8. බද්ධේරක ඇතාගේ කථා පුවත
“අප්පමාදරතොති” යන මේ ධර්මදේශනය තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටියදී කොසොල් රජුගේ බද්ධේරක නම් ඇතෙක් පිළිබඳව දේශනා කළහ.
එම ඇතා තරුණ කාලයේදී මහා බලවතෙක්ව සිට වැඩකර පසුව වයසට යාම නිසා ආබාධවලින් පෙළුනේ එක් මහා විලක එරී මඩේ ලැග එගොඩ වීමට නොහැකිවිය. මහජනයා එය දැක මෙබඳු බලවත් ඇතා මෙසේ දුබල බවට පත්වූයේ කෙසේ උඩට ගන්නහුද, රජු මේ පුවත අසා ඇත්ගොව්වාට අණකළේය යන එම ඇතා මඩෙන් පිටතට ගන්නැයි නියෝග දුනි. ඔහු එතැනට ගොස් ස්ථානයේ සංග්රාම බිමලෙස දක්වා යුදබෙර නාද කළේය. මානයෙන් යුත් ඇතා වේගයෙන් නැගිට ගොඩබිම පිහිටියේය. භික්ෂූන් මේ කරුණ දැක තථාගතයන් වහන්සේට දන්වා සිටියහ. බුදුහු මහණෙහි මේ ඇතා විසින් ප්රකෘතියෙන් මඩේ එරි දුකට පත්වුයේ තමන් විසින් ම උඩට ආවේය. තෙපි ද කෙලෙස් දුර්ගයක වැටුන්නේ එනිසා යෝනිසෝ මනසිකාරය පිහිටුවා තමන් ද, කෙලෙස්මඩින් උඩට නැගෙමු. යයි පවසා මේ ගාථාව දෙසුහ -
පහන් සිත රකින්න. අප්රමාදී වෙන්න මඩේ ගැලුන ඇතා ගොඩට ආවා සේ තෙපිද කෙලෙස් දුදුලෙන් ගොඩ නැගෙව.
මාසිත තුළ හොවී කෙළෙසුන් වෙමින් ගුලී
උදුරා දැමීය යුතු වෙයි ලැබ ගනුව එලී
ගොඩ එන පරිදි මතැතෙකු මඩ වගුරෙ ගිලී
විදසුන් නැණින් නොපමාවෙන් සිදීමි යලී
උදුරා දැමීය යුතු වෙයි ලැබ ගනුව එලී
ගොඩ එන පරිදි මතැතෙකු මඩ වගුරෙ ගිලී
විදසුන් නැණින් නොපමාවෙන් සිදීමි යලී
එහි අප්පමාදරතා සිහියෙන් වෙන්ව නොසිටීමේ කැමැත්ත ඇත්තේ මව් සචිත්තං රූපාදී අරමුණුවල තමගේ සිතට කැමති පරිදි හැසිරීමට ඉඩ නොදෙව් සිත රකිව් දුග්ගා යම් සේ, පඞකෙසත්තෝ කුඤජරො අත් පා වලින් උත්සාහ කොට මඩවගුරෙන් උඩට විත් පොළවෙහි සිටින්නට සමත් ඇතා මෙන්, තෙපිද කෙලෙස් මඩින් අත්තානං උදධරථ තමන් ගොඩ වී නිර්වාණය නමැති ස්ථාලයෙහි පිහිටව් යන අර්ථයි.
දේශනාවසානයේ ඒ භික්ෂුහු අරිහත් ඵලයෙහි පිහිටියාහුය.
9-11. ප්රදේශවාසී පන්සියයක් භික්ෂූන්ගේ කථා පුවත
“සචෙ ලභෙථාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පාරිලෙය්යක ඇතාගෙන් උවැටන් ලබමින් ආරක්ෂිත වනයෙහි වැඩ සිටියදී බොහෝ භික්ෂූන් නිමිති කරගෙන දේශනා කරන ලදී.
