19. සන්තකාය තෙරුන් පිළිබඳ වූ කථා පුවත
“සන්ත කායොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සන්තකාය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේට අත් පා පිළිබඳව සැකයක් නම් නොවීය. අනුන් නොසිරියෙන අන්දමින් අත් පා එහා මෙහා කිරීමක් නැත. කය ප්‍රාණවත් කිරිම් රහිතය ශාන්ත වූ ආත්ම භාවයක් විය. උන්වහන්සේ සිංහ යෝනියෙන් පැමිණි කෙනෙකි. සිංහයෙක් එක් දිනක් ගොදුරු ගෙන රිදී - රන් - මැණික් - පබලු ආදී ගුහාවලින් එක්තරා ගුහාවකට පිවිස මනෝසිලා තලාවක සිරියෙල් සුණු ගොඩක දින හතක් නිදාගෙන හත්වැනි දිනයේ නැගිට නිදාසිටි තැන බලා ඉදින් නගුට කන් අත්පා වල හෝ සෙලවීමේ වෙනසක් දැක හිරියල් කුඩු විසුරුනේ දැයි බලයි. මෙය සිංහ ජාතියට හෝ ගෝත්‍රයට හෝ සුදුසු නොවේ යයි නැවත දින හතක් නිරාහාරව නිදා ගනී. හිරියල් කුඩු විසිරී නොතිබේ නම් මේ ඔබගේ ජාති ගෝත්‍රයට සුදුසුයයි සිටිතැනින් නික්මී සිරුර සොලවා දිශාවන් බලා තුන්වරක් සිංහනාද කර ගොදුර සඳහා පිටවෙති. මෙබඳු සිංහ කුලයෙන් ආ මේ භික්ෂුවගේ කාය සංවර දැක භික්ෂූහු විසින් බුදුරදුන්ට දැනුම් දුන්හ. ස්වාමීනි සන්තකාය තෙරුන් සමාන වූ භික්ෂුවක් නොදුටු විරූය. මුන්වහන්සේ සිටින තැන අත් පා සෙල වීමක් නැත. කය ඇඟමැලි කැඩීමක් නැත. චලනයක් නැත. මහණෙනි භික්ෂූන් විසින් සන්තකාය තෙරුන් ලෙසට කාය ආදි ඉන්ද්‍රියන්හී උපශාන්ත බවක් පැවතීම යුතුම යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
කය වචන සන්සුන්
සන්සුන් සිතැති තැන්පත්
පස්කම් සැපත් දුරැලු
උපසන් මහණ සෙට වේ.
සංවරවූ කය ඇති සංයමයට පත් වචන ඇති සංයමයට පත් සිත් ඇති, මනාකොට තැන්පත් වූ පස්කම් දුරැලු (පංචකාමයේ දැමුන) භික්ෂුව ඉතා සංවරයයි කියනු ලැබේ.
එහි සන්තකයො - ප්‍රාණඝාත ආදිය නො කරන බැවින් නොමැති හෙයින් සංවරවූ. මුසාවාද ආදිය නැති බැවින් සන්තවා චො අභිධ්‍යා ආදිය නැති බැවින් සන්තවා හිත - කය - වචන යෙන් සංයතවු බැවින් සුසමාහිත සිව් මගින් ලෝකාමිසය දුරුකළ බැවින් වන්ත ලොකොමිසොභික්ඛු රාගාදියෙන් තොර නිසා අභ්‍යන්තරය උපශාන්ත වු උපසනෙතා යනුවෙන් කියයි.
දේශනය අවසානයේ එම තෙරුන් අර්හත්වයෙන් පිහිටියේය. පැමිණ අයට ද දේශනය සාර්ථක විය.
20-21. නඞ්ගුල කුල තෙරුන්ගේ කථා පුවත
“අන්තනා වොදයන්තානං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී නඞ්ගුලකුල තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් දුගී මිනිසෙක් අනුන්ගේ බැල මෙහෙවර කරමින් ජීවත්වේ. රෙදි කැබැල්ලක් ඇඳගෙන නගුල උස්සාගෙන යන ඔහු දැක එක් භික්ෂුවක් මෙලෙස පැවසුවේය. ඔබ ඇයි ලෙසට ජීවත් වන්නේ, කවර ප්‍රයෝජනයක්ද. පැවිදි වන්නේ නම් නොවටීද? මෙලෙස ජීවත්වන මා කවුරු නම් පැවිදිකරන්නේ? ඉදින් ඔබ පැවිදි වන්නේ නම් මම පැවිදි කරවන්නෙමි ඉක්බිති ඔහු දෙව්රමට පමුණුවා සියතින් නහවා මණ්ඩපයේ තබා පැවිදිකර ඇඳසිටි රෙදි කැබැල්ල සමගම නගුල මාලක සීමාවේ ගසක අත්තක තැබ්බවීය ඔහු උපසම්පදා වූ විටද නංගල කුල තෙරුන් ලෙසට ප්‍රසිද්ධ විය. ඔහු බුදුන්ට ලැබෙන ලාභසත්කාර නිසා ජීවත් වෙමින් කළකිරී කළකිරීම දුරුකරලීමට නොහැකිවන්නේ දැන් ශ්‍රද්ධා දෙය්‍ය කසාවත් අත්හැර දමා යන්නෙමියි. ගස මුලට ගොස් තමන් තමන්ටම අවවාද දුන්නේය. ලජ්ජා නැති තැනැත්ත මේ සිවුර අත්හැර නැවත කඩ රෙද්ද ඇඳගෙන බත් කොට ජීවත් වීමට ලජ්ජා නැත්ද මෙලෙසින් අවවාද දෙමින් සිත තුනී බවට පත්විය. ඔහු පසුව දින කීපයකට පසුව නැවත කළකිරී එලෙසම තමන්ට අවවාද කරගත්තේය. මෙලෙසට අවවාද කර ගැනීමෙන්ම සිත තුනී බවට පත්වූයේය. ඔහු ඒ ආකාරයෙන්ම කළකිරුණ අවස්ථාවේදී එහි ගොස් තමන්ටම අවවාද කරගනී. භික්ෂූන් වහන්සේලා එහි නිතර යනු දැක ඇවැත්නි නඞ්ගුලකුල තෙරුන් වහන්ස කුමක් නිසා මෙහි එන්නැයි විමසුහ. ඔහු අචාර්යයන් වහන්සේ වෙත යමියි පවසා දින කීපයකින් රහත්බවට පත්වූහ.