20. උපක ආජීවක පිළිබඳ කථා පුවත
“සබ්බාභිභූ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ අතර මග හමුවූ උපක ආජීවක නිමිති කරගෙන පැවසූහ.
එක් සමයක බුදුහු බුද්ධත්වයට පත්ව බෝමැඩ සති හතක් ගතකොට තමන් වහන්සේගේ පාසිවුරු ගෙන ධර්මචක්‍ර දේශනය පැවැත්වීම සඳහා බරණැස බලා යොදුන් දහඅටක් දුර මගට පිළිපන්නේ. අතර මගදී “උපක” ආජීවකයා හමුවුනි. ඔහු ද බුදුන් දැක ඇවැත්නි ඔබේ ඉන්ද්‍රියන් සුපසන්ය සම පැහැපත්ය. පිරිසිදුය කවුරුන් උදෙසා ඔබ පැවිදි වූයේද? ඔබගේ ශාස්තෘවරයා කවුරුන්ද? ඔබ කාගේ ධර්මයක් රුචිකරන්නේ දැයි විමසුහ. අනතුරුව බුදුහු මට උපාධ්‍යවරයෙක් හෝ ආචාර්යවරයෙක් හෝ නැත කියා මේ ගාථාව පැවසුහ -
තුලොව සියලු දෙය - මැඩ පැවැත්වූ දෙමි මම
සකර දමැ නො ඇලී - සියලු දේ දැන ගත්තෙමි
සියල්ලම දුරලා - රහත් පලලද මේමට
ගුරුවරයෙක් වෙනින් - මා හට කෙසේ වන්නේ ද
සියළු හේතු ධර්ම මැඩ පැවත්වීමි චාතුර්භුමික ධර්ම කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකුත්තර සියල්ල දැන ගතිමි. තණ්හා දෘෂ්ටි ආදි සියළු ධර්මයන්හි නො ඇළුනේ සියල්ල අත්හැර තෘෂ්ණා දුරුකර මිදුනේ. ස්වයං අවබෝධය ඇති මට කවර ගුරුවරයෙක්ද? මාගේ ගුරුවරයා වශයෙන් කවරෙක් කියම්ද?
එහි සබ්බාභිභූ සියළු ත්‍රෛභූමික ධර්ම මැඩ පැවැත්වූ සබ්බවිදූ - දැනගත් චාතුර් භුමික ධර්ම ධම්මෙසු තණ්හාදී සියළු ත්‍රෙභූමික ධර්මයන්හි තණ්හා දිට්ඨි ආදියෙහි නො ඇලුනේ, සබ්බංජහො සියලු ත්‍රෙභූමක ධර්මයන් හැර සිටියේ. තණ්හක්ඛය තෘෂ්ණා නැතිකරලීම් විමුනෙතා තණ්හාව නැති කිරීමෙන් උපන් අර්හත්භාවය සසරින් මිදීම ඇති සයං අභිඤ්ඤාය තමා විසින්ම අවබෝධ කරගෙන විශේෂ ඥාණ ලද මට කවර නම් ගුරුවරයෙක්ද කවර නම් උපාධ්‍යායෙක්ද කවුරුන් කියා දෙසන්නේද?
දේශනාව අවසානයේ උපක තෙම බුදුන්ගේ වචනයට සතුටු නොවීය. ප්‍රතික්ෂේප කළේද නැත. හිස සලා දිව නටවා හුදෙකලා මාර්ගයට පිවිස එක්තරා වැදි නිවාසස්ථානයක් කරා පිටත්ව ගියේය. (වංගකාර ජනපදයට)
21. ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ ප්‍රශ්න පිළිබඳ කථා පුවත
“සබ්බ දානං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සක්දෙව් රජ නිමිති කරගෙන දේශනා කළහ.
එක් අවස්ථාවක තාවතිංස දෙව්ලොව දෙවියෝ රැස්වී ප්‍රශ්න හතරක් ඉපද වුහ. දානයන් අතර වඩා ශ්‍රේෂ්ඨ දානය කුමක්ද? රසයන් අතර කවර රසයක් ශ්‍රේෂ්ඨද, ඇලීම් අතර කවර ඇලීමක් උසස්ද තෘෂ්ණා ක්ෂය කිරිම කුමක් හෙයින් ශ්‍රේෂ්ඨ වන්නේද? මේ ප්‍රශ්නවලට එක දෙවියෙකුටද පිළිතුරු දීමට නොහැකි විය. එක දෙවියෙක් තවත් දෙවියෙකුගෙන් විමසා මේ ලෙසට එකිනෙකා විමසා දසදහසක් සක්වල දොළොස් වසරක් හැසිරුනහ. මෙතෙක් කලක් ප්‍රශ්නයන්ගේ අර්ථය නොදැන දසදහසක් සක්වල දෙවියෝ රැස්වී සතරමහ දෙව්රජවරුන් අසලට ගොස්, ඇයි දරුවනි මහාදේව සන්නිපාතයක් සිදුවූයේ විමසූවිට මේ ප්‍රශ්ණ හතර ඉදිරිපත් කළහ. එම ප්‍රශ්න මොනවද? දරුවනි විමසුහ. දානයන් අතර කවර දානයන් ශ්‍රේෂ්ඨවේද? රසයන් අතර කවර රසයක් ශ්‍රේෂ්ඨ වේද. ඇලීම් අතර කවර ඇලීමක් උසස්ද, තණ්හා ක්ෂය කිරීම කවරහෙයින් ශ්‍රේෂ්ඨ වේද? මේ ප්‍රශ්න විසඳාගැනීමට නොහැකිව පැමිණියෙමුයි කීහ. දරුවනි අපිද මෙම ප්‍රශ්නවල අර්ථ නොදනිමු. අපේ රජතුමා ජනයන් දහසක් සිතනන ලද අර්ථ සිතා ක්‍ෂණයකින් දැනගනී. ඔහු අපේ ප්‍රඥාවෙන්ද පිනෙන් ද විශිෂ්ටය. එන්න ඔහු සමීපයට යමු එම දේව සමූහයා ගෙන සක් දෙව් රජ වෙතට ගොස් ඔහු විසින් ද ඇයි දරුව මහත් දේව සන්නිපාතයක් කුමක් හෙයින් දැයි විමසුවේය. මෙම ප්‍රශ්න ඉදිරිපත් කළේය. දරුවෙනි. මෙම ප්‍රශ්නවලට අහේතුකව අර්ථ දැනගැනීමට නොහැකිය. මේවා බුද්ධ විෂයට හේතු වේ බුදුහු මේ අවස්ථාවේදී කොහේ වැඩ සිටිත්දැයි විමසා දෙව්රම බව දැන ගෙන එන්න උන්වහන්සේ වෙතට යන්නෙමුයි දේවගණයා සමග රාත්‍රි කාලයේ මුළු දෙව්රම බබුළුවා බුදුන්වෙත එළඹ වැඳ එකත් පසෙක සිට ඇයි මහරජ විශාල දේව පිරිසක් සමග පැමිණියේ යනුවෙන් ප්‍රශ්න කළහ. ස්වාමීනි මේ දේව සමුහය මේ ප්‍රශ්න ඇසුහ. මේවාට පිළිතුරු දෙන්න වෙනත් කෙනෙක් නැත. අපට මෙම ප්‍රශ්නවලට අර්ථ පවසනු මැනව. කී විට