23-26. අඞ්කුර දෙවියන් පිළිබඳ කථා පුවත
“තිණදෝසානි” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනයේ වැඩසිටිය දී අංකුර දෙවියා නිමිති කරගෙන දේශනා කළහ.
කථා පුවත “යෙ ඣාන පසුතාධීරා” යන ගාථාව විස්තරයේ සඳහන්වෙයි. එහිදී ඉන්ද්රක දේව පුත් නිමිති කරගෙන පැවසුහ. ඔහු වනාහි ඇතුළු ගමට පිඩුපිණිස වැඩමකළ අනුරුද්ධ තෙරුන්ට හැන්දක් පමණ පිණ්ඩපාතය දුන්නේය. ඔහුගේ මේ පින නිසා අංකුර දසදහසක් අවුරුදු දොළොස් යොදුනක් උදුන් පෙළ බැඳ දුන් දානයට වඩා මහත්පල මහානිසංශ විය. එනිසා මෙසේ පැවසුහ. මේ නිසා අංකුරගේ දානය මෙන් සිතා විමසා දන්දිය යුතුය එය යහපත් කෙතක වැපිරූ බිජයක් සේ මහත්ඵල මහානිසංශ වේ. ඔබ එලෙස නොකළේය. එනිසා ඔබේ දානය මහත්ඵල නොවීය. මෙය විස්තර කරමින් -
“විචෙය දානං දාතබ්බං - යත්ථ දින්නං මහප්ඵලං” යම් පුද්ගලයෙකු විෂයෙහි දන් දීමෙහි දී දෙන ලද දානය මහත්ඵල මහානිසංශ වේදැයි සොයා බලා දානය දිය යුතුය. නුවණින් සොයා දන් දෙන දායකයෝ වර්ගයට පැමිණෙත්. යම් කෙනෙකුට දන් දීමෙන් මහත්ඵල මහානිසංශ වේද එනිසා බුදුන් විසින් පවසන ලද දානය විමසා දිය යුතුය මෙලොව දක්ෂිණාභ උතුමන්ට දන් දීමෙන් මහත්පල මහානිසංශ වේ. එය යහපත් කුඹුරක වපුරන ලද බීජ මෙනි.
තවදුරටත් ධර්ම දේශනා කරමින් මේ ගාථා පැවසුහ.
රාග දොෂයෙන් යුත් මේ ප්රජාව තෘණ දෝෂයෙන් යුතු කෙතක් වැනි වේ. එනිසා වීතරාගී උතුමන්ට දුන් දානය මහත්ඵල මහානිසංශ වේ.
ද්වේශයෙන් යුතු මේ ප්රජාව තෘණ වැවුන කෙතක් වැන්න. එනිසා ද්වේශයෙන් තොර උතුමන්ට දීම මහත්ඵල වේ.
මෝහයෙන් යුත් මේ ප්රජාව තෘණ වැවුන කෙතක් වැන්න, මෝහය නැති උතුමන්ට දීම මහත්ඵල වේ.
ඉච්ඡාදොෂයෙන් යුත් මේ ප්රජාව තෘණ වැඩුන කෙතක් බඳුය. ඉච්ඡාදෝෂයෙන් තොර උතුමන්ට දීම මහත් ඵල වේ.
බොරු පන්. ඉලුක් තණ - පැළ වූ පුරන් කුඹුරක
වැපුරුව ද බිත්තර වී - අස්වැන්න නොලැබේමයි.
ත පෝ ගුණ සිල් ගුණ - නැත්තන්ට දන් දීම ද
පුරන් වූ කුඹුරක - වැපුරුවා මෙන් වේ.
වැපුරුව ද බිත්තර වී - අස්වැන්න නොලැබේමයි.
ත පෝ ගුණ සිල් ගුණ - නැත්තන්ට දන් දීම ද
පුරන් වූ කුඹුරක - වැපුරුවා මෙන් වේ.
එහි තිණදෝසානි තෘණ දෝෂ නම් ඉලුක් ආදී තෘණ ඇතිවී පුරන් වූ කෙත්වල වැපිරීමෙන් අස්වැන්න ගත නොහැකිය. මෙලෙසට සත්ත්වයන්ගේ සිත් තුළ රාගය ඉපදීමෙන් දුෂණය වේ. එනිසා - රාග - දොස - මෝහයෙන් යුතු පුද්ගලයන්ට දීමෙන් මහත්ඵල ඇති නොවේ. එවැනි දෝෂ රහිත උතුමන්ට දීමෙන් මහත්ඵල ඇතිවේ.
දේශනාව අවසානයේ අංකුර ද, ඉන්ද්රකද සෝවාන් ඵලයේ පිහිටියහ. රැස්ව සිටි හැම දෙනට දේශනය සාර්ථක විය.
තණ්හා වග්ග වර්ණය නිමියේය.
විසි හතරවැනි වර්ගයයි.
25. භික්ෂු වර්ගය
1-2. භික්ෂූන් පස් දෙනාගේ කථා පුවත
“වක්ඛුනා සංවරෝ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී භික්ෂූන් පස්නමක් නිමිති කරගෙන දේශනා කළහ.
මෙම භික්ෂූන් අතර එක් එක් භික්ෂුවක් චක්ඛු ද්වාර ආදී පඤ්ච ද්වාර අතුරින් එක් එක් ද්වාරයක් ආරක්ෂා කළහ. මේ අතර දිනක් රැස්වී මම දුෂ්කර දෙයක් ආරක්ෂා කරමි මම දුෂ්කර ඉන්ද්රියන් රකිමියි. විවාද කර බුදුන්ගෙන් විමසා මෙහි අර්ථය දැනගනිමුයි තථාගතයන් වහන්සේ වෙත පැමිණ - ස්වාමීනි අපි චක්ඛු ද්වාර ආදී පඤ්ච ද්වාර ආරක්ෂා කර තම තමන් රක්ෂණය කරන වාරයම වඩාත් දුෂ්කර යයි සිතමු. මේ වාර අතරින් කවර වාරයක් ආරක්ෂාව අපහසු දැයි විමසුහ. බුදුහු එකම භික්ෂුවකට ද අපහාස නොකර - මහණෙනි මේ සියළු ඉන්ද්රිය සංවර කිරීම - දුෂ්කර වේ. මහණෙනි ඔබ දැන් පමණක් නොව පෙරද පස්තැනක අසංවර වූහ. එනිසා පඩිවරුන්ගේ අවවාදයේ නොපිහිටා ජිවිතක්ෂයට පත්වුණි. ස්වාමීනි කවරදාද ඔවුන්ගේ ඉල්ලීම අනුව අතීතය පෙන්වා දුන්හ. අතීතයේ (මා දුන් අවවාද නො පිළිගෙන) රකුසියගේ වසඟයට පත්ව තොප ජීවිතක්ෂයට පත් වු අතර, රකුසිය කෙරෙහි නො ඇලුනු මම තක්සිලාවේ රජකමට පත්ව, ශ්වේතඡත්රය යට සිංහාසනයේ හිඳිමින් තමන්ගේ රජසිරි සැපත් බලා වීර්යය නම් සෑම කෙනෙකු විසින්ම කළ යුතුයයි කියා උදාන වශයෙන් මේ ගාථාව පැවසුහ -