4. හස්ති ශිල්පය දත් භික්ෂුවගේ කථා පුවත
“නහි එතෙහිති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩසිටියදී පැවිදිවීමට පෙර දක්ෂ ඇත් ගොවිවෙක් වූ එක් භික්‍ෂවක් නිමිති කරගෙන දේශනා කළහ.
ඒ භික්ෂුව එක් දිනක් අචිරවතී නදීතෙර ඇතුන් මෙල්ල කරන්නෙක්, එක් ඇතෙකු දමනය කරන්නෙමියි තමන් කැමති කාරණය ඉගැන්වීමට නොහැකිවනු දැක ලඟ සිටි භික්ෂුවක් අමතා මෙසේ කීවේය. ඇවැත්නි. ඉදින් මේ ඇතුන් දමනය කරන්නා මේ ඇතාගේ අසවල් නිලය බලා අසවල් තැනට ඇන්නේ නම් මේ ඇතා දමනය වන්නේ යයි කීය. ඇත් හික්මන්නාද, ඒ භික්ෂුව කී කථාව අසා ඒ කියූ අයුරින්ම නිල බලා ඇන ඇතා මැනවින් දමනය කළේය. එම භික්ෂුහු එම පුවත තථාගතයන්ට දැනුම් දුන්හ. බුදුහු එම භික්ෂුව කැඳවා ඔබ මෙය කෙළේදැයි විමසා ස්වාමීති ඇත්තයයි පැවසුවිට ගරහාකොට ඇයි හිස් පුරුෂය, ඇත් යානයක හෝ අනෙක් යානයක් නොව තමන්ම දමනය කරගැනීමෙන් මෙතෙක් නොගිය විරූ තැන කට යාම සුදුසුය. මේ නිසා තමන්ටම දමනය කර ගන්න. වෙනත් අය කුමකට දමනය කරනේන්ද? මෙසේ පවසා මේ ගාථාව පැවසුහ.
අරියමග අනුව ගිය
මහරහතන් වහන්සේ
යානාවෙන් නොයන
නිවන් මගට පිවිසියේවේ.
දැමුණා වු තැනැත්තා ආර්යයන් වහන්සේ මනාව දැමුණා වු සිත නිසා නිවන දෙසට යම් සේ යයිද, මේ ඇත් අස් ආදී යානාවලින් එහි යා නොහැකිය.
මෙබඳු වු ඇත් යානාදියෙන් න-එතෙහි යානෙහි කිසියම් පුද්ගලයෙකුට සිහිනෙන්ද එහි නොයා හැකිය. අගතං දිසං නො ගිය දිසාව වු නිවණ දිසාවට තථා එසේ යා යුතුය. පූර්වභාගයෙහි පළමුව ඉන්ද්‍රිය දමනයෙන්ද, දන්තෙතන අපරභාගයෙහි (දෙවනුව) ආර්ය මාර්ග භාවනාවෙන්ද, සුදන්තෙන අත්තනා මැනවින් දැමුණු නිවන් සෙවුනාවු, ප්‍රඥාවන්ත පුද්ගලයා, ඒ නොගිය දිසාව වූ නිවණට ගචඡනති පැමිණෙතී. එහෙයින් ආත්ම දමනය සදහාම හැසිරෙත් යන අර්ථයි.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ගඵලට පැමිණියාහුය.
