6. පසේනදී කොසොල් රජුගේ කථා පුවත
“මිදඨියදා-ති ” මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පසේනදි කොසොල් රජ නිමිතිකරගෙන දේශනා කළහ.
එක් සමයෙක රජු සහල් දෝණයක බත් ද, එයට අනුරූප සුප ව්යාඝජනද අනුභව කරයි. ඔහු එක් දිනක් ගන්නාලද උදේ ආහාර ඇත්තේ බත් මතය දුර නොකරම බුදුන් වෙත ගොස් ක්ලාන්ත වුයේ ඔබමොබ පෙරළෙයි. (නිද්දෙන්) නිදිමතින් පෙළුනේ කෙලින් සිටගැනීමට අපහසුවුයේ එකත් පසෙක හොත්ය. ඉක්බිතිවැ ශාස්තෲන් වහන්සේ මෙසේ ඇසීය. ඇයි මහරජ විවේක නොගෙනම ආවේද? එසේය ස්වාමීනි බත් කැ වේලේ පටන් මට මහා දුකක් ඇතිවේ. එහිදී ශාස්තෲන් වහන්සේ මහරජ බොහෝ කොට ආහාර ගැනීමේ දී මේ දුක ඇති වේ කියා මේ ගාථාව වදාළහ -
උගුර ළඟටම අහර වළඳා
කුසීතව ඇති කුසල වළකා
නිදන ඌරෙකු වගේ තැවෙනා
මෝඩයා නිවනට නොයේ
කුසීතව ඇති කුසල වළකා
නිදන ඌරෙකු වගේ තැවෙනා
මෝඩයා නිවනට නොයේ
යමෙක් මැලි ගතියෙන් යුක්ත වුයේද, බොහෝ කොට කයි ද, ඒ මේ අත පෙරලෙමින් නිදයි ද, ඌරු අහරින් තරවු ඌරෙකු වැනි, ඒ මෝඩයා සසරින් එතෙර වන්නේ නැත.
එහි විද්ඨි ථීන මිද්ධයෙන් පෙළුනේ - මහග්ඝසො මහා භොජනො - ආහාර හත්ථක - නැගිට සිටින්නටත් බැරි වනසේ කෑම කන පුද්ගලයා අලංසාටක - ඉන්නේ වස්ත්‍රය තබා ගැනීමට වත් බැරිවන සේ කෑම කන පුද්ගලයා තත්‍රවට්ටක - සිරුර දරාගත නොහැකිවන තරමට කෑම ගෙන පෙරලී පෙරලී සිටින තැනැත්තා. කාක මාසක - කපුටන්ට හොට දමාගත හැකි සේ උගුර ළඟටම කෑම කන තැනැත්තා භූත්තවමිතක - කෑම කෑ තැනම වැමෑරීමට තරම් කෑම කන අය යන මෙයින් එකකුසේ නිවාත පුට්ඨාති - කුණ්ඩකාදි සූකර බතින් ස්පර්ශ වුයේ, ගෙවල ඌරෝ ළපටි කාලයේ සිට පෝෂණය කළවිට මහත් වූ විට ගෙයින් පිටතට යා නොහැකි වන්නේ ඇදන් යට පෙරලී පෙරළී ආශ්වාස ප්‍රශ්වාස කරමින් නිදයි. මේ කියන ලද පරිද්දෙන්ම පුරුෂයාද බත් මතයෙන් මත් වී අලස වී මහ ඌරෙකුසේ අනෙක් ඉරියවලින් සිටීමට නොහැකේ, නිදන සුළු ම වේ. සමපරිවත්ත සායී එබඳු තැනැත්තාට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රි ලක්ෂණ සිහිකරන්නට නොහැකිවන්නේ ය. ඔවුන්ට යහපත් සිහිය නැත්තේ මෝඩයෙක්ම වෙති. පුනප්පුනං ගබ්හං උපෙති නැවත නැවතත් මව්කූසයක්හිම උපදිත් (සසර කෙළවර නොවේ) දේශනාවසානයේ ශාස්තෲන් වහන්සේ රජුට උපකාර වසයෙන් -
“මනුජස සදා සතීමතො මත්තං, ජානතො පද්ධ භොජනෙ
තනුතස්ස භවනති වේදනා, සනිකං ජීරති ආයු පාලයනති”
තනුතස්ස භවනති වේදනා, සනිකං ජීරති ආයු පාලයනති”
මේ ගාථාව වදාරා, එය උත්තර මානවකයාට උගන්වා, මේ ගාථාව රජුන් ආහාර ගන්නා වේලාවේ. කියැයි වදාළහ. මේ උපායෙන් ආහාර අඩු කිරීමේ ක්‍රමය උපායානු කූලව වදාළහ. හෙතෙමේ ද එසේ කළේය. රජු එයින් මතු දිනයෙක නැළියක පමණ බත දක්වා ආහාර වේල අඩුකොට සැහැල්ලු සිරුරින් යුතුව, සුවයට පැමිණ, ශාස්තෲන් වහන්සේ කෙරෙහි උපන් විශ්වාසයෙන් යුතුවැ ශාස්තෲන් වෙත අසදෘස දානය පැවැත්වීය. අනුමෝදනාව ඇසීමට පැමිණි මහාජනයා මහත් විශේෂතාවයන්ට පැමිණියාහුය.