කථා පුවත, යමක වර්ගයේ “පරෙචන විජානන්ති” යන ගාථාවර්ණනාවේ සඳහන් වන පරිදිය.
බුදුරජාණන් වහන්සේ ඇත් රජුගෙන් උවටැන් ලබා වසන ආකාරය මුළු දඹදිවම ප්රකට විය. සැවැත් නුවරින් අන්නේපිඩු විසාඛා මහා උපාසිකාව මේ ආදී මහ කුලයන් විසින් ආනන්ද තෙරුන්ට පණිවිඩයක් යැවුහ. ස්වාමීනි තථාගතයන් වහන්සේ අපට මුණගස්වන්න යනු වෙනි. දිසාවාසී පන්සියයක් භික්ෂූන් වස්වසා, ආනන්ද තෙරුන් වෙත එළඹ ආයුෂ්මත් ආනන්ද අපි බොහෝකාලයකින් බුදුන්ගෙන් බණ නොඇසුවෙමු. අපට ධර්මයක් අසන්න සලසා දෙන්නැයි ඉල්ලා සිටියහ. තෙරුන් වහන්සේ එම තෙරවරු ගෙන තුන්මසක් ඒකවිහාරීවු බුදුන් වෙත යාම සුදුසු නොවේ. යයි සිතා තනියම ආනන්ද තෙරුන් වැඩියහ. පාරිලෙය්ය ඇතා ඒ දැක දණ්ඩක් ගෙන පැන්නේය. එය තථාගතයන් දැක පාරිලෙය්ය අයින් වෙන්න ඉවත්වෙන්න එන්න. මේ බුද්ධ උපස්ථායකයයි පැවසුහ. හෙතෙම එකෙණෙහිම ලීදණ්ඩ විසිකොට ඉවතලා පා සිවුරු ගැනීමට ඉල්වීය. ස්ථවිරයෝ නුදු. ඇතා ද වත පිළිවෙත මැනවින් දැන ගත්තෙක් වන්නේය. ශාස්තෲන් වහන්සේ වැඩ සිටින ගල් තළාවේ තමන්ගේ පිරිකර නොතබන්නේ යයි සිතීය. ස්ථවිර තෙමේ පා සිවුරු බිම තැබීය. වත් සිරිත් දන්නා අය ගරු අසුන්හි හෝ ඇදෙහි හෝ තමන්ගේ පිරිකර නොතබති.
තෙරණුවෝ ශාස්තෲන් වැඳ එකත්පසෙක සිටියහ. ශාස්තෲන් වහන්සේ හුදෙකලාව තනිවම ආවේදැයි විචාළහ. භික්ෂූන් පන්සියයක් සමග ආවෙමි යයි කියා, දැන් ඒ අය කොහිදැයි විමසා, ඔබ වහන්සේ ගේ අදහස් නොදන්නා බැවින් පිටත නතර කර ආවෙමියි කීහ. ඒ පිරිස කැඳවාගෙන එන්නැයි කී විට ඔහු කැඳවුහ. ශාස්තෲන් වහන්සේ ඔවුන් සමඟ පිළිසදර කථාකොට ඒ මහණුන්, වහන්ස බුද්ධ සුකුමාල වු ද ක්ෂත්රිය සුඛුමාල වූ - ඔබ වහන්සේ විසින්, තෙමසක් එකම තැන සිටිමින්, නිදියමින් දුෂ්කර කාර්යයක්ම කරන ලද්දේ යයි කීහ. වත් පිළිවෙත් කරන්නෙක් ද නො සිටි බව හඟිමියි කී කල්හි, මහණෙනි පාරිලෙය්ය ඇතු ඒ සියළු කාර්යයන් කළේ යයි, ද මෙවැනි සහයක් ලබන්නෙකු සමග සිටීම, වසන්නට ලැබීම යහපත්ය. සුදුසුය එසේ නොලබන්නේ නම ඒකචාරීව තනිව හැසිරීම ශ්රේෂ්ටයයි පවසා මේ ගාථා වදාළහ -