අනතුරුව ඒ සාමනේර නම වයසට පත්ව මුහුකුරාගිය ඉන්ද්‍රිය ඇත්තේ අනභිරතියෙන් පෙළුන්නේ. අනභිරතිය දුරු කිරීම සඳහා උත්සාහ නොහැකි වන්නේ වැඩුනු කෙස්, නිය ඇතිව කිළිටි අඳන සිවුරු ඇතේ, කිසිවෙකුටත් නොදන්වා පාසිවුරු ගෙන හුදකලාව මවගේ නිවසට ගියේය, උවැසිය පුතු දැක වැඳ මෙසේ කීවාය. දරුව ඔබ පෙර දින ආචාර්ය උපාධ්‍යාය සමග හෝ කුඩා සාමණේර නමක් සමග වැඩියේය. අද එකලාව වැඩම කළේ කුමක් හෙයින්ද? උන්වහන්සේ කළකිරුන බව පැවසුහ. එම උවැසිය නොයෙක් ආකාරයෙන් ගිහිගෙයි වාසයේ ඇති ආදීනව දක්වා පුතාට අවවාද දුන්නේද දැනුමක් ඇතිකරන්නට අපොහොසත්ව තමන්ගේ ධර්මතාවෙන් හෝ තමන්ට හැකි පමණින් සලකනෙමැයි සිතා දරුව සිටින්න. ඔබට කැඳබත් සකස්කරමි. කැඳ බී කරන ලද බත් කිසෙන් පසුව, ඔබට කැමති වස්ත්‍රයක් දෙමි කියා අසුනක් පනවා දුන්නාය. සාමණේර නම වාඩි වුයේය. උවැසිය ඉතා ඉක්මනින් කැඳ හා සෑයුතු ද සපයා දු න්නේය. අනතුරුව බත් සපයා දෙමියි නොදුරේ සිටි සහල් සෝදයි. එකළ එම යක්‍ෂණිය සාමණේර නම කොහේදැයි කිසියම් භික්ෂාවක් ලබත්දැයි ආවර්ජනා කරන්නේ ඔහු සිවුරුහරනට සිටින බව දැන මට දෙවියන් ඉදිරියේ ලජ්ජා උපදවන්නේදැයි, යම් විකෘතියට. වෙනස්වීමට අනතුරක් කරනෙමියි සිතා පැමිණ සිරුරට අවේශ වී ගෙල හරවා කෙල වැගිරෙමින් බිම වැටුනි. උවසිය පුතාට සිදු වූ මේ විකාර දැක වේගයෙන් ගොස් පුතා වැළදගෙන උකුලෙහි නිදිකර වුවාය. මුළු ගම්වැසියන් පැමිණ බලිකම ආදිය කළහ. උවැසිය අඩමින් මේ ගාථාව පැවසුවාය -
යම් කෙනෙක් මසක් පාසා තුදුස්වක, තෙළෙස්වක, පසළොස්වක, හා සතවක, අටවක, නවවකත්, අෂ්ටාංග උපෝසථය රකින්ද, සෙසු පින්කම්වලත් යෙදේද, උන් හා සමග අමනුෂ්‍යයෝ සෙල්ලම් නොකරති. එහෙත් සානු සාමණේරයන් සමග අමනුෂ්‍යයෝ ක්‍රීඩා කරන බව පෙනේ. ඒ බව රහතුන්ගෙන් අසමු.
උපාසිකාවගේ ඒ වචනය අසා,
යම් කෙනෙක් පාටිහාරිය පක්ෂ උපෝසථය රකීද. අෂ්ටාංග උපෝසථය රකීද බ්‍රහ්මචරියාව රකීද. ඒ අය සමග අමනුෂ්‍යයෝ සෙල්ලම් නොකරති.
කියා මෙසේද කීය.
සානු තෙරණුවෝ බුදුන් අත්හරියි. කිසිදු පාප කර්මයක් විවෘතව හෝ රහසින් වත් නොකළ යුතුය.
යම් කිසිවෙක් පව්කම් කරන්නේ ද කරවන්නේද, ශාසනයෙන් පිරිහී පව්කම් කරන්නට අපි දුක් පමුණුවමු - එසේ නොවන්නේ නම් අපි පලායමු මේ යක්ෂණියගේ වචනයයි.
මෙසේ පව්කම් කොට පක්ෂියෙකු මෙන් ඉගිල යන්නෙකුට වුවද මෝක්ෂය නම් නැත්තේය. කියා යකින්න සාමණේරයන් මිදුවාය. හෙතෙම ඇහැර බලා හිස කෙස් විසුරුවාගෙන හුස්ම ඉහළ පහළ හෙළමින් හඩන්නා වූ මව ද, රැස්ව සිටින ගමේ මිනිසුන් ද දැක. තමන් යක්ෂණියක විසින් ගත් බව නොදැන. මම කලින් පුටුවේ ඉඳගෙන සිටියෙමි. අම්මා සමීපයේ හාල් ගරමින් සිටියාය. දැන් වනාහී බිම වැතිරී සිටින්නේ මන්දැයි මවගෙන් විමසන්නේ,
මෑණියනි යමෙක් එකෝ මළ කෙනෙකු වෙනුවෙන් හඩති. නැතිනම් නොදක්නා කෙනෙකු වෙනුවෙන් හඩති. මා මළේ නැත. නො පෙනෙන සේ දුරගියේත් නැත. එසේ හෙයින් කවර හෙයින් අඬන්නේද? ඇසීය.
ඉක්බිති මව වස්තුකාම ක්ලේශකාම හැර පියා සසුනෙහි පැවිදිවී, නැවත වෙනස් වීමට සිවුරු හැරීමට ආ ගමන්නේ ආදීනව දක්වමින් මෙසේ කීවාය.
මළගිය අය වෙනුවෙන් හඬති. නොදක්නා අය වෙනුවෙන් හඬති. යමෙක් ගිහිගෙයි වාසය හැරපියා පැවිදි වුයේ ද ඔහු නැවත සිවුරු හරීද, ඔහු නොමළේත් මළා වේ. ශාසනයෙන් ඔහු මළා වේ. එබැවින් මම හඩමි.
මෙසේද කියා ගෘහවාසය ගිනිගොඩක වාසය මෙන්ද නරකාදියක වාසය මෙන්ද උපමා කොට. ගෘහවාසයෙහි ආදීනව දක්වන්නේ නැවත මෙසේ කිවාය.
දරුව, ගිනි ගොඩකින් නික්මුණු ඔබ නැවත ගිනි ගොඩට පනින්න කැමති වේද නරක දුකින් මිදුණු ඔබ නැවත නරකයට අපායට වැටෙන්නට කැමති වේද?
දරුව ඔබට යහපතක් වේවා. මා විසින් මගේ පුතා ගිනිගෙන දිලියෙන්නා වූ ගෙයකින් වටිනා භාණ්ඩයක් ඉවත් කරන්නාසේ බුදු සසුනෙහි පැවිදි කරවුයෙමි. ඔබ නැවත ඒ ගිනි ගොඩ වූ ගෘහවාසයට බසින්නට කැමති වෙහිද මේ කාර්යයෙන් කාහට අවමන් කරන්නේ කවුරු අවමන් විදින්නේන්ද, මේ අවමන් විදීම දැක්වීමට මේ ගාථාව කීවාය -