙහෙන් පිටත්ව ගොස්, නැවත මෙහි පෙරළා එන බව රජතුමාට කියව’යි දැනුම් දී පිටත් ව ගියේය. මෙසේ ගිය එතුමා අනුක්‍රමයෙන් ගංගා නදියෙහි නැව් තොටට පැමිණියේය. එහි ‘අවාරිය පිතා’ නම් වූ නාවිකයෙක් විය. පියෙවින්ම මෝඩපහේ පුද්ගලයකු වූ ඔහු, ගුණවතුන්ගේ කිසිදු ගුණයක් නොදනී. එපමණක් නොව තමාගේ යහපත-අයහපත ගැන ද, කිසිවක් ඔහු නොදත්තේය. ඔහු ගඟ තරණය කිරීමට පැමිණෙන උදවිය පළමුවෙන් එතෙර කොට, ගමනාන්තයේ දී ඔවුන්ගෙන් කුලිය ඉල්ලයි. එසේකොට කුලිය දීමට අකමැති අය සමග නිතර කලහ කරන ඔහු බැණ අඬගැසීම් හා පහරදීම්වලටද, පෙළඹෙයි. ඔහු මේ නිසා ලබන අලාභ බොහෝය. ලාභ මොහු ඒකාන්ත වශයෙන් ම මට යමක් දෙන්නේ යැ’යි තමාම තීරණය කොට ගෙන, තවුසා නැවට නංවාගෙන එතුමා පරතෙරට පමුණුවා, ‘මගේ නැව් කුලිය මට දෙව’යි කීය. ඒ ඇසූ තවුසා ‘ඇවැත්නි, මැනවැ’යි, කියා පළමුකොට භෝග වෘද්ධිය නාවිකයාට පැහැදිලි කරමින්, මේ ගාථාව පැවසුවේය.
4. නාවික දරුව, තරණයට පෙර මෙතෙරදීම, කුලිය ඉල්ලනු. එතෙර යනු පිණිස මග සොයන්නාගේ සිත එකකි. තරණය කළ තැනැත්තාගේ සිත අනෙකකි.
[missing trans]
[missing trans]