යතො යතො සම්මසති - යනු අටතිස් අරමුණවල යෙදී සිටින්නේ ක්‍රියා කරන්නේ යම් යම් ආකාරයකින් පෙර බත පසු බත ආදී කාලයන්හි තම තමන්ට රුචිකර වූ කර්මස්ථානයන්හි කර්මස්ථාන සිහි කරන්නේ ද, උදයබ්බයන්ති පඤ්චස්ඛන්ධය පිළිබඳව ඇතිවීම හා නැතිවීම පිළිබඳ විසිපස් ලක්ෂණයන්, පීති පාමොජ්ජං - මෙසේ ස්බන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම සම්මර්ශනය කරන්නේ, ධර්ම ප්‍රීතිය ධර්ම ප්‍රමෝදය ලබත්. අමතං යනු ප්‍රත්‍යය සහිත වූ නාම රූපයන් ප්‍රකට වීමෙන් උපදින්නා වූ ප්‍රීතිය අමෘත මහා නිර්වාණ සම්ප්‍රප්තිය පණ්ඩිතයන් විසින් අමත යන අර්ථයෙන් දැක්වේ.
තත්‍රයාමාදී එහි මුල් පුර්ව පියවර වේ. ඉධ පඤ්ඤස්ස මේ සාසනයේ නුවණැති භික්ෂූන් දැන් මේ කියන ලද දේ පුර්වාමස්ථයේ දක්වමින් ඉන්ද්‍රියගුතති ආදිය කීහ. සිව් පිරිසිදු ශීලයෙහි පූර්ව අවස්ථාව ඉන්ද්‍රිය සංවරය වේ. සන්තුට්ඨි සිව් පසයෙහි සන්තෝසය ඒ මගින් ආජීව පාරි ශුද්ධ ශීලය හා ප්‍රත්‍ය සංනිශ්‍රිත සීලය කියන ලදී. පාතිමොකෙඛ ප්‍රාතිමෝක්ෂය සංඛ්‍යාත වූ ජ්‍යෙෂ්ඨ ශීලය පරිපුර්ණ කළයුතු බව කියන ලදී.
මිත්තෙ භජස්සු කල්‍යාණෙ - විෂම ක්‍රියාකාරිකම්වල යෙදෙන නුසුදුසු සහායකයන් හැර දමා, යහපත් ජීවිතය සඳහා - සුද්ධාජීවෙ - පුරුෂ ධෛර්යයෙන් යුක්තව කුසීත රහිත ජීවත්වීම සඳහා, අතන්දීතෙ - කලණ මිතුරන් සේවනය කළ යුතුය යන අර්ථයි. පටිසත්ථාරා චුත්තස්සන්ති - ආමිස පටිසත්ථාර ධම්ම පටිසත්ථාර යන පටිසන්ථාරා කාර්යයන් වැඩිය යුතුයි යන අර්ථයි. ආචාර කුසලො - සීල ආචාර වත් පිළිවෙත් පිරීමේ ආචාර ආදී කුසල් රැස් කිරීමෙහි දක්ෂයෙකු විය යුතුය. තතො පාමොජ්ජ බහුලො - පටිසන්ථාරයන්හි යෙදුනේද, ආචාර කුසල තාවයන්හි වඩන්නවුන් විසින් ද, ධර්මප්‍රමෝද්‍යයෙන් ප්‍රමෝදයට පත්වී සියළු වට්ට දුක්ඛ සස අනතං කරිස්සති සියලු සංසාර වෘතයගෙන් වෙන් වූ නිවන් දකි යන අර්ථයි.
මෙලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම ගාථාවල එක් එක් ගාථා වෙන් සිව්පිළිසිඹියා පත් රහත් බවට පැමිණ අහසට නැගී ඒ සියළුම භික්ෂූන් අහසෙන් එකසිය විසි යොදුන් කාන්තාරය ඉක්මවා බුදුරදුන්ගේ රන්වන් සිරුර වර්ණනා කරමින් ස්තුතිකරමින් වැන්දාහුය.