5. එක්තරා බ්‍රාහ්මණයකුගේ පුතුන් පිළිබඳ පුවත
“ධනපාලකොති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර වැඩසිටියදී එක්තරා බ්‍රාහ්මණ පුත්‍රයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර එක් බ්‍රාහ්මණයෙක් ලක්‍ෂ අටක මහත් සම්පත් ඇතිව වයසට පත් පුතුන් සතර දෙනාම ආවාහ කර එක් අයකුට ලක්ෂය බැගින් ලක්‍ෂ හතරක් දුන්නේය. අනතුරුව බැමිණිය කළුරිය කළවිට පුත්තු මෙසේ කතිකා කළහ. ඉදින් පියා අනෙක් බැමිණියක් ගෙනෙන්නම්, ඇගේ කුසේ උපන් අය වශයෙන් කුලය බිදේ - අප ඔහු බලාහදාගෙන උවැටන් කරන්නෙමු ඔහුට ප්‍රනීත ආහාරපාන වලින් සංග්‍රහ කරයි. අත්පා මිරිකීම්, පිළිදැගුම් කීරිම් ආදිය කොට උවටැන් කර එක් දිනක් බමුණා දවල් නිදා අවදි වුවහුට අත්පා සම්බාහනය කරමින් ගෙදර දුක් ආදිය කියා “අපි ඔබට මේ ආකාරයෙන් දිවි ඇතිතෙක් උවටැන් කරන්නෙමු” ඉතිරි ධනයද අපට දෙන්නැයි ඉල්ලූහ. බ්‍රාහ්මණයා නැවත එකිනෙකාට ලක්‍ෂයක් බැගින් දී තමන්ට අදින පොරවන පමණක් තබාගෙන සියළු උපභෝග පරිභෝග ද කොටස් හතරක් කර පවරා දුනි. ඒ දෙටුපුතා දින කීපයක් උවටැන් කළේය. අනතුරුව එක් දිනක් බමුණා දිය නා එනවිට දොර කොටුවේ සිටි ලේලිය මෙසේ කීවාය. ඔබ විසින් දෙටුපුතාට සීයක්ලෝ දහසක් හෝ අතිරේක යමක් දුන්නේද? හැම දෙනාටම ලක්‍ෂ දෙක බැගින් දුන්නේද? ඇයි අනෙක් පුතුන්ගේ නිවෙස්වලට යාමට මාර්ගය නො දන්නේද? විමසීය - ඔහුද වසලීයයි කිපී අනිකෙනෙකුගේ ගෙට ගියේය. එහි ද දින කීපයට පසු මෙබඳු උපායෙන් පලවා හැරියේ අනෙකා ගේ ගෙටගියේය. මේලෙසට එක ගෙයකටද පිවිසීමට නොලැබ පඬරඩග පැවිද්දෙන් පැවිදි වී මහමග සිගාකන්නෙකු වී භික්‍ෂාවේ යෙදෙමින් කල් ගෙවුන පසු, ජරාවෙන් දිරාගියේ නරක භෝජන නරක සයන ආදීයෙන් මැලවුන ශරීර ඇතිව භික්‍ෂවේ යෙදෙන්නටද අපොහොසත්ව අවුත් පිලේ නිදා ගෙන අවදිවී, වාඩී වී සිටියේ තමන් දෙස බලා දරුවන් ගෙන් තමන්ට පිහිටක් නොලබන්නේ මෙසේ සිතුවේය. භවත් ගෞතමයන් වෙත ගිය හොත් හේ බැම නොහකුළා උඩුකුරු නොකොට - සිය මුහුණු ඇතිව පිළිසඳර කථාවේ දක්‍ෂ වු භවත් ගෞතමයන් වෙත එළඹ පිළිසඳරක් ලබමියි, ඔහු අඳින පෙරවන සළුව තබා භික්ෂා භාජනය ගෙන දණ්ඩක් අතින් ගෙන බුදුන් වෙතට ගියේය. මෙසේ ද කීය.
ඉක්බිති එක්තරා බමුණු මහසල් කෙනෙක් රූක්ෂ වු පොරෝණාද ගෙන, දුකට පත්ව බුදුන් යම් තැන කද එතැනට එළඹුනි” බුදුහු එකත් පසෙක සිටි ඔහු සමග පිළිසඳර කථාකොට මෙසේ වදාළහ. කුමක්නිසා බ්‍රාහ්මණය ඔබ රූක්‍ෂ වුයේ, කටුක වු දිවියක් ගෙවන්නේ ඇයි භාග්‍යවත් ගෞතමයන් වහන්ස, මට පුත්තු සිව් දෙනෙකි. ඔවුන් භාර්යාවන් හා කථාකොට ගෙවලින් බැහැර කළාහුය. එසේ නම් බ්‍රාහ්මණය මේ ගාථාව සම්පුර්ණ කර මහජනයා රැස් වු කල සභාවක පුතුන්ද සිටි අවස්ථාවක කියන්න.