7. පස්වනි වු සානුසාමණේරයන් වහන්සේ පිළිබඳ කථා පුවත
“ඉදං පුරෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සානු” සාමණේර තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු එක් උපාසිකාවකගේ එකම පුත්‍රයායි. ඉක්බිති ඇය ඔහු ළමා කාලයේදීම පැවිදිකරවීය. ඔහු පැවිදිකළ තැන් පටන් සිල්වත් වුයේය, වත් සම්පන්න වුයේ. ආචාර්ය උපාධ්‍යාය වත් ද, ආගන්තුක වත් ද හොඳින් ඉටුකළේය. මාසයේ දින අටක් උදේම අවදි වී පැන් මළුවේ ජලය තබා බණ දෙසන මළුව අතුගා පහන් දල්වා මිහිරි ස්වරයෙන් ධර්ම දේශනය සදහා අඩ ගසයි. භික්ෂූන් වහන්සේලා ඔහුගේ උත්සාහය දැන පද භාගය (බණ කියැන්නැයි) සාමනේර හටම දැන් මගේ හද රිදේ. කය පීඩාදේ ආදී කිසියම් ප්‍රතිකාරයක් නොකොට ධර්මාසනයට නැග අහස් ගඟ ගලා බස්නා ලෙස ධර්මය දේශනා කර වඩින්නේ. මගේ දෙමාපියන්ට මේ පිං අනුමෝදන් කරමියි කියයි. ජීවතුන් අතර සිටින ඔහුගේ දෙමාපියෝ මෙසේ පින් දුන් බව නො දනිති. ඔහුගේ දෙවැනි ආත්ම භාවයක මවක් යකිනියක්ව උත්පත්තිය ලබා සිටියාය. ඕතොමෝ දේවතාවන් සමග පැමිණ බණ අසා සාමණේර භික්ෂුව විසින් දෙන ලද පින් අනුමෝදන් වෙමියි. දරුව කියයි. සිල්වත් වු භික්ෂුව දෙවියන් සහිත ලෝකයාට ප්‍රිය වේ. එම සාමණේරයන් කෙරෙහි ලජ්ජා බුහුමන් ගෞරව සහිතව මහා බ්‍රහ්මයන් මෙන් ද ගිනි කඳක් මෙන්ද සිතයි. සාමණේරයන් කෙරෙහි ගෞරවයෙන් එම යක්ෂණිය ගරු කොට බලයි ධර්මශ්රවණ යක්ෂ සමාගම ආදියේ දි සානු මාතා හෝ යයි කියා ඒ යක්ෂණියට - අග්‍ර ආසනය, අග්‍ර දිය, අග පිණ්ඩය දෙති. මහේක්ෂාඛ්ය යක්ෂයෝ ඇය දැක මාර්ගයෙන් මැත්වෙති. අසුනෙන් නැගිටිති.
අනතුරුව ඒ සාමනේර නම වයසට පත්ව මුහුකුරාගිය ඉන්ද්රිය ඇත්තේ අනභිරතියෙන් පෙළුන්නේ. අනභිරතිය දුරු කිරීම සඳහා උත්සාහ නොහැකි වන්නේ වැඩුනු කෙස්, නිය ඇතිව කිළිටි අඳන සිවුරු ඇතේ, කිසිවෙකුටත් නොදන්වා පාසිවුරු ගෙන හුදකලාව මවගේ නිවසට ගියේය, උවැසිය පුතු දැක වැඳ මෙසේ කීවාය. දරුව ඔබ පෙර දින ආචාර්ය උපාධ්‍යාය සමග හෝ කුඩා සාමණේර නමක් සමග වැඩියේය. අද එකලාව වැඩම කළේ කුමක් හෙයින්ද? උන්වහන්සේ කළකිරුන බව පැවසුහ. එම උවැසිය නොයෙක් ආකාරයෙන් ගිහිගෙයි වාසයේ ඇති ආදීනව දක්වා පුතාට අවවාද දුන්නේද දැනුමක් ඇතිකරන්නට අපොහොසත්ව තමන්ගේ ධර්මතාවෙන් හෝ තමන්ට හැකි පමණින් සලකනෙමැයි සිතා දරුව සිටින්න. ඔබට කැඳබත් සකස්කරමි. කැඳ බී කරන ලද බත් කිසෙන් පසුව, ඔබට කැමති වස්ත්‍රයක් දෙමි කියා අසුනක් පනවා දුන්නාය. සාමණේර නම වාඩි වුයේය. උවැසිය ඉතා ඉක්මනින් කැඳ හා සෑයුතු ද සපයා දු න්නේය. අනතුරුව බත් සපයා දෙමියි නොදුරේ සිටි සහල් සෝදයි. එකළ එම යක්ෂණිය සාමණේර නම කොහේදැයි කිසියම් භික්ෂාවක් ලබත්දැයි ආවර්ජනා කරන්නේ ඔහු සිවුරුහරනට සිටින බව දැන මට දෙවියන් ඉදිරියේ ලජ්ජා උපදවන්නේදැයි, යම් විකෘතියට. වෙනස්වීමට අනතුරක් කරනෙමියි සිතා පැමිණ සිරුරට අවේශ වී ගෙල හරවා කෙල වැගිරෙමින් බිම වැටුනි. උවසිය පුතාට සිදු වූ මේ විකාර දැක වේගයෙන් ගොස් පුතා වැළදගෙන උකුලෙහි නිදිකර වුවාය. මුළු ගම්වැසියන් පැමිණ බලිකම ආදිය කළහ. උවැසිය අඩමින් මේ ගාථාව පැවසුවාය -