18. පන්සියයක් භික්ෂූන් පිළිබඳ කථා පුවත
“වස්සිකා විය ප්‍රප්ථානි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී පන්සියයක් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
එම භික්ෂූහු බුදුන් වෙතින් කර්මස්ථාන ගෙන ආරණ්‍යයේ මහණ දම් රකින්නේ උදේම පිපෙන (මහෙසිකා) ඉද්දමල් සවස නටුවෙන් ගිලිහෙනු දැක තෙල මල් නටුවෙන් ගිලිහෙන්න පෙරාතුව අපි රාගාදීයෙන් මිදෙනෙමුයි වීර්යයට පටන් ගත්හ. අධිෂ්ඨාන කළහ. බුදුරදුන් මේ භික්ෂූන් බලා මහණෙනි භික්ෂුවක් නම් නටුවෙන් ගිලිහෙන මලක් සේ සසරින් මිදෙන්නට උත්සහ කළ යුතු යයි පවසා ගඳකිළියේ සිටියදීම එළියක් පතුරුවා මේ ගාථාව පැවසුහ.
සමන් වැළ මැලවුණු - මල් බිම හෙළන අයුරින්
මෙම රා දොස දුරැරලා - ගිලිහෙනු සසර වටයෙන්
මෙම රා දොස දුරැරලා - ගිලිහෙනු සසර වටයෙන්
මහණ තෙමේ ඉද්දමල් නටුවෙන් ගිලිහෙන අයුරින් රාගයද ද්වේශයද මුදා හළ යුතුය. එහි වස්සිකා යනු මනාව පිපුණු (දැසමන්) මද්දවානි මැළවෙයි. මළානික වෙයි, මෙය කියන ලදී, යම් සේ ඊයේ පිපුණු දෑසමන්, දෙවන දවසේ පරණ වී මැලවී. මිදෙත් නටුවෙන් ගිලිහෙත් එසේ තෙපිද රාගාදියෙන් ද ද්වේශාදීයෙන් ද මිදෙව්.
දේශනාවසානයේ ඒ සියලු භික්ෂුහු අර්හත් ඵලයෙහි පිහිටියාහුය.
19. සන්තකාය තෙරුන් පිළිබඳ වූ කථා පුවත
“සන්ත කායොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සන්තකාය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේට අත් පා පිළිබඳව සැකයක් නම් නොවීය. අනුන් නොසිරියෙන අන්දමින් අත් පා එහා මෙහා කිරීමක් නැත. කය ප්‍රාණවත් කිරිම් රහිතය ශාන්ත වූ ආත්ම භාවයක් විය. උන්වහන්සේ සිංහ යෝනියෙන් පැමිණි කෙනෙකි. සිංහයෙක් එක් දිනක් ගොදුරු ගෙන රිදී - රන් - මැණික් - පබලු ආදී ගුහාවලින් එක්තරා ගුහාවකට පිවිස මනෝසිලා තලාවක සිරියෙල් සුණු ගොඩක දින හතක් නිදාගෙන හත්වැනි දිනයේ නැගිට නිදාසිටි තැන බලා ඉදින් නගුට කන් අත්පා වල හෝ සෙලවීමේ වෙනසක් දැක හිරියල් කුඩු විසුරුනේ දැයි බලයි. මෙය සිංහ ජාතියට හෝ ගෝත්‍රයට හෝ සුදුසු නොවේ යයි නැවත දින හතක් නිරාහාරව නිදා ගනී. හිරියල් කුඩු විසිරී නොතිබේ නම් මේ ඔබගේ ජාති ගෝත්‍රයට සුදුසුයයි සිටිතැනින් නික්මී සිරුර සොලවා දිශාවන් බලා තුන්වරක් සිංහනාද කර ගොදුර සඳහා පිටවෙති. මෙබඳු සිංහ කුලයෙන් ආ මේ භික්ෂුවගේ කාය සංවර දැක භික්ෂූහු විසින් බුදුරදුන්ට දැනුම් දුන්හ. ස්වාමීනි සන්තකාය තෙරුන් සමාන වූ භික්ෂුවක් නොදුටු විරූය. මුන්වහන්සේ සිටින තැන අත් පා සෙල වීමක් නැත. කය ඇඟමැලි කැඩීමක් නැත. චලනයක් නැත. මහණෙනි භික්ෂූන් විසින් සන්තකාය තෙරුන් ලෙසට කාය ආදි ඉන්ද්‍රියන්හී උපශාන්ත බවක් පැවතීම යුතුම යයි පවසා මේ ගාථාව දේශනා කළහ.